Author: Stanly Kularathna

අබුඩාබි හි වඩාත්ම කැපී පෙනෙන ගොඩනැගිල්ලක් වන අබුඩාබි එමිරේට්ස් පැලස් හෝටලය සන්නාමකරණ උත්සවයකින් පසු නව නමක් ලබා ගනී. එය නිල වශයෙන් එමිරේට්ස් පැලස් මැන්ඩරින් ඔරියන්ටල් ලෙස නම් කර ඇත. මෙම පියවර නව ස්වර්ණමය යුගයක් සනිටුහන් කරන බව මැන්ඩරින් ඔරියන්ටල් හෝටල් සමූහය පවසයි. එමිරේට්ස් පැලස් මැන්ඩරින් ඔරියන්ටල්, නම වෙනස් කිරීම හෝටලයේ උරුමය සමරන අතර අමුත්තන් සඳහා නව අත්දැකීම් හඳුන්වා දෙන බව මැන්ඩරින් ඔරියන්ටල් සමූහය කියා සිටී. එමිරේට්ස් පැලස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක ජේම්ස් රිලී පැවසුවේ, “අබුඩාබියේ එමිරේට්ස් පැලස් මැන්ඩරින් ඔරියන්ටල් අපගේ සන්නාමය සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර කලාපය සඳහා අපගේ කැපවීම තහවුරු කරනවා. මෙම මාලිගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෝලීය වශයෙන්…

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ එක්සත් අරාබි එමීර් ශාකාවේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සෙනසුරාදා Novotel Al Barsha හිදී පැවැත්විය. ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ධර්මාශෝක විද්‍යාලයේම කීර්තිමත් ආදී සිසුවෙකුවු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරතන මැතිතුමා සහභාගි වීම ⁣විශේෂත්වයක් විය.එහිදී 2023 වර්ෂයේ නව සභාපති වශයෙන් බුද්ධික රසාංජන මහතා තේරීපත්වූ අතර මේ අවස්ථාව සදහා සංගමයේ නිර්මාතෘ ඉද්‍රලාල් ද සිල්වා මහතා සහ හිටපු සභාපතිවරුන් වන දුමින්ද සමරතුංග, කනිෂ්ක ප්‍රියන්ත, රංජන් දොමිනිගේ යන මහත්වරුන් සහ සංගමයේ විශාල සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි විය. 2017 වස​රේදී ආරම්භ කරන ලද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධර්මාශෝක මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය…

Read More

ඩුබායි හි එමිරේට්ස් එයාර් ලයින් ඩොලර් මිලියන 135 ක නවීනතම පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එය එහි ඉදිරි එයාර්බස් A350 සහ Boeing 777X ගුවන් යානා සඳහා Full Flight Simulator Bays (FFS) හයක් සඳහා පහසුකම් සපයයි. වර්ග අඩි 63,318 කින් යුත් මෙම නව ගොඩනැගිල්ල 2024 මාර්තු මාසයේදී විවෘත කිරීමට නියමිත අතර එය එමිරේට්ස්හි දැනට ඇති පුහුණු මධ්‍යස්ථාන​යට යාබදව ගොඩනග​න බව ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. ගුවන් සමාගම සිය ගුවන් නියමු පුහුණු ධාරිතාව වාර්ෂිකව 54 % කින් වැඩි කිරීමට ඉලක්ක කර ඇති අතර, එහි පුහුණු ගොඩනැගිලි හරහා සම්පූර්ණ පියාසර සිමියුලේටර් 17ක් සෑම වසරකම පුහුණු පැය 130,000කට වඩා වැඩි…

Read More

ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය විසින් තුර්කියෙහි “Gallant Knight / 2” මෙහෙයුමේ කොටසක් ලෙස සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කරන බව නිවේදනය කර ඇත. තුර්කි ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) විසින් එහි සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කළ බව නිවේදනය කිරීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇත. එමරාති සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම තුර් කියෙහි අඛණ්ඩව දින 14 ක් වැඩ කිරීමෙන් පසු අද නැවත මව්බිමට පැමිණීමට නියමිතයි. “Gallant Knight / 2” මෙහෙයුම ජනාධිපති අති උතුම් Sheikh Mohamed bin Zayed Al Nahyan ගේ උපදෙස් මත සිදු විය. තුර්කි රජය වෙනුවෙන්, ආපදා ප්‍රතිචාර අධ්‍යක්ෂ ජනරාල්, ඉතා තීරණාත්මක අවස්ථාවක කඩිනම්…

Read More

ජනාධිපති අති උතුම් ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්ගේ උපදෙස් අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් “Gallant Knight / 2” මෙහෙයුමේදී භාවිතා කරන ලද සෙවීම් සහ ගලවා ගැනීමේ උපකරණ සිරියානු සිවිල් ආරක්ෂක අංශයේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කොට තිබෙනවා. මෙය සිදු වූයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සිරියාවේ ප්‍රාදේශීය බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන්, සිරියාවේ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමෙන් අනතුරුව “සහාය සහ පුහුණුව” අදියරේදීයි. ඒ විනාශකාරී භූමිකම්පාවෙන් දින 10 කට පසුවයි. මෙම මෙහෙයුම සඳහා කාලය පැය 240 ක් පමණ වූ අතර සිරියාවේ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමට සහභාගී වූ පුද්ගලයින් සංඛ්‍යාව 42 දක්වා ළඟා විය. සිරියානු සෙවුම් සහ…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිස් බලධාරීන් මන්දගාමී රියදුරන්ට මාර්ගවල වේගවත් මංතීරුවෙන් ඉවත්ව ධාවනය කර​න ලෙස ඉල්ලා තිබෙනවා. සාමාන්‍යයෙන්, මෝටර් රථ රියදුරන් මාර්ගයේ ඉහළම අවසර ලත් සීමාවට රිය පැදවීම සඳහා අධිවේගී මාර්ගයක වම් පස මංතීරුව භාවිතා කරයි. මෑතකදී ඔවුන්ගේ සමාජ මාධ්‍ය නාලිකාවල පළ කරන ලද සජීවිකරණ වීඩියෝවක, අබුඩාබි පොලිසිය පැයට කිලෝමීටර 140 ක වේග සීමාවක් සහිත මාර්ගයක වාහනයක් සමඟ රීතිය නිරූපණය කළේය. “වම් මංතීරුවේ සෙමින් රිය පදවන්න එපා. සෙමින් රිය පදවන විට දකුණු මංතීරුවේ සිටින්න ඒ සමග​ම පිටුපසින් එන වාහනවලට ඉඩ දෙන්න”පොලිසිය දැනුවත් කිරීමේ වීඩියෝවේ පැවසීය. ඔබ වේගවත් මංතීරු නිදහස්ව තබාගත යුත්තේ ඇයි? ඩුබායි පොලිසිය මීට පෙර පැහැදිලි කර තිබුණේ ඔබ…

Read More

පසුගිය වසරේ ඩුබායිහි දියත් කරන ලද තිරසාර ව්‍යාපෘතියක් වන “Dubai Can” මගින්, මාස 12ක් තුළ මිලි ලීටර් 500ක තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලියන 7කට වඩා ප්‍රමාණයක් භාවිතය අඩු කර තිබෙනවා. නගරය පුරා නොමිලේ සිසිල් පානීය ජලය ලබා දෙන ස්ථාන 50 ක් ස්ථාපනය කිරීමත් සම​ග නිවාස, කාර්යාල, හෝටල් සහ පාසල්වල සහභාගීත්වය මගින් මෙම මුලපිරීම කොට තිබෙනවා. “Dubai Can” එහි හවුල්කරුවන්ගේ සහ අනුග්‍රාහකයන්ගේ සහාය ඇතිව පොදු උද්‍යාන, වෙරළ සහ ජනප්‍රිය සංචාරක ගමනාන්තවල ජල​ය ලබා දෙන ස්ථාන පිහිටුවා ඇත. මේ අතර කයිට් බීච්, ඩුබායි මරීනා සහ ඩුබායි ඩවුන්ටවුන් ඇතුළත් වෙනවා. මෑතකදී Hatta, Dubai Sports City, Port Rashid සහ Dubai Internet City හි…

Read More

තුර් කියේ Hatay පළාතේ Reyhanli දිස්ත්‍රික්කයේ Sheikh Mohamed Bin Zayed ක්ෂේත්‍ර රෝහල “Chivalrous Knight / 2” මෙහෙයුමේ කොටසක් ලෙස පසුගියදා රට තුළ ඇති වූ භූමිකම්පාවෙන් තුවාල ලැබූවන් සහ විපතට පත් වූවන් ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Saeed Thani Hareb Al Dhaheri සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා බළකායේ අණදෙන නිලධාරී මාණ්ඩලික බ්‍රිගේඩියර් වෛද්‍ය Sarhan Al Neyadi, තුර්කි නිලධාරීන් රැසක් සමඟින් තුර්කියේ රෝහල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි විය. දැඩි සත්කාර ඇඳන් 20ක්, අංග සම්පූර්ණ ශල්‍යාගාර දෙකක්, දැඩි සත්කාර ඒකක කාමර දෙකක්, රසායනාගාරයක් සහ ෆාමසියකට අමතරව ඇඳන් 200ක ධාරිතාවක් මෙම රෝහල සතුය. භූමිකම්පාවෙන් විපතට…

Read More

ඩුබායි හි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක සභාවේ සභාපති Sheikh Hamdan Bin Mohammed Bin Rashid Al Maktoum පසුගියදා ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (Dewa) හි ඩිජිටල් අංශය වන Digital Dewa හි අනුබද්ධිත Data Hub Integrated Solutions LLC (Moro Hub) හි හරිත දත්ත මධ්‍යස්ථානය විවෘත කළේය. ගිනස් ලෝක වාර්තා මගින් ලොව විශාලතම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන දත්ත මධ්‍යස්ථානය ලෙස පිළිගෙන ඇති මෙම පහසුකම ලොව විශාලතම සූර්ය උද්‍යානය වන Mohammed Bin Rashid Al Maktoum Solar Park හි පිහිටා ඇත. Moro Hub සහ එහි ප්‍රධාන තාක්ෂණික හවුල්කරුවන් සහ Dell Technologies, Microsoft, Huawei, VMWare, Emirates NBD, Digital Dubai Authority සහ Dubai Islamic Bank…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සමාජ මාධ්‍යවල මගීන්ගේ පැමිණිල්ලකට පිළිතුරු දී ඇති අතර, මගීන් මෙට්‍රෝහි අනුගමනය කළ යුතු නීති එහිදී පැහැදිලි කර තිබෙනවා. මගියෙකු ඉයර්ෆෝන් භාවිතා නොකර ශබ්ද නඟා සංගීතයට සවන් දීම නිසා තමාට භාධා සිදුවීමක් පිළිබඳව ට්ව්ටර් පරිශීලකයෙක් මැසිවිල්ලක් ​ඉදිරිපත් කොට තිබුණා. මෙම හැසිරීම නැවැත්වීමට නීතියක් සකස් කරන ලෙස ඇය RTA ආයතනයෙන් ඉල්ලා සිටියා. මෙට්‍රෝවේ එවැනි බාධා ඇති කරන මගීන්ට දඩ මුදල් නිකුත් කරන බව තහවුරු කරමින් අධිකාරිය ඇයට පිළිතුරු දී තිබෙනවා. RTA විසින් මගීන්ට දඩ නියම කළ හැකි උල්ලංඝනය කිරීම් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් ඔවුන්ගේ වෙබ් අඩවියේ ලැයිස්තුගත කර තිබෙනවා. අය කරනු ලබන දඩ මුදල වරද මත…

Read More