Author: Stanly Kularathna

අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි කවුන්සිලයේ සාමාජිකයන් සිව් දෙනෙකු හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අද අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා​වේ අරාබි කවුන්සිලයේ නායක පලස්තීන තානාපති  ආචාර්ය සුහායීර් එම්. එච්. ඩාර් සේයිඩ් මහතා (Dr. Zuhair M. H. Dar Zaid) සමග සවුදි, ඉරාක හා ඊජිප්තු යන රාජ්‍යයන්හි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනකු මෙම සාකච්ඡාවට එක් වුනා. එහි දී උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන්  පිළිබඳ ව මෙන් ම අරාබි රට වෙ​ත යන ශ්‍රී ලාංකික පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් සඳහා අරාබි සංස්කෘතිය හා භාෂාව පිළිබඳ ප්‍රමාණවත් පෙර පුහුණුවක් ලබා දීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වුණා.

Read More

ඩුබායි මහ නගර සභාව විසින් යටිතල පහසුකම් සහ සේවා සඳහා ත්‍රිමාණ රේඛා සිතියම් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කොට තිබෙනවා. සියලු අංශ හරහා විවිධ ජාත්‍යන්තර සහ නව්‍ය ප්‍රමිතීන්ට අනුකූලව නවීනතම සේවාවන් සැපයීමේ අරමුණින් ඩුබායි රජය ස්මාර්ට් ආකෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලබනවා. ඩුබායි මහ නගර සභාවේ අධ්‍යක්ෂ ජනරාල් Dawoud Al Hajri මෙසේ පැවසුවා. “මෙම ව්‍යාපෘතිය මඟින් ත්‍රිමාණ ආකෘතියක් තැනීම සඳහා උසස් තාක්ෂණයන් තෝරා ගැනීමත් පුළුල් අධ්‍යයනයක් තුලින් පොළවට යටින් ඇති යටිතල පහසුකම් සහ සේවා මාර්ග පිළිබඳ භූගෝලීය දත්ත ඇතුළත් සියලු නිවැරදි තොරතුරු සහිත සිතියමක් නිර්මාණය කරනු ඇත. මෙමගින් Ground Penetrating Radar (GPR) තාක්‍ෂණය ඇතුළුව භූගත යටිතල පහසුකම් සිතියම් සැකසීමේ මෑතකාලීන…

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03 ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ල ගෙන අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර් යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා දී තිබෙනවා. මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මෙයට පෙර වරින් වර මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති මුළු මුදල රුපියල් මිලියන 3382ක් වන අතර එකවර රුපියල් බිලියන තුනක් ලබා දුන් ප්‍රථම…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෑම වසරකම සාමාන්‍යයෙන් පැය 1,000 ක පමණ වලාකුළු වැපිරීමක් (cloud seeding) සිදු කරන බව අඟහරුවාදා අබුඩාබිහි පැවති ජාත්‍යන්තර වැසි වැඩිදියුණු කිරීමේ සංසදයට සමගාමීව අනාවරණය විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වන විට වර්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 18ක් (ඩිරාම් මිලියන 66) ආයෝජනය කර ඇති බව ඉහළම කාලගුණ විද්‍යා විශේෂඥයෝ පවසති. මෙම සංසදය පැවැත්වෙන්නේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ජනාධිපති අධිකරණ අමාත්‍ය ෂෙයික් මන්සූර් බින් සෙයිඩ් අල් නහියන්ගේ ප්‍රධානත්වයෙනි. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ (NCM) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Abdulla Al Mandous විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අත​ර නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති අධිකරණ අමාත්‍ය Sheikh Mansour Bin Zayed…

Read More

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් සිදුකරන ලද ගාස්තු 1985 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඒ අනුව දැනට අයකරනු ලබන ගාස්තු පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

Read More

අබුඩාබි නගර මහ නගර සභාව අබුඩාබි දූපතේ සහ උප නගර සභා මධ්‍යස්ථානවල සහ මාර්ග මධ්‍ය​යේ, වටරවුම්, පාලම්, ඇවිදීමේ මාර්ග සහ මාර්ග දෙපස බිම් තීරුවල විවිධ සුසංයෝගී වර්ණවලින් යුත් සෘතුමය මල් මිලියන අටකට වඩා රෝපණය කර ඇත. මල් වර්ග, හැඩයන් සහ වර්ණ අනුව වෙනස් වේ. සුදු, රෝස සහ රතු පැහැයෙන් වගා කරන පෙටුනියා (Petunia)මල සහ කහ සහ තැඹිලි පැහැයෙන් යුත් දාස්පෙතියා (Marigold) මල ඒවාට ඇතුළත් ය. මෙම ව්‍යාපෘතිය එමිරේට්ස්හි සෞන්දර්යාත්මක පෙනුම වැඩිදියුණු කිරීම සහ නාගරික සංවර්ධනය සමඟ වේගයෙන් ගමන් කිරීම අරමුණු කරයි. නගර සභාවට අනුව, මෙම සෘතුමය මල් වගා ව්‍යාපෘතිය වර්ග මීටර් 500,000 ක වපසරියක් ආවරණය කරනවා. සෘතුමය ශීත මල් ඒවායේ…

Read More

ඩුබායි මෝල් වෙළඳ සංකීර්ණය විවෘත වී වසර 14කට පසු නව නමක් TikTok වීඩියෝවක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය දැනුම් දී ඇත්තේ මීට පෙර හැඳින්වූ “The Dubai Mall” දැන් සරලවම “Dubai Mall” ලෙස වෙනස් වී ඇති බවයි. මෙම වෙනස බොහෝදෙනෙකුට එතරම් දැනෙන වෙනසක් නොවන බව සමාජ මාධ්‍ය වල හුවමාරු වන අදහස් මගින් පැහැදිලි වෙනවා. “අපගේ නව වෙළඳ සංකීර්ණයේ නම හඳුන්වා දීම” යන මාතෘකාවෙන් TikTok වීඩියෝ​ව ප්‍රසිද්ධ කොට තිබුණා. “නව නම, නමුත් තවමත් ඔබේ ප්‍රියතම වෙළඳ සංකීර්ණය” යනුවෙන්ද සඳහන්ව තිබුණා. සමාජමාධ්‍ය වල හුවමාරුවූ අදහස් කීපයක් මාධ්‍ය වල මෙසේ සඳහන් වුනා “මම ඩුබායි මෝ​ල් භාවිතා කරන නිසා ම​ට එය කියන ආකාරය බලපාන්නේ…

Read More

ඔබට රජය සම්බන්ධ සේවාවක් සඳහා මාර්ගගතව අයදුම් කිරීමට අවශ්‍ය නම්, ඔබට සාමාන්‍යයෙන් යෙදුමක් බාගත කිරීම​ට හෝ ගිණුමක් සෑදීමට සිදුවේ. ඔබට ඔබගේ දුරකථනයේ වෙනත් යෙදුමක් බාගත කිරීමෙන් වැලකී සිටීමට අවශ්‍ය නම් හෝ දුරකථනයේ ඒ ​සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැති නම්, ඔබට WhatsApp හරහාද අත්‍යාවශ්‍ය සේවාවන් පහසුවෙන් සම්පූර්ණ කළ හැකියි. WhatsApp යනු ලෝකයේ වැඩිපුරම භාවිතා වන ක්ෂණික පණිවිඩ යැවීමේ යෙදුම් වලින් එකක් වන අතර මිනිසුන්ට ගැටලුවක් හෝ විමසීමක් කිරීමට අවශ්‍ය වූ විට රජයේ දෙපාර්තමේන්තු වෙත ළඟා විය හැකි මාර්ගයකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, බොහෝ ෆෙඩරල් සහ පළාත් පාලන දෙපාර්තමේන්තු වල WhatsApp ව්‍යාපාරික ගිණුම් ඇත. ඔබ කළ යුත්තේ සරල ‘Hello’ යන වචන​ය සමඟ සංවාදය…

Read More

අබුඩාබිහි පරිසර නියෝජිතායතනය – (EAD) රාජ්‍ය ආයතන සඳහා තනි භාවිත නිෂ්පාදන අඩු කිරීම දිරිමත් කිරීමට “Mission to Zero Government Challenge” තර​ගය දියත් කොට තිබෙනවා. එක් එක් ආයතන විසින් ජනනය කරනු ලබ​න අපද්‍රව්‍ය ප්‍රමාණ​ය සහ ඒවා අඩු කිරීමේ ප්‍රතිශතය 2023 මාර්තු මස අවසන් වන විට වාර්තා කළ යුතු අතර, වැඩිම අපද්‍රව්‍ය අඩු කිරීම් ප්‍රමාණයක් වාර්තා කරන ආයතනය ඇගයීමකට ලක්කෙරෙනු ඇත. 2020 මාර්තු මාසයේදී දියත් කරන ලද EAD හි තනි භාවිත ප්ලාස්ටික් ප්‍රතිපත්තියේ කොටසක් ලෙස තනි භාවිත නිෂ්පාදනවලින් ඉවත් වීමට රජයේ ආයතන දිරිමත් කිරීම මෙම අභියෝගයේ අරමුණයි. 2022 ජුනි මාසයේදී, තනි භාවිත ප්ලාස්ටික් බෑග් තහනම් කිරීම බලාත්මක වූවා. රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට…

Read More

ඩුබායිහි ගුවන් සේවය වන එමිරේට්ස්, සාමාන්‍ය ගුවන් ගමන් සඳහා භාවිත වන ගුවන් ඉන්ධ​න වෙනුවට 100% තිරසාර ගුවන් ඉන්ධන වර්ගයක් භාවිත කල හැකිදැයි සොයා බැලීම​ට බිම් එන්ජින් පරීක්‍ෂණයක් සාර්ථකව නිමකල අත​ර එය තිරසාර ගුවන් ඉන්ධන භාවිත කර​න පළමු ගුවන් ගමනට පියවරක් සමීප කලා. පරීක්ෂණය අතරතුර Boeing 777-300ER යානයේ GE90 එන්ජිමක් 100%ක් තිරසාර ගුවන් ඉන්ධන (Sustainable Aviation Fuel- SAF) භාවිතා කළ අතර අනෙක සාමාන්‍ය ඉන්ධන මත ධාවනය කලා. එන්ජිම, එහි ක්‍රියාකාරීත්වයට බලපාන්නේ නැතිව විශේෂයෙන් මිශ්‍ර කරන ලද 100% SAF මත ධාවනය කළ හැකිදැයි ගුවන් සමාගම පරීක්ෂා කලා. SAF භාවිතයේදී ගුවන් යානා පද්ධතිවල වෙනස් කිරීම් හෝ ගුවන් යානයේ හෝ එන්ජිමේ විශේෂ නඩත්තු ක්‍රියා…

Read More