Author: Stanly Kularathna
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග නීති 3ක් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.එම සංශෝධනය ලබන ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ පිරිමි හා කාන්තා ක්‍රිකට් කමිටුව විසින් ලබාදුන් නිර් දේශ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව අනුමත කිරීමත් සමගය. ඒ අනුව පිටියේ විනිසුරුවන් විසින් පන්දු රකින්නෙක් උඩපන්දුවක් රැකගත් බව අපැහැදිලි නම් එය තෙවන විනිසුරුට යොමු කිරීමේදී ඊට අදාළව පිටියේ විනිසුරුවන්ගේ මතය ප්‍රකාශ කිරීම (Soft signal) අවශ්‍ය නොවෙයි. එමෙන්ම ක්‍රීඩා පිටියේ අධි අවදානම් අවස්ථාවන්හීදී හිස් ආවරණ පැළඳීම අනිවාර් ය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අනුව පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන විට, කඩුලු රකින්නන් කඩුල්ල අසලට පැමිණ කඩුලු…
විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ඇමරිකාවේ සිට පැමිණි යුවළකට අයත් ඇඳුම් ආයිත්තම් බෑගය ගුවන් තොටුපළේ බෑග් කවුන්ටරයේදී සොරකම් කළ පුද්ගලයකු පැය හතළිස් අටක් ගත වන්නට පෙර මාවනැල්ලෙන් කොටු කරගෙන ඇත. එම බෑගයේ තිබූ රුපියල් ලක්ෂ තුන හමාරකට අධික වටිනාකමකින් යුත් එක් ඇඳුම් කට්ටලයක් වැල්ලම්පිටියේ පුද්ගලයකුට රුපියල් දෙදහසකට විකුණා තිබියදී සොයාගෙන ඇත. රුපියල් දෙදහසට එය මිලදී ගත් පුද්ගලයා එය රුපියල් 4500කට වැල්ලම්පිටියේදී ඇඳුම් කුලියට දෙන තැනකට විකුණා තිබී ඇත. මෙම ඇඳුම් බෑගය නැතිවීම සම්බන්ධව හිමිකරුවා විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත ගුවන් තොටුපොළ ආරක්ෂක ඒකකයේ සතු CCTV කැමරා ඒකකය මගින් සැකකරු හඳුනා ගැනීමට…
දින වෙන්කරගැනීමකින් තොරව විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවට දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, දැනට සේවා සපයනු ලබන්නේ මීට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයට පමණක් බවයි. ඉදිරි සති දෙක තුළ විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව නිවාඩුවට මෙරට සිටින අයට, විදේශගතව සිටින හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අයට සහ වෙනත් කිසියම් හේතුවක් නිසා වහාම පිටත්ව යාමට අවශ්‍ය අයට අදාළ ලිපි ලේඛන සමඟ එම දෙපාර්තමේන්තුවට පැමිණිය හැකි බවද ඔහු පැවසීය.
උපදේශන සමාගමක් වන Nomad Capitalist විසින් සම්පාදනය කරන ලද දර්ශකයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රය ලොව බලවත්ම ලේඛනය ලෙස නම් කර තිබෙනවා. එමරාති විදේශ ගමන් බලපත්‍රය මේ වසරේ පළමු වරට ලොව පළමු 10 දෙනා අතරට ඇතුළු විය – පසුගිය වසරේ 35 වැනි ස්ථානයේ සිට එක්වරම අංක එකේ ස්ථානයට පැමිණ ඇත. මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රයක් මගින් ලබා දෙන සංචාරක නිදහස, “රටේ ව්‍යාපාරික හිතකාමී පරිසරය සහ අපේක්ෂා කළ හැකි බදු ක්‍රමය” යන දර්ශකයන්ට අනුව ය. Nomad Capitalist විසින් ඉදිරිපත් කල, රටවල් 199 ක විදේශ ගමන් බලපත්‍ර සඳහා දර්ශකය ලෝකයේ හොඳම පුරවැසිභාවය පෙන්නුම් කරයි.…
අබුඩාබි පොලිසිය එක්සත් අරාබි එමීරයේ මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීමට ඉදිරි මාර්ග අනතුරු සහ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව රියදුරන්ට දැනුම් දීම සඳහා වර්ණ විදුලි පහන් භාවිතා කරමින් සියලුම ප්‍රධාන මහාමාර්ග හරහා නව මාර්ග අනතුරු ඇඟවීමේ පද්ධතියක් දියත් කර ඇති අතර අබුඩාබි මාධ්‍ය කාර්යාලය විසින් ට්විටර් මගින් බෙදාහැරි වීඩියෝවක මෙසේ දැක්වේ. විදුලි පහන් සූර්ය ශක්තියෙන් මෙන්ම අභ්‍යන්තර බැටරි වලින් බල ගැන්වේ. මෙම දිලිසෙන වර් ණ දිවා රාත්‍රී කාලයේ දී මීටර් 200ක දුර සිට පහසුවෙන් දැකගත හැකිය.
ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නව මෙට්‍රෝ සම්බන්ධක බස් මාර්ග 3 ක් මැයි 19 වන දින සිට දියත් කිරීමට නියමිතයි. දේශීය බස් ජාලයේ ප්‍රවේශය පුළුල් කිරීම සහ එමීර් රාජ්‍යයේ අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් සමඟ, විශේෂයෙන් ඩුබායි මෙට්‍රෝව සමඟ ඒකාබද්ධ වීම වේගවත් කිරීම මෙම පියවරේ අරමුණයි. එම දිනයේ සිටම තවත් සමහර ධාවන මාර්ගවල වැඩිදියුණු කිරීම් හඳුන්වා දෙනු ලබනවා. ගමන් මාර්ගය කෙටි කිරීම සඳහා RTA විසින් F47 මාර්ගය Dubai Investment Park මෙට්‍රෝ දුම්රිය ස්ථානයෙන් අවසන් කරනු ලබනවා. Dubai Investment Park වෙත යන අය දැනට පවතින F51, F50, F48 සහ F46 මාර්ග භාවිතා කළ යුතුය. ගමන් කාලය අඩු කිරීම සඳහා මාර්ග අංක 50…
සම්බුදු තෙමගුල සැමරුමට සමගාමීව ඩුබායි දම්දිය මහා විහාරය ඩුබායි දේශයේ ප්‍රථම වතාවට ඉදිරිපත් කරණු ලැබූ ඩුබායි බොදු ගී සැඳෑව පසුගියදා විශාල සැදැහැවත් ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ඩේරා ද බ්‍රිස්ටල් හොටෙල් පරිශ්‍රයේදී ගීතවත් වුවා. පින්බර වෙසක් සමය තුල විඩාබර සිත් සතන් නිවා සුවපත් කරන බොදු ගී එකතුවක මිහිර අත්විදිමින් ඒකාත්මික වන්නට, ඩුබායි දම්දිය මහා විහාරයේ නිර්මාතෘවර පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහසේගේ අනුශාසකත්වයෙන් සංවිධානය වූ මෙම බොදු ගී සැඳෑව, සුමිහිරි ගීත ගායනයෙන් වර්ණවත් කලේ ප්‍රවීන සිනමා නිලී සහ ගායිකා උමාලි තිලකරත්න, ජනප්‍රිය ගායක ඉඳුනිල් අන්දරමාන්න සහ කෙටිකලකින් ජනාදරයට පත්‍ර වූ ගායිකා නුවන්ධිකා සේනාරත්න විසින් වූ අතර සංගීතවත් කලේ ඩවුන්ටවුන් වාද්‍ය වෘන්දය විසිනි. ඉදිරිපත් කිරීම සමීර…
ඩුබායි හි ටොල් ගේට් ක්‍රියාකරු සාලික් 2023 පළමු කාර්තුව සඳහා ඩිරාම් මිලියන 275 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව නිවේදනය කර තිබෙනවා. එය 2007 වසරේ මෙහෙයුම් ආරම්භයේ සිට කාර්තුමය වශයෙන් ආදායමේ ඉහළම මට්ටම වාර්තා කළේ, පිළිවෙලින් සංචාර මිලියන 113.6 ක් සහ ඩිරාම් මිලියන 454 ක් ලෙස වේ. කොවිඩ්-19 සීමා සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසු ඩුබායිහි සාමාන්‍ය පරිදි ව්‍යාපාර ක්‍රියාත්මක වීම, සංචාරක ක්‍රියාකාරකම් වැඩිවීම මෙන්ම වාණිජමය ශක්තිමත් වර්ධනය හේතුවෙන් මුළු ආදායමට 87 % කින් දායක වූ ගාස්තු භාවිත ආදායම වසරින් වසර 7.9% කින් වැඩි විය. ඩුබායි ෆිනෑන්ෂල් මාර්කට් විසින් ප්‍රකාශයට පත් කරන ලද හෙළිදරව්වකින් කියැවෙන්නේ, සාලික් කාර්තුව තුළදී ඩොලර් මිලියන 275 ක…
මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පළමු ස්වයංක්‍රීය විදුලි ආබ්රාවල අත්හදා බැලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, එක්වර මගීන් අට දෙනෙකු යාත්‍රාවේ රැගෙන යා හැකිය. මෙම යාත්‍රාව RTA හි Al Garhoud සමුද්‍ර නඩත්තු මධ්‍යස්ථානයේ දේශීයව නිෂ්පාදනය කරන ලද අතර, අබ්රාහි උරුමය අනන්‍යතාවය ආරක්ෂා කරන ලෙස නිෂ්පාදනය කොට ඇත. මෙම අබ්රාහිහි ආරම්භක ගමන අල් ජඩාෆ් දුම්රිය ස්ථානයේ සිට ඩුබායි ක්‍රීක් හි Festival City දක්වා සිදු විය. RTA හි විධායක අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති අධ්යක්ෂ ජනරාල් Mattar Al Tayer පැවසූයේ: “ස්වයංක්‍රීය විදුලි Abra හි ක්‍රියාකාරිත්වය ඩුබායි හි ස්වයං-රිය පැදවීමේ ප්‍රවාහන උපායමාර්ගය සාක්ෂාත් කර ගැනීමට RTA දරන උත්සාහයට අනුකූල වන අතර එය 2030 වන විට…
ජාත්‍යන්තර ආයතන කිහිපයකට අනුව සේවක දක්ෂතාවය, ආකර්ශනීය බව, කම්කරු ආරවුල් නොමැතිකම සහ තවත් බොහෝදේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලොව ඉදිරියෙන්ම සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සංවිධාන සහ ආයතන විසින් නිකුත් කරන ලද ගෝලීය ශ්‍රම වෙළඳපොළ දර්ශක කිහිපයක නව ජයග්‍රහණයක් තුළින් එහි ප්‍රමුඛතම සංවර්ධනය සඳහා වූ ගෝලීය තත්වයන් පිළිබිඹු කරයි. එක්සත් රාජධානියේ Legatum ආයතනය විසින් නිකුත් කරන ලද Global Prosperity Index 2023 ට අනුව UAE Talent Attractiveness Index හි ගෝලීය වශයෙන් පළමු ස්ථානයට පත් විය. Switzerland’s International Institute for Management Development (IMD) විසින් නිකුත් කරන ලද World Competitiveness Yearbook 2022 හි දර්ශක කිහිපයක් හරහාද UAE ලෝකයේ ඉදිරියෙන් සිටී. මෙම දර්ශකවලට…