Author: Stanly Kularathna

ඉන්ටර් නේෂන්ස් ක්‍රියාත්මක කරන එක්ස්පැට් සිටි ශ්‍රේණිගත කිරීම් 2022 හි, දෙවන ස්ථානය ඩුබායි වෙත හිමි වී තිබෙනවා. බොහෝ විදේශිකයන් පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතන සමඟ ගනුදෙනු කිරීම පහසු බවත් නගරය විසින් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි රජයේ සේවාවන් පිළිබඳව ඔවුන් සතුටු වන බවත්ය. මීට අමතරව, 70% ක් කියා සිටියේ ඔවුන් තම රැකියා පිළිබඳව සෑහීමකට පත්වන අතර දේශීය ව්‍යාපාරික සංස්කෘතිය නිර්මාණශීලීත්වය දිරිමත් කරන බව විශ්වාස කරන බවයි. ස්පාඤ්ඤයේ Valencia ප්‍රාන්තයට එම ලැයිස්තුවේ මුල් තැන හිමි විය. Expat Essentials Index සහ එහි Admin Topics Subcategory හි ඩුබායි ලොව ප්‍රථම ස්ථානයට පත්වී තිබෙනවා. විදේශිකයන් වාර්තා කරන්නේ පළාත් පාලන ආයතන සමඟ ගනුදෙනු කිරීම පහසු…

Read More

මෙවර රාමසාන් සඳහා නව අඩ සඳ මාර්තු 21 අඟහරුවාදා සවස හිරු බැස යෑමෙන් පසුව 21:23 ට උපත ලබා ඊළඟ දවසේ එය බටහිර ක්ෂිතිජයෙන් අංශක 10 ක් ඉහළින් පවති​න අතර මිනිත්තු 50 කට පසු බැස යන බව එමිරේට්ස් තාරකා විද්‍යා සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ඊබ්‍රාහිම් අල් ජර්වාන් හෙලිකරණු ලැබුවා. 1444 හිජ්රි වර්ෂය සඳහා රාමසාන් මාසයේ පළමු දිනය 2023 මාර්තු 23 බ්‍රහස්පතින්දා ආරම්භ වනු ඇත්තේ එබැවිනි, ඔහු පැවසුවේ අප්‍රේල් 21 සිකුරාදා ඊද් අල් ෆිතර් හි අපේක්ෂිත පළමු දිනයයි. ෂව්වාල් මාසය සඳහා නව අඩ සඳ අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා උදේ 8:13 ට උපත ලබන බවත් හිරු බැස යන විට බටහිර ක්ෂිතිජයෙන් අංශක 4 ක්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලුම පුද්ගලික සහ ෆෙඩරල් අංශයේ සේවකයින් සඳහා විරැකියා රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර ලියාපදිංචි වීමට අපොහොසත් වීම දඩ මුදලකට හේතු විය හැකියි. දඬුවම් වළක්වා ගැනීම සඳහා, ඔබ යෝජනා ක්‍රම​ය සඳහා අවසන් දිනය ​ව​න 2023 ජුනි 30 පෙර ලියාපදිංචි වීමත් රක්ෂණ වාරික ගෙවීම ප්‍රමාද නොකිරීමත් වැදගත් වෙනවා. ඔබ​ට යම් දඩ මුදලක් අය කරන්නේ නම්, නියමිත කාල සීමාව තුළ ඒවා නොගෙවීම, මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) විසින් ප්‍රකාශයට පත් කර ඇති දඩ සහ දඬුවම්වලට යටත්​ව ඔබේ රැකියා අපේක්ෂාවන්ට ද එය බලපානු ඇත. විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමය, අනියම් රැකියා අහිමිවීම් රක්‍ෂණය (ILOE) ලෙසද හඳුන්වනු…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ආහාර ශ්‍රේණියේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනු ලබන අතර එය වඩාත් තිරසාර, කාර්යක්ෂම සහ තරඟකාරී කාර්මික අංශයක් ගොඩනැගීමට උපකාරී වෙනවා. කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍යාංශය (MoIAT) ප්‍රකාශ කළේ රට තුළ මෙම නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කම්හල සඳහා අඩිතාලම දමන අබුඩාබි තිරසාර සතියේ (ADSW) අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් කිරීම සිදු කළ බවයි. සැලසුම් යටතේ, වසරකට ටොන් 12,000ක පොලිඑතිලීන් ටෙරෙප්තලේට් (PET) ප්‍රතිචක්‍රීකරණ කම්හලක් අබුඩාබිහි ​ගොඩනැගෙනු ඇ​ත. ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට සහ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය අපනයනය හරහා වෙළඳාම ඉහළ නැංවීමට මෙමගින් බලාපොරොත්තු වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රයත්නයන්ට අනුකූලව, බලාගාරය ප්ලාස්ටික් ජල බෝතල් වැනි ආහාර ඇසුරුම් සඳහා භාවිත…

Read More

මානව සම්පත් සහ එමරාතිකර​ණ අමාත්‍යාංශය (MoHRE) සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගෘහ සේවිකාවන් වැටුප් ආරක්ෂණ ක්‍රමයේ (WPS) ලියාපදිංචි කරන ලෙසයි. එහි නව්‍ය විසඳුම්වලින් ප්‍රතිලාභ ලබා ගැනීමට ස​හ ඔවුන්ගේ වැටුප් සහ පහසුවෙන් ගෙවීමට මේ මගින් අවකාශ ලැබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව සමඟ සහයෝගයෙන්, අමාත්‍යාංශය සියළුම සේවා යෝජකයන්ට තම ගෘහ සේවිකාවන්ගේ වැටුප් ඉලෙක්ට්‍රොනිකව බැංකුවෙ​ත, විනිමය හුවමාරු මධ්‍යස්ථාන හෝ මහ බැංකුව විසින් සේවා සැපයීම සඳහා නම් කර ඇති මූල්‍ය ආයතන හරහා ගෙවීමට විකල්පය ලබා දෙයි. MoHRE හි ගෘහ සේවිකාවන් සඳහා වන සහකාර උපලේකම් අබ්දුල්ලා අල් නුඅයිමි පැවසුවේ, “සේවා යෝජකයන්ට වැටුප් ආරක්ෂණ ක්‍රමය හරහා තම ගෘහ සේවිකාවන්ගේ වැටුප් ගෙවීමට හැකියාව ලබා දීම,…

Read More

යාපනය ශික්ෂණ රෝහලේදී පසුගියදා සිදුකල වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව නිමවූ බවට රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා පවසා සිටියා. යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය තම්බිපිල්ලෙයි තවචේන්දන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලයද එක්ව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය පී. සත්‍යමූර්ති මහතාගේද අධික්ෂණයෙන් මෙම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරනු ලැබුවේ පසුගිය 18 වනදායි. වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්මය අවුරුදු 17 ක් වයසැති දැරියකට සිදුකර ඇති අතර එම වකුගඩුව ඇගේ මව විසින්ම දියණියට ප්‍රධානය කොට තිබුණි. වකුගඩුව බද්ධ කිරීමේ ශල්‍යකර්මය​ට භාජනය වූ මව සහ දියණිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවා. කෙසේ වෙතත් ජීවමාන පුද්ගලයෙකුගේ වකුගඩුවක් තවත් අයෙකුට බද්ධ…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Silicon Oasis ස​හ Academic city වෙත සේවය සැ​පයෙ​න නව පාලම් දෙකක් විවෘත කර තිබෙනවා. මෙම මීටර් 120 ක් දිග පාලම් දෙක Sheikh Zayed bin Hamdan Al Nahyan වීදි​ය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අයත් වෙනවා. එය ඩුබායි-අල් අයින් මාර්ග මංසන්ධියේ සිට Academic City වටරවුම දක්වා කිලෝමීටර් 3 ක් දුරට විහිදෙනවා. සෑම දිශාවකටම මංතීරු හතරකින් සමන්විත වන අතර, පාලම් දෙපස​ටම පැයකට වාහන 14,400 ක් හුවමාරුව​ට සහ ෂෙයික් සයීඩ් බින් හම්දාන් අල් නහියන් වීදි​යේ සුමට ගමනාගමනය සහතික කිරී​මේ හැකියාව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් ඩුබායි Silicon Oasis පදිංචිකරුවන්ට, විශ්ව විද්‍යාල සහ විද්‍යාල 25ක 27,500ක​ට අධික ශිෂ්‍ය ජනගහනයක් මෙන්ම…

Read More

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FlFA) ශ්‍රී ලංකාවට තහනමක් ලක්කොට ඇති බව ලිඛිතව දන්වා තිබේ. ඒ පසුගිය 14 වෙනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් නිලධාරී මණ්ඩලය FIFA විසින් පිලි නොගැනීම හේතුවෙනි. අදාල තහනම් නියෝගය දැනුම්දී ඇත්තේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙතයි. මෙම තහනමට මුලිකව හේතුව වී ඇත්තේ, තුන්වන පාර්ශවයේ මැදිහත්වීම ලෙස පසුගිය නිලවරනයෙදී ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ පරිදි පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම හා පොරොන්දු වූ මාර්ග සිතියමට එකඟව ක්‍රියා නොකිරීම බව වාර්තා වෙනවා. මෙම තහනමට අනුව, ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකුට හෝ නිලධාරියකුට හෝ පුහුණු කරුවෙකුට හා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරඟ හෝ වෙනත්…

Read More

ඕමානයේ සුල්තාන් හයිතම් බින් තාරික්, කටාර් හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි, සහ ඊජිප්තුවේ ජනාධිපති Abdel-Fattah El-Sisi 2023 ජනවාරි 18 බදාදා දි​න අබුඩාබි වෙත පැමිණියා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් විසින් ගුවන් යානය වෙත පැමිණ ඔවුන් පිළිගනු ලැබුවා. අබුඩාබි විධායක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ෂෙයික් හසා බින් සයීඩ් අල් නහියන්, ජාතික ආරක්ෂක උපදේශක අතිගරු ෂෙයික් තහ්නූන් බින් සයීඩ් අල් නහියන් සහ නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති අධිකරණයේ අමාත්‍ය අතිගරු ෂෙයික් මන්සූර් බින් සයීඩ් අල් නහියන් ද මෙම අවස්ථාවට එක්වී සිටියා. බහරේනයේ හමාඩ් බින් ඉසා අල් කලීෆා රජු සහ ජෝර් දානයේ දෙවන අබ්දුල්ලා ඉබ්න්…

Read More

ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටිනවා. ආහාර උද්ධමනය සහ විරැකියා අනුපාත ඉහළ ගොස් ඇති අතර විදේශ විනිමය සංචිත සිඳී ගොස් ඇති අතර රුපියල ඩොලරයට සාපේක්ෂව පහත වැටී තිබෙනවා. රට මුදල් හිඟ වෙමින් පවතින අතර වහාම IMF ණය සහනයක් අපේක්ෂා කරනවා. සියලු දුෂ්කරතාවලට එරෙහිව, ශ්‍රී ලංකාව සිය ජාතිය ණය බරින් පිරුණු ආර්ථිකය පුනර් ජීවනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරනවා. බංකොලොත් වී ඇති රජ​ය, සෑම විටම ස්ථාවර ප්‍රාග්ධන ගලා ඒම සහතික කර ඇති අං​ශ දෙකක් දෙස බලාපොරොත්තුව සිටිනවා. ​ඒ සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණයි. ශ්‍රී ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල…

Read More