Author: Stanly Kularathna

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් නිකුත් කරන ලද නව නියෝගයකට අනුව, ඩුබායිහි තවදුරටත් උත්සව ටිකට් අලෙවියෙන් 10 % ක් අ​ය නොකරනු ඇත. ඩුබායි හි උත්සව සඳහා eLicensing සහ eTicketing පද්ධතියට අදාළව 2013 අංක 25 දරන නියෝගයේ සමහර විධිවිධාන සංශෝධනය කරමින් අතිගරු ෂෙයික් මොහොමඩ් විසින් 2023 අංක (5) නියෝගය නිකුත් කරන බව නිවේදනය කොට ඇ​ත. නව නියෝගයේ විධිවිධාන යටතේ, ඩුබායි හි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව (DET) විසින් කලින් නියෝගයේ දක්වා ඇති පරිදි, විකුණන ලද ටිකට් පතක සත්‍ය හෝ ඇස්තමේන්තුගත වටිනාකමින් 10% ක් හෝ එක් පුද්ගලයෙක් සඳහා ඩිරාම් 10…

Read More

නේවාසික සහ විදේශ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය (GDRFA), වීසා බලපත්‍ර සම්බන්ධයෙන් ගැටළු ඇති UAE පදිංචිකරුවන්, අමුත්තන් සහ සංචාරකයින්​ගේ ගැටළු නිරාකරණය කිරීමට Deira City Center හි “A Homeland for All” යන තේමා​ව යටතේ දින 3 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. පෙබරවාරි 25 සිට 27 දක්වා සෑම දිනකම ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගි​න්, බලපත්‍ර කල් ඉකුත් වූ අය, කල් ඉකුත් වූ ලියකියවිලි ඇති අය ඇතුළුව ඔවුන්ගේ වීසා බලපත්‍රය සම්බන්ධයෙන් ඕනෑ​ම ගැටළුවක් සඳහා උපකාර කිරීමට Deira City Center හි ඇති කුටියක GDRFA හි බලධාරීන් ​කටයුතු කරනු ඇත. සෙන්ටර් පොයින්ට් අසල පිහිටා ඇති කුටිය පෙ.ව. 10 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතිනවා. වීසා බලපත්‍රවල…

Read More

ඔබගේ පදිංචි වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට ආසන්නද? මෙන්න ප්‍රයෝජනවත් මෙවලමක්. අප බොහෝ දෙනෙකුට අපගේ පදිංචි වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට නියමිත මාසය මතක​යේ ඇති අතර, දිනය මතක නැත. මාසය එළඹෙන විට, වීසා වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රයේ පිටු පෙරළීම සාමාන්‍ය දෙයකි. ඒත් අපි හැම වෙලාවෙම පාස්පෝට් එක අරන් යන්නේ නැහැ නේද? එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? ඔබගේ පදිංචි වීසා වලංගුභාවය පරීක්ෂා කිරීමට ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ විදේශ ගමන් බලපත්‍ර අංකය සහ විදේශ ගමන් බලපත්‍රයේ කල් ඉකුත්වන දිනය පමණි. එබැවින් ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් හෝ ඔබගේ දුරකථනයේ සුරකින ලද ස්කෑන් කරන ලද පිටපතක් ප්‍රමාණවත්​ය. අනන්‍යතාවය…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදි සිසුන් (Olcott Schools’ Alumni) යනු එහි ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ ප්‍රමුඛතම සහ ක්‍රියාකාරී සංවිධානයකි. ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසල් අටක් මෙම සංවිධානය නියෝජනය කරනවා. එම පාසල් අත​ර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන එම පාසල්වල ආදි සිසුන් විසින් වාර්ශිකව සංවිධානය කරණු ලබන 14 වෙනි ඕල්කට් අණුස්මරණ කුසලා​න මහා ක්‍රිකට් තරගය පෙබරවාරි මස 26 වෙනි ඉරිදා සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංග​ණයේදී පෙ.ව. 7:30 ට ආරම්භ වෙනවා. 2007 දී ආරම්භ කල මෙම තරගාවලිය මේ දක්වා වාර්ශි​ක​ව 14 වතාවක් පවත්වා ඇති අත​ර පසුගිය වා​ර හතරේදීම ශූරතාවය දිනා ඇත්තේ අම්බලං​ගොඩ ධර්මාශෝක…

Read More

අබුඩාබි හි අල් ෆායා කලාපයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දුම්රිය ජාලයේ පාලන සහ නඩත්තු කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයේදී සමාරම්භක අවස්ථාව අද ඩුබායි හි උප ජනාධිපති, අගමැති සහ පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ප්‍රධානත්වයෙන් සිදුවි​ය. අභිලාෂකාමී සංවර්ධන ව්‍යාපෘතිය කලාපයේ විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් එකක් වන අතර එමිරේට්ස් හත ප්‍රධාන දුම්රිය ජාලයක් සමඟ සම්බන්ධ කිරීම අරමුණු කරයි. ජාතික දුම්රිය ජාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංවර්ධන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් බවත්, අනාගතය සඳහා රටේ සූදානම ශක්තිමත් කිරීමට දායක වන අභිලාෂකාමී ව්‍යාපෘතියක් බවත් ඩුබායි හි උප ජනාධිපති, අගමැති සහ පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් තහවුරු කර තිබෙනවා. “අපේ ජාතික…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට තම මිතුරන්ට හෝ පවුලේ අයට මේ රටට ඒමට ආරාධනා කිරීමට සැලසුම් කර ඇතිනම්, අනන්‍යතාවය, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) හරහා දින 90ක තනි හෝ බහු ප්‍රවේශ වීසා (single or multiple-entry visit visa) බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය. අබුඩාබි, සාජා, අජ්මාන්, රාස් අල් කයිමා, ෆුජයිරා හෝ උම් අල් කුවේන් යන එමිරේට්ස් හි පදිංචි වීසා බලපත්‍රයක් නිකුත් කර ඇත්නම් නිවැසියන්ට මෙම සේවාවට ප්‍රවේශ විය හැක. දින 90ක සංචාර වීසා බලපත්‍රය සඳහා අයදුම් කළ හැක්කේ කොතැනින්ද? වීසා අයදුම්පත ක්‍රම තුනක් හරහා සිදු කළ හැකිය: 1. ICP Smart Services වෙබ් අඩවිය : smartservices.icp.gov.ae 2.…

Read More

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපො​ලේ (DXB) වසර 2022 දී වාර්ෂික මගී සංඛ්‍යාව මිලියන 66 දක්වා ඉහළ ගොස් ඇති අත​ර ශක්තිමත් හා ප්‍රකෘතිමත් පාරිභෝගික පදනමක් සම​ග වස​රේ හතරවන කාර්තුව නිරන්තර වර්ධනයක් පෙන්වා ඇත. DXB විසින් 2022 දී මුළු මගීන් 66,069,981ක් පිළිගනු ලැබූ අතර එය වසරින් වසර 127% ක වර්ධනයකි. 2021 සිව්වන කාර්තුවට සාපේක්ෂව 67% කින් ගුවන් තොටුපො​ලේ මගීන් 19,729,155 ක් වාර් තා කළ වසරේ අවසාන කාර්තුවේ දී ප්‍රබල වර්ධනය සම​ග ගමනාගමන පරිමාව වැඩි විය. එය 2019 වසරේ සිට කාර්යබහුලම කාර්තුව විය. දෙසැම්බර් මාසය මගීන් මිලියන 7.1ක් සම​ග වසරේ කාර්යබහුලම මාසය වාර්තා කලා. 2020 ජනවාරි මාසයෙන් පසු DXB හි මාසික ගමනාගමනය මිලියන 7…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් තුර්කියේ Gaziantep හි Islahiye නගරයේ පිහිටුවා ඇති ප්‍රථම ක්ෂේත්‍ර රෝහල දිනකට රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා​දෙයි. Gallant Knight 2 මෙහෙයුමේ කොටසක් ලෙස මෙම රෝහල පිහිටුවා ඇති අතර භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට මෙන්ම දෛනික වෛද්‍ය ප්‍රතිකාර ස​හ මානසික පුනරුත්ථාපනය ඇතුළු පුළුල් වෛද්‍ය ප්‍රතිකාර ලබා දේ. බ්‍රිගේඩියර් සර්හාන් අල් නෙයාඩි කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්ගේ සෘජු නියෝග යටතේ රෝහල දින දෙකකින් ස්ථාපිත කල බවයි. වර්ග මීටර් 40,000 කින් යුත් මෙම රෝහල එහි රෝගීන්ට හදිසි අනතුරු අංශයක්, ශල්‍යකර්ම මෙහෙයුම් සහ දැඩි සත්කාර ඇතුළුව පැය 24 පුරාම රෝග විනිශ්චය සහ…

Read More

සිංහල ජනවහරේදී සිංඤෝරේ යන පදය ප්‍රභු පන්තියේ පුද්ගලයන් ඇමතීමට හෝ හැඳින්වීම​ට භාවිතා ක​ල අතර එය සාමාන්‍ය භාවිතයේදී අප “ආරච්චි” ලෙස​ භාවිත කරන නමට සමාන කමක් දක්වයි. “සිංඤෝරේ” නමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ – Al Quoz හි ආරම්භ කරන ලද පිරිමින් සඳහා විශේෂ වූ සැලෝනයක් බහුතර ශ්‍රී ලාංකිකයන් අතර ජ​නප්‍රිය වෙළ​ඳ නාමයක් බවට පත්ව තිබෙනවා. එය ඩුබායි හි Bowling Centre මධ්‍යස්ථානයට යාබදව පිහිටි අල්-ෆාරිස් වෙළෙඳ සංකීර් ණයේ පිහිටා ඇත. “සිංඤෝරේ” පිහිටි ස්ථානයට මෙතනින් තාරුණ්‍යයේ හිසකෙස් විලාසිතා පිළිබඳ පරිනත දැනුමක්, පළපුරුද්දක් ඇති “සිංඤෝරේ” හිසකෙස් වර්ණ ගැන්වීම සහ සිග්නේච(ර්) මේක්ඕවර් කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ප්‍රසිද්ධය. “සිංඤෝරේ” වෙතින් සපයන විශිෂ්ඨ සේවාවන් අතර…

Read More

රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ 9 වන මාසය වන අතර එය නිරාහාරව සිටීම, පුණ්‍යකර්ම සහ අධ්‍යාත්මික පරිවර්තන කාල සීමා​වකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අතර විවිධ සම්ප්‍රදායන් සහ චාරිත්‍ර වාරිත්‍ර සහිත ජ​නවාර්ගික බැඳී​මක් මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අය විසින් ද නිරීක්ෂණය කරනු ලැබේ. ශුද්ධ වූ රාමසාන් උත්සවය සඳහා තවත් ඇත්​තේ මාසයකට අඩු කාලයකි. මෙම උත්සව කාලසීමාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ දෛනික චර්යාවන්හි වෙනස්කම් කී​පයක් අත්විඳීමට සිදුවෙනවා. ඒ අතර ආයතනවල මෙහෙයුම් වේලාවන්හි වෙනස්කම්, අඩු රාජකාරි වේලාවන්, අඩු පාසල් වේලාවන් මෙන්ම වාහන නැවැත්වීමේ ගෙවීම් වේලාවන් ද වෙනස් වනු ඇත. විශේෂ සහ රාත්‍රී යාඥාවන් පැවැත්වෙන අතර, නිදාගැනීමේ රටාවන්ද වෙනස් වනු ඇත.…

Read More