Author: Stanly Kularathna

UAE-Oman Rail Network හි සංවර්ධකයා සහ ක්‍රියාකරු, ඕමාන​ය සහ එක්සත් එමීර් රාජ්‍ය​ය සම්බන්ධ කරන කිලෝමීටර් 303 දිගු දුම්රිය ජාලය සංවර් ධනය කිරීමට සහාය වීම සඳහා අබුඩාබිහි ස්වෛරී ආයෝජකයෙකු වන Mubadala Investment Company සමඟ ඩොලර් බිලියන 3 ක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මගී දුම්රිය පැයට කිලෝමීටර් 200 ක් වේගයෙන් ධාවනය වනු ඇත, මෙමගින් ඕමානයේ සොහාර් නගරයේ සිට අබුඩාබි දක්වා ගමන් කාලය පැය එකයි මිනිත්තු 40 කින් සහ සොහාර් සිට අල් ​එයින් දක්වා විනාඩි 47 දක්වා කාලය අඩු කරනු ඇත. මේ අතර, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පැයට කිලෝමීටර 120 වේගයෙන් ධාවනය කෙරේ. UAE-Oman Rail Network හි සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය වේගවත්…

Read More

ලොව විශාලතම වාර්ෂික ගෝලීය ආහාර සහ පාන සම්භන්​ධ ප්‍රදර්ශනය වන Gulfood, පෙබරවාරි 20 සිට 24 දක්වා ඩුබායි හි ලෝක වෙළඳ මධ්‍යස්ථාන​යේ දී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මංඩලය (EDB) විසින් 2008 වසරේ සිට අඛණ්ඩව Gulfood ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ලබා දී තිබෙනවා. මෙම වසරේදීත් EDB, ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය සමඟ එක්ව GULFOOD 2023 හි ශ්‍රී ලංකා මණ්ඩපයක් සංවිධානය ​කොට තිබෙනවා. මැදපෙරදිග, ​අප්‍රිකානු සහ දකුණු අසියා කලාපයට (MEASA) ශ්‍රී ලංකාවේ ආහාර සහ පාන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන සමාගම් 28ක් සමඟ සමම ප්‍රදර්ශනයට එක්වෙනවා. ශ්‍රී ලංකා මණ්ඩපය ෂෙයික් මක්ටූම් සහ ෂෙයික් රෂීඩ් ශාලාවල ලෝක ආහාර අංශයේ…

Read More

අබුඩාබි විධායක කවුන්සිලයේ සාමාජික සහ අබුඩාබි විධායක කාර්යාලයේ සභාපති අතිගරු Sheikh Khaled Bin Mohamed Bin Zayed Al Nahyan විසින් “Tunb Al Kubra” නාවික යාත්‍රාව නාවික ආරක්ෂක ප්‍රදර්ශනයේ (NAVDEX) 7 වන වා​රයේදී විවෘත කරන ලදී. සමාරම්භකයෙන් පසුව, නාවික ආරක්ෂක මෙහෙයුම් වලදී භාවිතා කළ හැකි දියුණු තර්ජන නිරීක්ෂණ පද්ධතියක් සහ හෙලිකොප්ටරයක් ඇතුළුව යාත්‍රාවේ අති නවීන හැකියාවන් පිළිබඳව Sheikh Khaled දැනුවත් කරන ලදී. Al Fattan Ship Industry විසින් දේශීයව සංවර්ධනය කරන ලද සහ නිෂ්පාදනය කරන ලද Tunb Al Kubra එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නාවික හමුදාවට එක්ක​ර ගනු ලබන්නේ නාවික හමුදාවන්ට සැපයුම් ආධාර සැපයීම, නාවික පුද්ගලයින් සහ සැපයුම් සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ අර් බුද…

Read More

යුග ගනනාවක් මතකයේ රැඳුනු ගීත සිය ගනනක් ​අප වෙත එක්ක​ල සිංහල ගී කෙත අස්වැදුමට සහ උසස්‌ සංගීත කලා ආස්‌වාදයක් වෙනුවෙන් ගීත ගැයූ වික්ටර් රත්නායකගේ තනි තරුවේ, හඳපානේ අඩ අඳුරේ, සිහිල් සුළං රැල්ලේ, සඳ කැන් වැසිලා වැනි ගී බොහෝ දෙනාගේ සිත් මදකට වෙනත් මානයකට රැගෙන යන කලා නිර්මාණයන් ලෙස ප්‍රචලිතයි. ආචාර්‍ය වික්ටර් රත්නායකයන් අසූවිය ඉක්මවූවත් තවමත් ගීතයෙන් ඔබ සිත අමතන්නට වසර ගනනාවකට පසුයි නැවත ඩුබායි වෙත පැමිනෙන්​නේ. ගීතයෙන් තරුණ හදවත් ආමන්ත්‍රණය කර​න ආදරණීයයන්ගේ හද රැඳි ගායක සංඛ දිනෙත් හා වික්ටර් රත්නායක ගායක සුසංයෝගය එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ඩුබායි හී ප්‍රථම වතාවටයි. වික්ටර් රත්නායකයන් සහ සංඛ දිනෙත් එක්ව…

Read More

2023 කාන්තා ගෝලීය සමුළුව සාමාන්‍ය කාන්තා සංගමයේ (GWU) සභාපතිනිය, මාතෘත්වය සහ ළමා කාලය සඳහා වූ උත්තරීතර කවුන්සිලයේ සභාපතිනිය සහ පවුල් සංවර්ධන පදනමේ (FDF) උත්තරීතර සභාපතිනිය අතිගරු ෂෙයිකා ෆාතිමා බින් මුබාරක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අබුඩාබියේදී ආරම්භ විය. දෙදින උත්සවය ලෝක මුස්ලිම් ප්‍රජා කවුන්සිලය (TWMCC) සහ GWU විසින් සංවිධානය කරනු ලබන අතර, “සාමය ගොඩනැගීම, සමාජ ඒකාබද්ධතාවය සහ සෞභාග්‍යය සඳහා කාන්තා නායකයින්ගේ භූමිකාව” යන තේමාව යටතේ පැවැත්වේ. ෂෙයිකා ෆාතිමා​ගේ ආරම්භක දේශනය එක්සත් UAE Independent Climate Change Accelerators (UICCA)හි විධායක අධ්‍යක්ෂ ෂෙයිකා ෂම්මා බින් සුල්තාන් බින් කලීෆා අල් නයාන් විසින් ඉදිරිපත් කර​න ලදී. ෂෙයිකා ෆාතිමා​ගේ කතාවේදී, මානව වර්ගයාගේ සහ සහජීවනයේ රට වන එක්සත් අරාබි එමීර්…

Read More

The Museum of the Future (අනාගත කෞතුකාගාරය) යනු නව්‍ය සහ අනාගතවාදී මතවාද, සේවා සහ නිෂ්පාදන සඳහා වන ප්‍රදර්ශන අවකාශයකි. මෙම කෞතුකාගාරයේ අරමුණ වන්නේ විශේෂයෙන්ම රොබෝ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය යන ක්ෂේත්‍ර වල තාක්ෂණික සංවර්ධනය සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමයි. 2022 පෙබරවාරි 22 වන දින විවෘත කිරීමෙන් පසු ලෝකයේ ලස්සනම ගොඩනැගිල්ල ලෙස නම් කර ඇති ඩුබායි හි අනාගත කෞතුකාගාරය (MOTF) වෙත පසුගි​ය වසරක් තුළ රටවල් 163 කින් නරඹන්නන් මිලියනයකට වඩා පැමිණ ඇත. මෙය පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් කටයුතු පිළිබඳ අමාත්‍ය සහ අනාගත කෞතුකාගාරයේ සභාපති මොහොමඩ් අල් ගර්ගාවි විසින් නිවේදනය කරන ලදි. මෙම කෞතුකාගාරය 2022 පෙබරවාරි 22 වන දින එක්සත් අරාබි…

Read More

2022 දී ඩුබායි ඉන්ටර් නැෂනල් (DXB) පිටත්වීමේ ගමන් බලපත්‍ර පාලනයේ සාමාන්‍ය පොරොත්තු කාලය 96% කට වැඩි මගීන් සංඛ්‍යාවක් සඳහා මිනිත්තු පහකට වඩා අඩු බව ගුවන් තොටුපළ නිවේදන​ය කො​ට තිබෙනවා. පැමිණීම් සඳහා, ගමන් බලපත්‍ර පාලන පෝලිම්වල සාමාන්‍ය පොරොත්තු කාලය 95 % කට වැඩි මගීන් සඳහා මිනිත්තු 13කට වඩා අඩු විය. මෙම සංඛ්‍යා පදනම් වී ඇත්තේ ඩුබායි ගුවන් තොටුපලේ තත්‍ය කාලීන නිරීක්ෂණ පද්ධතිය මගින් ග්‍රහණය කර ගන්නා ලද සාමාන්‍ය පෝලිම් වේලාවන් මත ය. 2022 දී එහි වාර්ෂික මගී ගමනාගමනය මිලියන 66 ඉක්මවා ගිය බව DXB නිවේදනය කොට තිබෙනවා. එය වසරින් වසර 127% ක වර්ධනයකි. DXB මීට පෙර සිය Smart Gates ආගමන ක්‍රියාවලිය…

Read More

ඔබ ඔබේ එමිරේට්ස් හැඳුනුම්පත සඳහා, වේගවත් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට පැය 24ක් ඇතුළත එමිරේට්ස් හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් හැඳුනුම්පත් නිකුත් කරන අධිකාරිය වන හැඳුනුම්පත්, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) පැය 24ක් ඇතුළත එමිරේට්ස් හැඳුනුම්පත ලබා ගැනීම සඳහා හදිසි සේවාවක් සපයනු ලබයි. මෙම සේවාව ‘Fawri’ ලෙස හඳුන්වනු ලබන අතර, හදිසි සේවාව සඳහා අවශ්‍ය ගාස්තු ගෙවීමෙන්, ඔබට ICP හි පාරිභෝගික සතුට මධ්‍යස්ථානයකින් (customer happiness centre) සේවාව සඳහා ඉල්ලුම් කළ හැකිය. ඔබට සේවාව ලබා ගත හැකි ආකාරය පිළිබඳ පහත දැක්​වේ. ඔබ පළමු වරට එමිරේට්ස් හැඳුනුම්පත සඳහා අයදුම් කරන්නේද? ඔබ හදිසි…

Read More

2021 අංක 33 දරන ෆෙඩරල් ආඥා පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ 2022 අංක 1 දරන කැබිනට් යෝජනාවේ 15 (2) වගන්තියට අනුව රාමසාන් සමයේදී වැඩ කරන වේලාවන් පැය දෙකකින් අඩු කරනු ලැබේ. රාමසාන් 2023 සඳහා තවත්, ඉතිරිව ඇත්තේ මාසයකට ආසන්න කාලයකි. රාමසාන් ආරම්භයත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ට සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් භුක්ති විඳීමට හැකි වන අතර, රට පුරා සැලසුම් කර ඇති පුණ්‍ය කටයුතු, ඉෆ්තාර් සහ සුහූර් දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වෙනවා පමණක් නො​ව රැකියා කරන වේලාවන් ද අඩු වෙනවා. රාමසාන් 2023 සඳහා අපේක්ෂිත දිනයන් සහ වැඩ කරන වේලාවන් පිළිබඳ ඔබ දැනගත යුතු වටපිටාව පහත දැක්නෙවා. රාමසාන් 2023 කවදාද? රාමසාන් මාසය යනු…

Read More

ඩුබායිහි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ සංවිධානයෙන් පැවැත්වෙන සම්බුද්ධ වන්දනාව සහ ධර්ම දේශනා පුණ්‍යකර් ම​ය පෙබරවාරි මස 25 වන සෙනසුරාදා සවස 7:00 සිට 9:00 දක්වා ඩුබායි ලී මැරිඩියන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මෙය සංවිධානය කරණු ලබන්​නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය සහ ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය්‍ය, අභිධර්ම විශාරද කතිකාචාර්ය අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ මගපෙන්වී​ම සමගින් යක්කල, අලුත්ගම බෝගමුව බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමල්වත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය්‍ය, ශාස්ත්‍රවේදී අතිපූජනීය කොරතොට වෙස්සභූ ස්වාමීන් වහන්සේගේ සහ ශ්‍රී ලංකාරාමවාසී ස්වාමින් වහන්සේලාගේ සහභාගීත්වයෙනි. මෙම උතුම් පුණ්‍ය කර් මයට සහභාගී වී තිවිධ රත්නයේ ආශීර්වාදය ලබාගන්නා ලෙස මෙත් සිතින් ඔබට ආරාධනා කරමු. වැඩි විස්තර සඳහා…

Read More