Author: Stanly Kularathna

කුරුල්ලන් ආකර්ෂණය කර දඩයම් කිරීම සඳහා භාවිතා කරන කුරුළු ශබ්ද උපකරණ 755 ක් සාජාහි බලධාරීන් විසින් රාජසන්තක කර ඇත. සාජා හි පරිසර සහ ආරක්‍ෂිත ප්‍රදේශ අධිකාරිය (EPAA) පැවසුවේ සංක්‍රමණික පක්ෂීන් 10 දෙනෙකු ද බේරා ගත් බවයි. 2023 කුරුල්ලන් සංක්‍රමණික කාලය තුළ උල්ලංඝනය කිරීම් හතරක් සඳහා අධිකාරිය ඩිරාම් 40,000 වටිනා දඩ මුදල් නිකුත් කළේය. මෙහිදී දඩයම්කරුවන් කුරුල්ලන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශබ්ද නිකුත් කරන නීති විරෝධී උපකරණ භාවිතා කොට තිබුණි. පසුව දඩයම්කරුවන් කුරුල්ලන් අල්ලා ගැනීමට දැල් අටවා ඇත. මොවුන් දඩයම් කිරීම සඳහා උකුස්සන් වැනි ගොදුරු කුරුල්ලන් ද නිදහස් කරති – එය නීති විරෝධී ක්‍රියාවකි. සාජා හි විධායක සභාව වල් සහ සංක්‍රමණික…

Read More

සාජා හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (SRTA) එමිරේට්ස් හි නගර අතර බස් රථවල නොමිලේ අන්තර්ජාල සේවාව දියත් කරන බව නිවේදනය කළේය. මෙම පියවර අධිකාරියේ විස්තීර්ණ සංවර්ධන සැලැස්මේ කොටසක් වන අතර එය පොදු ප්‍රවාහන භාවිතා කරන්නන්ට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මක බව ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇත. සාජා බස් නැවතුම්පොළේ සිටින මගීන්ට නොමිලේ WiFi භුක්ති විඳිය හැකිය. ඔවුන්ගේ බස් රථ එනතුරු බලා සිටින පදිංචිකරුවන්ට විවෘත WiFi ජාලයට සම්බන්ධ වීමෙන් සේවාව ලබා ගත හැක. මගීන්ට පරිශීලක නාම හෝ මුරපද සෑදීමට හෝ ඔවුන්ගේ විද්‍යුත් තැපෑල සහ ජංගම දුරකථන අංක පවා ලබා දීමට අවශ්‍ය වන්නේ නැත. එමිරේට්ස් හි නගරාන්තර බස් රථ ප්‍රධාන මාර්ග 15…

Read More

WhatsApp නිරන්තරයෙන් වෙනස්වෙමින් පවතින අතර, සමාගම ඉදිරි මාසවලදී නව විශේෂාංග රාශියක් එළිදැක්වීමට කටයුතු කරමින් සිටී. මෙම යාවත්කාලීන​ය පැමිණෙන්නේ WhatsApp හි සියලුම නවතම වර්ධනයන් නිරීක්ෂණය කරන WAbetainfo වෙතින් ය. මෙහෙයවන්නාගේ සිත් අලව​නසුලු සහ නව විශේෂාංග වලින් පොහොසත් කිරීමට උත්සාහයක් ලෙස, පණිවිඩ සංස්කරණය (edit) කිරීමට, කතාබස් මත නිශ්චිත පණිවිඩයක් ඇලවීමට (pin) සහ තවත් බොහෝ දේ කිරීමට ඉඩ සලසයි. මෙම විශේෂාංග සමහරක් ටෙලිග්‍රෑම් වැනි යෙදුම්වල දැනටමත් දැ​ක ගත හැකි වුවද, ඒවා WhatsApp භාවිතා කරන්නන් සඳහා සාදරයෙන් පිළිගන්නා නව එකතු කිරීමක් වනු ඇත. පණිවිඩ සංස්කරණය කරන්න ඔබට ඉක්මනින්ම වැරදි නිවැරදි කිරීමට හෝ ඒවා මැකීමෙන් තොරව නිශ්චිත පණිවිඩවලට තවත් තොරතුරු එක් කිරීමට හැකි වනු ඇත.…

Read More

එමරාති පුරවැසියන්ට අන්තර්ජාලය හරහා විශේෂ බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර එමඟින් පුරවැසියන්ට තම නිවෙස් අසල නොමිලේ වාහන නැවැත්වීමට ඉඩ සලසයි. නොමිලේ වාහන නැවැත්වීමේ සේවාව පදිංචි ස්ථානයේ සිට මීටර් 500 ක අරයක් තුළ සියලුම ගෙවන පොදු වාහන නැවැත්වීමේ ප්‍රදේශ දක්වා විහිදේ. පුරවැසියන්ට RTA වෙබ් අඩවිය හරහා තම අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. අධිකාරියට එමිරේට්ස් හැඳුනුම්පතේ පිටපතක්, වලංගු Ejari විස්ත​ර (නිවාස විස්ත​ර) සහ වාහන හිමිකාරිත්වය පිළිබඳ සාක්ෂි අවශ්‍ය වේ. සෑම නිවසකටම නොමිලේ ලබා දෙන බලපත්‍ර ගණන නිවසේ ප්‍රමාණය මත රඳා පවතී. නොමිලේ ලැබේ. වෙබ් අඩවියේ දක්වා ඇති මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටිවලට අනුව, අයදුම්පත සැකසීමට ගත වන්නේ වැඩ කරන දින දෙකක් පමණි. අයදුම්පත…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටෙලිකොම් සමාගම් දෙක, අප්‍රේල් 8 සෙනසුරාදා, ජුමෙයිරා බීච් හි ෆෝ සීසන්ස් රිසෝට් ඩුබායි හි පැවැත්වෙන පුණ්‍යායත අරමුදල් සඳහා වෙන්දේසියේදී ඉතා විශේෂ ඉහල වටිනාකමක් ඇති ජංගම දුරකථන අංක වෙන්දේසි කරනු ඇත. UAE දුරකථන අංක වෙන්දේසිය විශාලතම රාමසාන් තිරසාර ආහාර ආධාර අරමුදල පිහිටුවීම සඳහා උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් දියත් කරන ලද “බිලියන එක​ක ආහාර පරිත්‍යාග” ව්‍යාපාරයට සහය දැක්වීම සඳහා මෙම පුණ්‍යායතන වෙන්දේසිය සිදු කෙරේ. Emirates Auction සහයෝගීතාවයෙන් ව්‍යාපාරිකයන් සහ දානපතියන් රැසකගේ සහභාගීත්වයෙන් ‘Diamond’ සහ ඉතා විශේෂ ඉහල වටිනාකමක් ඇති ජංගම දුරකථන අංක පුණ්‍යායතන වෙන්දේසියේදී වෙන්දේසි කෙරේ. Mohammed bin…

Read More

රාමසාන් මාසය ආරම්භ වූ මාර්තු 23 වෙනිදා සිට ඩුබායි පොලිසිය මේ දක්වා යාචකයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නිවේදනය කර තිබෙනවා. යාචක විරෝධී ව්‍යාපාරයේ කොටසක් ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් ස්ථාන සමඟ සහයෝගයෙන්, නිලධාරීන් මේ දක්වා ශුද්ධ මාසයේ සිඟමන් යදිමින් සිටි පිරිමින් 31ක් සහ කාන්තාවන් 36ක් අත්අඩංගුවට ​ගෙ​න තිබෙනවා. සාමාන්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කර්නල් අලි සලීම් අල් ෂම්සි පැවසුවේ, ‘සිඟාකෑම අනුකම්පාව පිළිබඳ වැරදි සංකල්පයක්’ යාචක විරෝධී ව්‍යාපාරයේ අරමුණ වන්නේ “අන් අය​ගේ අනුකම්පාව සූරාකන” යාචකයින් සහ වීදි වෙළෙන්දන්ගේ සංඛ්‍යාව අඩු කිරීමයි. ආරක්ෂක තර්ජනය හිඟාකෑම ආරක්ෂාවට සහ සමාජයේ ආරක්ෂාවට, දේපළවලට සහ රටේ ප්‍රතිරූපයට තර්ජනයක් බව, කර්නල් අල් ෂම්සි වැඩිදුරටත් පැවසීය.…

Read More

පෙබරවාරි මාසයේ ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසු සහන සැලසීම සඳහා ටොන් 2,000කට වඩා අත්‍යාවශ්‍ය ආධාර අඩංගු එමිරාති නෞකාවක් සිරියාවට පැමිණ තිබෙනවා. සිරියාවට සහ අසල්වැසි තුර්කියට බලපෑ මාරාන්තික ස්වභාවික ව්‍යසනය හේතුවෙන් ක්‍රියාත්මක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔපරේෂන් ගැලන්ට් නයිට් 2 මෙහෙයුමේ කොටසක් ලෙස ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ්ගේ නියෝගය පරිදි ආහාර සැපයුම්, වෛද්‍ය උපකරණ සහ ශීත ඇඳුම් රැගත් මෙම නැව සිරියාවේ ලැටාකියා වරාය වෙත යවන ලදී. භූමිකම්පා සහ පසු කම්පන වලින් මියගිය සංඛ්‍යාව 50,000 ඉක්මවන අතර තවත් මිලියන ගණනක් පීඩාවට පත්ව සිටිති. එමිරේට්ස් මීට පෙර මාර්තු මාසයේදී ටොන් 1,000 ක ආධාර සිරියාවට යවා ඇත. නවතම ආධාර ටොන් 2,215 ට ආහාර ටොන් 1,040…

Read More

විදේශගත ශ්‍රමිකයින් විසින් ගුවන් තොටුපළෙන් මිලදී ගන්නා භාණ්ඩ සඳහා තීරුබදු රහිත දීමනාව ඔවුන් ​ශ්‍රී ලංකාවට එවා ඇති මුදල් ප්‍රමාණය අනුව වැඩි කිරීමට තීරණය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. මැයි 1 වැනිදා සිට මෙම පියවර ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව විදේශගත ශ්‍රමිකයින්ට ඔවුන් එවා ඇති මුදල් ප්‍රමාණය අනුව අමතර තීරුබදු සහන හිමිවන බවත් ඔහු පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙම සහන කාණ්ඩ පහක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර වසරක කාලයක් තුළ ඉහත සඳහන් මුදල් ප්‍රමාණය නිල මාර්ග ඔස්සේ මෙරටට එවා ඇති ඕනෑම අයකු…

Read More

කොළඹ අග නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ. මම ව්‍යාපෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා නාගරික සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබිණි. ඒ අනුව සුදුසු ක්‍රමවේදයක් සැකසීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයා විසින් විශේෂඥ තාක්ෂණික කට්ටුවක් පත් කරනු ලැබී​ය. එම විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ තාක්ෂණික විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත්කර තිබේ. එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ…

Read More

විවිධ ජාතින්ට අයත් කීර්තිමත් සූපවේදීන්, ප්‍රදර්ශකයින් සහ දේශීය සාම්ප්‍රදායික ආහාර සූපවේදීන් සහභාගීව​න වාර්ෂික කස්බා ආහාර උත්සවය මෙවරත් ශුද්ධ වූ රාමසාන් මාසයේදී පැවැත්වෙන්නේ විචිත්‍රවත් ඇවිදීමේ මාර්ග, පාලම් මෙන්ම ඇළ මාර්ග සංකීර්ණයක් සඳහා ප්‍රසිද්ධ, සාජා හි පවුල් හිතකාමී අල් කස්බා ප්‍රදේශ​යේදී යි. මාර්තු 30 වෙනිදා සි​ට අප්‍රේල් 8 දක්වා සෑම දිනකම රාත්‍රී 7 සිට අළුයම 1 දක්වා මෙම උත්සවය මහජනතාවට නොමිලේ විවෘත වන අතර මෙවර අල් කස්බා ආහාර සැණකෙළිය පෙරටත් වඩා ජන ආකර්ශනයක් ලබනු ඇතැයි සංවිධායකයෝ පවසති. කීර් තිමත් සූපවේදීන් පිසූ ආහාර, ඉවුම් පිහුම් සංදර්ශ​ණ, ආහාර නිර්මාණ තරඟ, ආහාර අලංකරණය, ආහාර කැටයම්, සංගීත සංදර්ශන සහ වීදි ප්‍රසංග ඇතුළු බොහොමයක් සිත්ගන්නා සුළු අංගයන්…

Read More