Author: Stanly Kularathna
මානව සම්පත් සහ එමරාතිකරණ අමාත්‍යාංශය විසින් සේවා යෝජකයන්ට ලබා දී ඇති වත්මන් රැකියා ගිවිසුම් කොන්දේසි නිවැරදි කිරීමේ කාලසීමාව, 2023 දෙසැම්බර් 31 දක්වා දීර් ඝ කොට තිබෙනවා. විශේෂයෙන් කම්කරුවන් සහ සේවා යෝජකයන් අතර අත්සන් කොට අවසන් කරන ලද රැකියා කොන්ත්‍රාත්තු අවිනිශ්චිත කාලීන (indefinite-term) රැකියා කොන්ත්‍රාත්තුවේ සිට ස්ථාවර (fixed-term) දක්වා වෙනස් කල යුතු බව නිවේදනය කර ඇත. 2022 පෙබරවාරි 2 වන දින සිට බලාත්මක වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතියට අනුව, සේවකයා සඳහා සේවා කොන්ත්‍රාත්තුව වසර තුනක් නොඉක්මවන නිශ්චිත කාලයක් සඳහා සීමා කොට ඇත. සේවා යෝජකයාගේ සහ සේවකයාගේ එකඟතාවයෙන්, සමාන කාල සීමාවක් සඳහා හෝ කෙටි කාලයක් සඳහා දීර් ඝ කිරීම හෝ…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ජාත්‍යන්තර පාරිභෝගික අත්දැකීම් සම්මාන (iCXA) 2022 හි හොඳම ඩිජිටල් පරිවර්තන කාණ්ඩය යටතේ රන් ජයග්‍රාහකයා ලෙස නම් කර ඇත. ICXA රන් සම්මානයට පාත්‍ර වී ඇත්තේ, ඩුබායිහි RTA විසින් 2017 දී එමීර් රාජ්‍යයේ පොදු ප්‍රවාහනය භාවිතකරන්නන් සඳහා දියත් කල S’hail යෙදුම හරහා පාරිභෝගිකයන්ට ලබාදුන් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් වෙනුවෙනි. S’hail යෙදුම මඟින් පිරිනමන ප්‍රවාහන ක්‍රම 11 සඳහා අවශ්‍ය සියලුම සංචලන දත්ත, චාරිකා වේලාවන් පිළිබඳ තත්‍ය කාලීන යාවත්කාලීන කිරීම් මගින් (real time updates) ඔවුන්ගේ සංචාර බාධාවකින් තොරව සැලසුම් කිරීමට පරිශීලකයින්ට අවස්ථාව ලබා දේ. එය නොල් ගිණුම්වල පවතින ශේෂය, ගමනාගමන යාවත්කාලීන කිරීම් සහ ගමනාන්තයකට ළඟා වීමට හොඳම මාර්ගය…
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්ට ඩොලර් 10,000 ක පමණ මාසික වැටුපක් හිමිවුවද එහිදී ඩොලරයේ අගය රුපියල් 225 ක් වැනි අඩු මට්ටමකට ගණන කරන බව කී එම නිලධාරියා වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් නියමුවෙක්ට රුපියල් 370 ට ගණනය කරන ඩොලර් 30,000 ත් 40,000 ත් අතර බදු නිදහස් වැටුපක් ලැබෙන බව ද සඳහන් කළේය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ…
සංගීත ලෝලී ශ්‍රී ලාංකික සැමගේ විවිධ රුචිකත්වයන්ට සරිලන පරිද්දෙන් සංවිධානය කෙරෙන සංගීත සැණකෙළි මාලාවක් ජනවාරි මස 28 වෙනි සෙනසුරාදා රාත්‍රී එක්සත් එමීර් රාජ්‍යයේ ස්ථාන කීපයකදී පැවැත්වෙනවා. මෙය කාර්ය බහුල ජීවිතයෙන් මදක් ඈත්වී ආදරණීය යහළු යෙහෙලියන් සමග පවුලේ හිතවතුන් සමග ශ්‍රී ලාංකික සංගීතයෙන් ඒකාත්මික වන්නට විනෝදයෙන් සමරන්නට හොඳම අවස්ථාවක්. සංහිඳ ඉවෙන්ට්ස් සාදරයෙන් ඉදිරිපත් කරන GOLDEN OLDIES OF THE 70’S LIVE IN DUBAI කිසිදා මතකයෙන් ඉවත්ව නොයන ගීත එකතුවක් රැගෙන එන ඇනස්ලි මාලේවන, කොරින් අල්මේදා, ඉන්ද්‍රානි පෙරේරා, රජීව් සෙබස්තියන්, අනිල් භාරතී, වර්නන් පෙරේරා සහ DOWNTOWN සංගීත කණ්ඩායමේ සුමියුරු සංගීත සුසංයෝගයෙන්ජ ජනවාරි 28 වෙනි සෙනසුරාදා රාත්‍රී ජුමෙයිරා ක්‍රීක් සයිඩ් හෝටලයේදී ඉදිපත් කිරීම විශ්ව…
ඩුබායි රේගු නිලධාරීන් ඩුබායි හි සැකකරුවන් හඳුනා ගැනීමට සහ අල්ලා ගැනීමට, මත්ද්‍රව්‍ය සහ වෙනත් හානිකර ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට නිරන්තරයෙන් නව්‍යකරණය වෙන උසස් තාක්‍ෂණය සහ කෘතිම බුද්ධිය භාවිතා කරනවා. මූලික සහජ බුද්ධියේ සිට ඩ්‍රෝන යානා දක්වාත් පර්යේෂණ මගින් හා නවෝත්පාදන භාවිතයෙන් පරීක්ෂණ කටයුතු උසස් අයුරින් මෙහෙයවීමට උපකාර කරනවා. 6 වන ඩුබායි රේගු සතියේදී නවෝත්පාදන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී හුසේන් අල් ෆර් දාන් මෙසේ අදහස් දැක්වූවා. “ජාවාරම් කරුවන් නීතිවිරෝධී ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීමට නව ක්‍රමෝපායන් භාවිත කරනවා. නමුත් අපි ද නව ක්‍රමෝපායන් භාවිතා කරමින් ඒවා අබිභවමින් සිටිනවා. අපරාධකරුවන් හඳුනා ගැනීමට සහ ඩුබායි හි නීති විරෝධී ද්‍රව්‍ය අල්ලා ගැනීමේ දක්ෂ ක්‍රම ඉදිරිපත් කිරීමට…
Etihad Rail දුම්රිය මාර්ගයේ ඩුබායි හි පිහිටා ඇති අල් කුද්‍රා පාලම එමිරේට්ස් හි ප්‍රධාන ජාලය තුළ ඇති දිගම දුම්රිය පාලම වෙනවා. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා භාණ්ඩ ප්‍රවාහනයට ධනාත්මක ලෙස දායක වන වෙළඳාම සහ වාණිජ්‍යය සඳහා අත්‍යවශ්‍ය මාර්ගයක් නිර්මාණය කරනවා. ව්‍යාපෘති 50 ක කොටසක් ලෙස දියත් කරන ලද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දුම්රිය වැඩසටහනට ඩොලර් බිලියන 50 ක ආයෝජනයක් සමඟ එමිරේට්ස් හතම සම්බන්ධ කරන ජාතික දුම්රිය ව්‍යාපෘති ජාලයක් ඇතුළත් වෙනවා. මෙම වැඩසටහන මගින් ඩොලර් බිලියන 200 ක ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට අපේක්ෂිතයි. කිලෝමීටර් 256 දිග ඩුබායි සහ අබුඩාබි යා කරන දුම්රිය මාර්ගයේ පාලම් 29 ක්, හරස් මාර් ග 60…
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹූ බව අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සිටින රටවල් ආශ්‍රිතව පැවැත්වෙන නිදහස් උත්සව සහ සමුළු සදහා මෙම ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා. එහි පළමු පියවර ලෙස නිදහස් දිනයට සමගාමීව ඩුබායි හි පැවැත්වෙන ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට සමගාමීව ඩුබායි ශ්‍රී ලංකා දින සැමරුම පෙබරවාරි 11 වනදා ඩුබායි හී Zabeel Park හිදී පැවැත්වෙන අතර ඊට ඩුබායි සහ…
ඩුබායි සාප්පු සැණකෙළියේ (DSF) 28 වන වතාවේ සමාප්තිය සනිටුහන් කරන සිත් ඇදගන්නාසුළු ගිනිකෙළි සංදර්ශන හතරක් මෙම සති අන්තයේ The Pointe හිදී පැවැත්වෙනු ඇත. ලොවෙ හි සිත් ඇදගන්නාසුළු දසුන් ඇති Palm Jumeirah හි ද ජනවාරි 25 සිට 28 දක්වා සෑම දිනකම රාත්‍රී 9 ට විස්මිත ගිනිකෙළි සංදර්ශන පවත්වනු ලබනවා. ලොව දීර්ඝතම සිල්ලර වෙළෙඳ සැණකෙළියක් වන DSF දෙසැම්බර් 15 වැනිදා ආරම්භ වූ අතර ජනවාරි 29 වැනිදා දක්වා දින 46ක් ක්‍රියාත්මක වෙනවා. අලෙවිසැල් 3,500 ක් හරහා සහභාගී වන සන්නාම 800 කට අධික සංඛ්‍යාවක් මෙම කාල සීමාව පුරා දැවැන්ත අඩු කිරීම් ලබා දුන් අතර අවසාන අලෙවිය මෙම සති අන්තයේ සිදු කිරීමට නියමිතයි. එය සාප්පු…
එමිරේට්ස් හතටම ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, වීදි ජලයෙන් යටවීමත් සමග වාහන රියදුරන් ගමනාගමන කටයුතු වලදී දැඩි අපහසුතාවයකට මුහුණ දී තිබෙනවා. ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කළේ ජලයෙන් යටවීම හේතුවෙන් ඇතැම් මාර ග මහජනතාවට වසා තබන බවයි. අල් සබ්කා උමං මාර්ගය දෙපැත්තෙන්ම වසා ඇත. මෙම මාර්ගය උමඟට ඉහළින් ඇති මාර්ග සංඥා මංසන්ධිය වෙත හරවා යවා ඇත. මෝටර් රථ හිමියන්ට විකල්ප ලෙස Sheikh Zayed පාර, First Al Khail වීදිය හෝ Al Yalayis භාවිතා කළ හැකි බව RTA නිවේදනය කරනවා. Latifa Bint Hamdan වීදිය සමඟ Al Asayel වීදියේ මංසන්ධිය ද දෙපැත්තෙන්ම වසා ඇත. පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස්…
සාමාජිකයින් අට දෙනෙකුගෙන් යුත් විශේෂයෙන් ආරාධිත ශ්‍රී ලාංකික පපරේ බෑන්ඩ් කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි මේ දිනවල පැවැත්වෙන ILT 20 ක්‍රිකට් තරගාවලිය සඳහා පැමිණ තිබෙනවා. මෙම තරඟාවලියේදී පැවැත්වෙන සියලු තරග සඳහා මෙම පපරේ බෑන්ඩ් කණ්ඩායම පපරේ සංගීතය ලබාදෙමින් ක්‍රිකට් පිටියට නව ජීවයක් එක් කෙරෙනු ඇති. ශ්‍රී ලංකාවට සහ ක්‍රිකට් පිටියට ආවේනික සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳිමින් මෙම තරඟාවලියට සහභාගී වන අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා කරනවා. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 11 දෙනෙකු සහභාගී වන අතර ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් පහත දැක්වෙනවා Abu Dhabi Knite Riders Desert Vipers Dubai…