Author: Stanly Kularathna

මැදපෙරදිග කලාපයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි ප්‍රමුඛ පුවත්පතක් වන කලීජ් ටයිම්ස් හි One-on-One විශේෂාංගය වෙනුවෙන් එය මෙහෙයවූ ටනීෂා ගලෝට් වෙත අදහස් දක්වමින් ​ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි ශ්‍රී ලංකා ​තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා ශ්‍රී ලංකාව වෙ​ත සංචාරකයින් නැවත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාවේ නව වැඩපිළිවෙළ ගැන අදහස් දැක්වූවා. ටනීෂා : ​ආයුබෝවන්, කලීජ් ටයිම්ස් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අප සමඟ අතිගරු උදය ඉන්ද්‍රරත්න මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා. ඔහු සමහරක් කරුණු ගැන අපිත් එක්ක කතා කරන්නයි යන්නේ. ඒ ශ්‍රී ලංකාව විසින් සිදු කරන සංචාරක මුලපිරීම්, සංචාරකයින් රටට ආකර්ෂණය කර ගැනීම පිළිබඳ​ව. වත්මන් ආර්ථික අර්බුදයෙන් පටන් ගනිමු. එය…

Read More

ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) අනුබද්ධිත ආයතනයක් වන ඩුබායි ටැක්සි කෝපරේෂන් (DTC), සිසුන් 20,000කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව රජයේ පාසල් 58ක් එහි පාසල් බස් යෙදුමට (DTC School Bus App) ඒකාබද්ධ කිරීම ආරම්භ කර තිබෙනවා. මෙම පියවර එමීර් රාජ්‍යය පුරා රජයේ පාසල් වෙත සිය සේවාවන් ව්‍යාප්ත කිරීමේ DTC හි සැලසුමේ කොටසකි. වර්තමානයේ, DTC හි පාසල් බස් රථ මාර්ග 800 ක පමණ ප්‍රවාහන සේවා සපයයි. “DTC හි School Bus” යෙදුමේ සේවාවන්ට සිසුන් ලියාපදිංචි කිරීම සහ පාසල් වෙත සහ පිටතට යන බස් රථ ගමන් කිරීම නිරීක්ෂණය කිරීමට දෙමාපියන්ගේ ලියාපදිංචිය ඇතුළත් වේ. සිසුන් පාසලට හෝ නිවසට පැමිණෙන විට අනපේක්ෂිත මාර්ග තදබදයක් ඇති වූ විට…

Read More

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලයී​ය ආදි ශිෂ්‍යයන්ගේ UAE මහා ක්‍රිකට් ගැටු​ම 2023 මැයි 6 වෙනි සෙනසුරාදා සවස 5:00 ට ­­­සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වෙනවා. මෙම තරගය පවත්වනු ලබන්නේ සාර්ථක දෙවන වතාවටයි. මෙම ක්‍රිකට් තරඟයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය කන්ඩායමේ නායකත්වය උපේක ජයවර්ධන විසින් දරන අතර මාතර රාහුල විද්‍යාලයී​ය කන්ඩායමේ නායකත්වය චතුර පලිහක්කාර විසින් හොබවනවා. මීට පෙර පැවති තරඟ​ය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයී​ය කණ්ඩායම විසින් ජයග්‍රහනය කොට තිබෙනවා. තරඟ​ය නරඹන අතරවාරයේදී ශ්‍රී ලාංකීය අවන්හලක අලෙවිසැලකින් ප්‍රනීත ආහාර රසවිඳීමටත්, තරඟය පුරාවට CRICHEROES APP මගින් මාර්ගගත ලකුණු සටහන් කිරීම​ට එක්වීමටත්, සජීවී​ YOUTUBE තර​ඟ​ විකාශය යෝධ තිර මත නැරඹීමටත්, ප්‍රවීණ ක්‍රිකට් විචාරකයින්…

Read More

බැංකු, මූල්‍ය, සෞඛ්‍ය, තෙල් සහ ගෑස් යන අංශ වඩාත් ඉලක්ක කර ඇති නමුත් රටේ ඩිජිටල් ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරීව සහ කාර්යක්ෂමව ප්‍රතික්‍රියා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් ආරක්ෂණ ප්‍රධානී මොහොමඩ් හමාඩ් අල් කුවේටි පැවසුවේ උපායමාර් ගික ජාතික අංශ ඉලක්ක කර ගනිමින් දිනකට සයිබර් ප්‍රහාර 50,000කට අධික ප්‍රමාණයක් වැළැක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් ආරක්ෂක කවුන්සිලය සිය හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි. අබුඩාබිහිදී ආරම්භ වූ “Oracle CloudWorld Tour Abu Dhabi 2023” අතරතුර ඔහුගේ ප්‍රකාශයේ දී අල් කුවේටි පැවසුවේ බැංකු, මූල්‍ය, සෞඛ්‍ය, තෙල් සහ ගෑස් යන අංශ වඩාත් ඉලක්ක කර ඇති බවයි. රටේ ඩිජිටල් ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම සඳහා…

Read More

ඩුබායිහි එක්ස්පෝ සිටි විසින් ප්‍රාදේශීය ප්‍රජාවට සහ සංචාරකයන්​ට “Wings for Life World Run” හරහා ධාවනයේ නියැලෙන ලෙස ආරාධනා කර ඇත. මෙම උත්සවය මැයි 7 වන ඉරිදා සවස 3 ට ලොව පුරා ස්ථාන 200 කට වැඩි ගණනක පැවැත්වේ. කොඳු ඇට පෙළේ තුවාල හා අභා​ධ පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘති වෙනුවෙන්, ඒ සඳහා ජීවිතයේ සෑම තරාතිරමකම අය​ සහයෝගයෙන් එකට එකතුවී දිවීම (හෝ ඇවිදීම) මගින් මෙම අද්විතීය, ගෝලීය සිදුවීම සහභාගිවන්නට ආරාධනා කරයි මෙම වසරේ ඩුබායි උත්සවයට සහභාගී වීම සඳහා කැඳවුම් සඳහා ප්‍රමුඛයා වන්නේ UAEහි රෙඩ්බුල් ක්‍රීඩක මොහොමඩ් බලූෂි සහ වින්ග්ස් ෆෝ ලයිෆ් වර්ල්ඩ් ධාවන තානාපති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩක සහ දෙවතාවක් ගිනස් ලෝක වාර්තා…

Read More

යාපනයේ කාබනික පොහොර ආශ්‍රයෙන් වගාකෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිවේදනය කරය. එහි පළමු පියවර ලෙ​ස මෙම සතියේදී ඇඹුල් කෙසේ කිලෝ 10,000 ක් ඩුබායි වෙතට යැවීම සඳහා සූදානම් කිරීම මේ දිනවල යාපනය නිලාවරෙයි මංසන්ධියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් කෘෂි නවීකරණ ව්‍යාපෘති කාර්යාලයේදී ආරම්භ කොට තිබෙනවා. මේ සඳහා යාපනයේ කෙසෙල් ගොවීන් 700 ක​ගේ පමණ සාමාජිකත්වය ලබාගෙන ඔවුන්ගේ කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ ක​ර රටට විදෙස් විනිමය උපයාගැනීමට අපේක්ෂා කෙරෙයි. රාජාංගනය ප්‍රදේශයෙන්ද කාබනික ඇඹුල් කෙසෙල් ඩුබායි වෙත යැවීමට පියවර ගෙන ඇති අතර රාජාංගයෙන් සතියකට ඇඹුල් කෙසේ කිලෝ 12,500…

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකුල නොවන ලෙස විදේශ රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම වසරේ පළමු මාස තුන තුළ විදේශ රැකියා ජාවාරම්වලට ගොදුරු වූ වින්දිත කාන්තාවන් 170 දෙනෙකු සහ ජාවාරම්කරුවන් පිරිසක් කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේ දී හඳුනාගෙන නීතිය හමුවට පැමිණ වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත. එසේම තවත් කාන්තාවන් 8 දෙනෙකු ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළව මහජනතාවගේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය පුහුණුව, තාක්ෂණික දැනුම සහ…

Read More

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පසුගියදා අබුඩාබි හි සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් ශ්‍රම බලකා අභියෝග කුසලානය සඳහා ක්‍රිකට් තරඟයක් සංවිධානය කර තිබුණි. එහිදී සහජීවනය පිළිබඳ අමාත්‍ය සහ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අතිගරු ෂෙයික් නයාන් බින් මුබාරක් අල් නයාන් සහ මානව සම්පත් සහ එමරාතිකර​ණ අමාත්‍ය ආචාර්ය අබ්දුල් රහ්මාන් අල් අවාර් විසින් ක්‍රිකට් ශ්‍රම බලකා අභියෝග කුසලානය ජයග්‍රාහකයන්ට ප්‍රදානය කරන ලදී. මානව සම්පත් හා එමරාතීකරණ අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා විවිධ ක්ෂේත්‍රවල සම්භාවනීය අමුත්තන් සහ රටවල් කිහිපයක තානාපතිවරුන් සහ කම්කරුවන් විශාල පිරිසක් සහභාගී වූහ. පකිස්ථාන ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිකට් තරුවක් වන මිස්බා උල් හක් ද මෙම තරඟ​ය සඳහා සහභාගී විය. “එක්සත්…

Read More

උතුම්වූ බුදු තෙමඟුල වෙනුවෙන් වෙසක් උත්සවයට ස​මගාමී​ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන දන්සල් කීපයක් පිළිබඳව වාර්තා වෙනවා. සීනි සම්බල් පාන් දන්සල මැයි මස 5 වෙනිදා එනම් හෙ​ට IMPZ, Danet Restaurant (Habtoor Accommodation) අසලදී සවස 6.00 සිට රාත්‍රී 10.00 වන තුරු පවත්වනු ලබනවා. මෙම දන්සල සංවිධාන​ය කරනු ලබන්නේ Habtoor, Hilton, SLS හෝටල්හි ශ්‍රී ලාංකික සේවක මඩුල්ල විසිනි වැඩි විස්ත​ර ශානක : 052 266 1229 / සුරේෂ්: 058 254 8413 / ප්‍රියංකර: 054 262 6272 / ගයාන්:0523924566 අල් කහිල් ගේට් හි පැවැත්වෙන බිරියානී පාර්සල් දන්සැල අල් කයිල් ගේට් “මිනිමාර්ට්” අසලදී මැයි මස 5…

Read More

එදිනෙදා ජීවිතයේදී, සංචලනය සෑම කෙනෙකුටම වැදගත් වන අතර රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම බොහෝ වැඩිහිටියන් සඳහා වැදගත්වෙන්නා වූ සන්ධිස්ථානයකි. ඩුබායි හි, ඔබේ රියදුරු අත්දැකීම් මට්ටම, පුරවැසිභාවය, වෘත්තිය සහ පදිංචි තත්ත්වය අනුව රියදුරු බලපත්‍රය ලබා ගැනීමට විවිධ ක්‍රම තිබේ. 1. Golden chance මෙම ක්‍රමයේදී පන්ති වලට සහභාගී විය යුතු නැත, පොත් භාවිතයක් නැත. වෙනත් රටක වලංගු රියදුරු බලපත්‍රයක් ඇති ඩුබායි වැසියන්ට – ඔවුන් ස්වයංක්‍රීය පරිවර්තනයකට සුදුසු රටකට අයත් නොවූවත් – මාර්ග සහ ප්‍රවාහනය අධිකාරිය විසින් දියත් කරන ලද නවතම ‘Golden chance’ මුලපිරීම සමඟින් රියදුරු පාඩම් ම​ග හැර න්‍යාය සහ මාර්ග පරීක්ෂණයට කෙලින්ම යාහැකිය. අප්‍රේල් 1 දින සිට ක්‍රියාත්මක වූ නව මුලපිරීම, නිදහස්…

Read More