Author: Stanly Kularathna
ශ්‍රී ලංකාවෙන් රිලවුන් 100,000 ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මේ දක්වා එරට බලධාරීන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. මෙවන් ඉල්ලීමක් සිදු කර ඇති බවට මාධ්‍යවලින් ප්‍රචාරය වන පුවත් සාවද්‍ය බව ද එහි දක්වා තිබේ. එවැනි ඉල්ලීමක් යම් කිසි ආයතනයක් සිදු කරනු ලබන්නේ නම් එරට වන සතුන් සහ ශාක ආනයනය, අපනයනය කළමනාකරණය කරන රජයේ ප්‍රධාන දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලන ආයතනය (CNFGA) මගින් ඉල්ලීම් කළ යුතු නමුත් එසේ සිදුකර නොමැති බව ද එහි සඳහන් කර ඇත. දේශීය හා විදේශීය මාධ්‍ය මෑත කාලයේ මේ සම්බන්ධයෙන් සාවද්‍ය…
හාස්‍ය සහ උපහාසය මුල්කරගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණ කරනයේ පුරෝගාමී චරිත දෙකක් වන ගෙහාන් බ්ලොක් සහ ඩිනෝ කොරේරා ඩුබායිහිදී ප්‍රථම වතාවට ගෙන එන “බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි” ප්‍රසංගය සඳහා තවත් ඇත්තේ දින 3 ක් පමණයි. බ්ලොක් ඇන්ඩ් ඩිනෝ, කියූ පමණින් මුවගට සිනහව කැඳවන්නේ ඔවුන් දෙපලගේ යූ ටියුබ් වීඩියෝ එකින් එක මතකයේ පෙලගස්වමින්. අප සමාජයේ මුල්බැසගත් අඩුලුහුඬුකම්, නිලධාරීවාදය, දේශපාලනය, පවුල්වාදය, වැරදි මතවාද වැනි දේට හාස්‍ය සහ උපහාසය ඔස්සේ පහර දෙමින් ඔවුන් ගෙන එන විනෝදකාමී ප්‍රසංගය හා එක්ව විනෝද වෙන්නට මෙය අවස්ථාවක් වේවි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ඩී.එස්. සේනානයක විද්‍යාලයේ ආදි සිසුන් ඉදිරිපත් කරන බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන්…
ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව , 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සදහා ඉදිරිපත් වන බවත්, ඒ සදහා අවශ්‍ය මුදල් නිහතමානී ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම සඳහා ප්‍රසංගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් පැවසීය. ඒ මහතා එසේ පැවසූවේ මීගමුව, ඒත්තුකාළ, ටික් ටොක් හෝටලයේ පසුගියදා පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. මෙම 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය එළඹෙන මැයි මස සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම සහ ස්පාඤ්ඤය යන රටවල තරග 12 ක් පැවැත්වීමට නියමිතය. එම තරගාවලියේ ජයග්‍රාහකයින් සහ එනම් යුරෝපා ආසියා සහ ඇමෙරිකානු තරගාවලි වල සුපිරි ලැම්බෝගිනි මෝටර් රථ ශූරතා දිනූ ජයග්‍රාහකයින්…
මීළඟ අඩ සඳ දැකීම මත පදනම්ව සිකුරාදා හෝ සෙනසුරාදා ඊද් අල් ෆිතර් උත්සවය යෙදෙනු ඇතැයි අපේක්ෂා කරන ඩුබායි මහ නගර සභාව ඊද් අල් ෆිතර් මුස්ලිම් උත්සවයට පෙර රසකැවිලි වෙළඳසැල්, ආපනශාලා සහ වෙනත් ආයතන පරීක්ෂා කිරීම වේගවත් කර ඇත. උත්සවය ළං වන විට පොදු පහසුකම් සහ මාර්ගවල පවිත්‍රතාව පවත්වා ගැනීමට ප්‍රජා මණ්ඩලය සූදානම් කර ඇත. නගර සභාව විසින් විනෝදාස්වාද ඉසව් සහ සංදර්ශන පැවැත්වෙන ප්‍රධාන පහසුකම් සහ උද්‍යාන ද හඳුනාගෙන ඇත. ආහාර සුරක්ෂිතතාව ඊද් නිවාඩුව සඳහා සූදානම් වීමේ දී, ඩුබායි මහ නගර සභාව ආහාර නිෂ්පාදන සහ ද්‍රව්‍ය ප්‍රවාහනය, ගබඩා කිරීම, සකස් කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා ආහාර ආයතන රෙගුලාසිවලට අනුකූල වන බවට…
මීළඟ අඩ සඳ දැකීම මත සිකුරාදා හෝ සෙනසුරාදා ආරම්භ වන ඊද් අල් ෆිතර් උත්සවය වැසියන්ට ආරක්ෂිත සහ විනෝදජනක සැමරුම් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු සූදානම් කිරීම්, ඔවුන්ගේ හවුල්කරුවන් සමඟ අවසන් කර ඇති බව ඩුබායි පොලිසිය තහවුරු කොට තිබෙනවා. මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර අණදෙන නිලධාරී සහ සිදුවීම් ආරක්ෂක කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා අලි අල් ගයිති පැවසුවේ ඒකාබද්ධ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරමින් කමිටුව සැමරුම් සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් බවයි. මෙම සැලැස්මට ඊද් යාඥා පවත්වන සියලුම මුස්ලිම් පල්ලි සහ විශාල යාඥා භූමි සුරක්ෂිත කිරීම, සියලුම මාර්ගවල මුර සංචාර යෙදවීම සහ වැදගත් ප්‍රදේශ, සංචාරක ස්ථාන, සාප්පු සංකීර්ණ සහ විවෘත වෙලඳපොලවල ආරක්ෂක පියවර වැඩි කිරීම…
ඩුබායි නිශ්චල දේපල ගණුදෙණු 2023 පළමු කාර්තුවේදී ඩිරාම් බිලියන 157 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ එම කාර්තුවේ ඩොලර් බිලියන 87 ට සාපේක්ෂව 80% ක වැඩි වීමකි. සංසන්දනාත්මක කාල සීමාව තුළ ගනුදෙනු සංඛ්‍යාව 26,066 සිට 38,715 දක්වා 49% කින් වර්ධනය විය. 2022 පළමු කාර්තුවේ හි 11,944 ට සාපේක්ෂව 2023 පළමු කාර්තුවේ හි 13,338 දක්වා ගනුදෙනු සංඛ්‍යාව 12% කින් වැඩි වූ බැවින් පළමු කාර්තුවේදී එමිරේට් නව දේපල ආයෝජකයින් අඛණ්ඩව ගලා ඒමක් නිරීක්ෂණය කල හැකියි. නේවාසික නොවන ආයෝජකයින් පසුගිය වසරේ පළමු කාර්තුවේ හි 36% ට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේ හි 45 % ක් අත්කරගැනීම, 25% ක වැඩි වීමකි. මෙම…
ඉස්ලාමීය ඇදහිල්ලේ සැලකිය යුතු රාත්‍රියක් වන ලයිලට් අල් කද්ර් (Laylat Al Qadr) පිළිවෙත් රැකීම සඳහා අබුඩාබි හි වාර්තාගත මුස්ලිම්වරුන් 60,310 ක් රාමසාන් මාසයේ 27 වන රාත්‍රියේ ෂෙයික් සයීඩ් ග්‍රෑන්ඩ් පල්ලියට රැස් විය. මහා පල්ලිය විවෘත කල දා පටන් එහි සත්කාරකත්වය දරන විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙයයි. ලයිලට් අල් කද්ර් නොහොත් ශුද්ධ වූ අල් කුරානයේ පළමු වැකිය මුහම්මද් තුමාණන්ට පහළ වූ රාත්‍රිය ලෙස විශ්වාස කෙරෙන දෛවයේ රාත්‍රියයි. ලයිලට් අල් කද්ර් දිනය හරියටම නොදනී, එය රාමසාන් මාසයේ අවසාන රාත්‍රී දහයේ ඔත්තේ සංඛ්‍යා සහිත රාත්‍රියකට වැටෙන බව විශ්වාස කෙරේ. අල් අයින් හි ෂෙයික් කලීෆා මහා පල්ලියේදී ද, එදිනම රාත්‍රියේ මුළු වන්දනාකරුවන් සංඛ්‍යාව 23,552 ක්…
අබුඩාබි පොලිසිය ඊද් අල් ෆිතර් නිවාඩුව සඳහා සිය සූදානම සවිස්තරාත්මක සහ ක්‍රියාශීලී ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් සමඟින් තහවුරු කළේය. පුරවැසියන්, පදිංචිකරුවන් සහ සංචාරකයන් ඇතුළු සමාජයේ සියලුම කොටස් සඳහා ආරක්ෂාව සැපයීම කෙරෙහි එය අවධානය යොමු කරයි. පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ රථවාහන නීති පිළිපදින ලෙසත්, වේගය අඩු කරන ලෙසත්, රිය පැදවීමේදී ජංගම දුරකථන ගැන හෝ ඊද් පණිවිඩ යැවීමෙන්/ලැබීමෙන් වළකින ලෙසත්ය. නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ නේවාසික ප්‍රදේශ අසල ධාවන තරඟ සංවිධානය කිරීම, තම ජීවිත හා අන් අයගේ ජීවිත අනතුරේ හෙළීම වැනි අශිෂ්ට ලෙස රිය ධාවනය නොකරන ලෙසද මෝටර් රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. ඊද් අල් ෆිතර් නිවාඩු දින සැමරුමේදී මහජන ආරක්ෂාව සඳහා ගිනිකෙළි…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාමදාන් ආහාර ව්‍යාපාරය මගින් ගෝලීය සාගින්න නිවාරණය කිරීම සඳහා ඩිරාම් බිලියන 1කට වඩා වැඩි මුදලක් රැස් කර තිබෙනවා. ඩුබායි හි පාලක උප සභාපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් පසුගියදා නිවේදනය කළේ ශුද්ධ වූ මාසය තුළ පුද්ගලයින්, ව්‍යාපාර සහ ආයතන 180,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් විසින් ඩොලර් බිලියන 1.075 ක් පරිත්‍යාග කර ඇති බවයි. රාමසාන් ආසන්නයේ දී Sheikh Mohammed විසින් දියත් කරන ලද One Billion Meals Endowment – අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා දිගු කාලීන තිරසාර රාමුවක් සැපයීම අරමුණු කලා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මානුෂීය මෙහෙයුම සඳහා ඔවුන්ගේ සහය ලබා දෙන ලෙසයි. ෂෙයික්…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Eid Al Fitr නිවාඩු කාලය තුළ එහි සියලුම සේවාවන්හි ව්‍යාපාරික වේලාවන් ප්‍රකාශයට පත් කළේය, 29 වන රාමසාන් සිට 3 වන Shawaal දක්වා (බ්‍රහස්පතින්දා සිට ඉරිදා හෝ සඳුදා දක්වා, සඳ බැලීම මත පදනම්ව). පොදු වාහන නැවැත්වීම ඊද් අල් ෆිතර් නිවාඩු කාලය තුළ, බහු මට්ටමේ වාහන නැවැත්වීමේ පර්යන්ත හැර (multi-level parking terminals), 29 වන රාමසාන් සිට 3 වන ෂාවාල් දක්වා පොදු වාහන නැවැත්වීම නොමිලේ වේ. පාරිභෝගික සේවාව Eid Al Fitr නිවාඩු කාලය තුළ වාහන පරීක්ෂණ මධ්‍යස්ථානවල පාරිභෝගික සේවා කවුන්ටර වසා දමනු ඇත. තාක්ෂණික පරීක්ෂාව සඳහා පමණක් වන වාහන පරීක්ෂා කිරීමේ සේවාව ෂව්වාල් පළමුවැනිදා සිට ෂව්වාල්…