Author: Stanly Kularathna

National Bonds (ජාතික බැඳුම්කර) එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ෂරියා-අනුකූල ඉතුරුම් සහ ආයෝජන සමාගම හඳුන්වා දෙ​න ස්වර්ණමය විශ්‍රාම වැටුප් සැලැස්ම​ට ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ ඩුබායි ටැක්සි කෝපරේෂන් (DTC) සම්බන්ධ වූ පළමු සංවිධානය බව නිවේදනය කලා. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද මෙම මුලපිරීම සේවකයින්ට ඔවුන්ගේ විශ්‍රාම ඉතුරුම් ආරම්භ කිරීමට උපකාරී වනු ඇති. මෙම හවුල්කාරිත්වය සමඟින්, රියදුරන් 9,000කට වැඩි පිරිසකට ජාතික බැඳුම්කර වේදිකාව හරහා මුදල් ඉතිරි කරගැනීමට සහ සුවිශේෂී ප්‍රතිලාභ රැසක් භුක්ති විඳීමට හැකියි. ස්වර්ණමය විශ්‍රාම වැටුප් සැලැස්ම දියත් කරන ලද්දේ ජාතිකයන් සහ පදිංචිකරුවන් සඳහා මූල්‍ය සැලසුම් විසඳුම් මාලාවක් ඉහළ නැංවීම සඳහාය. සේවකයින්ට මාසික පදනමින්…

Read More

අබුඩාබි හි ගොඩනැගීමට නියමිත ප්‍රථම හින්දු කෝවිල සඳහා ඉදිරිපත් කළ සැලසුම් දෙකක් අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අති ගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් විසින් සාමාන්‍ය නමස්කාර ගොඩනැගිල්ලකට වඩා විශාල සම්ප්‍රදායික ගල් කෝවිලක් තෝරා ගත් බව පූජ්‍ය බ්‍රහ්මවිහාරිදාස් ස්වාමි හෙළි කලා. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ BAPS ස්වාමිනාරායන් සන්ස්තාගේ දිවංගත අධ්‍යාත්මික නායක අතිඋතුම් ප්‍රමුඛ ස්වාමි මහාරාජ්ගේ ශත සංවත්සර සැමරුම් දේශනයේදී, බ්‍රහ්මවිහාරිදාස් ස්වාමි ඉදිවෙමින් පවතින දේවාලය සාක්ෂාත් කර ගැනීම සඳහා ගිය ගමන සිහිපත් කලා. BAPS හින්දු මන්දිරයේ ප්‍රධානියා වන බ්‍රහ්මවිහාරිදාස් ස්වාමි, 1997 අප්‍රේල් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කළ සංචාරයකදී ප්‍රමුඛ ස්වාමි මහාරාජ් අගනුවර විහාරස්ථානයක් ඉදි කිරීමට යාඥා කර ප්‍රාර්ථනා කළ…

Read More

ඩුබායි හි DMCC සමඟ සමාගම් 3,000කට වඩා ගිවිසුම් ගත වී ඇති අතර, නිදහස් කලාපය විසින් සත්කාරකත්වය සපයන සමස්ත එකතුව 22,000 දක්වා ඉහලට ගෙන යයි. අලුතින් බලපත්‍රලාභීන් අත​ර ක්‍රිප්ටෝ සහ බ්ලොක්චේන් ඉලක්කග​ත ආයතන වේ. දැනට DMCC හි ක්‍රිප්ටෝ මධ්‍යස්ථානයේ ආයතන 500 කට වඩා ඇත. DMCC විධායක සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් බින් සුලේම් මහතා පැවසුවේ, “DMCC 2022 වසර පුරා සිය වර්ධන උපාය මාර්ග කාර්යක්ෂමව වේගවත් කරමින් සිටින අතර, වෙබ්3 සහ බ්ලොක්චේන්, භාණ්ඩ සහ ගෝලීය වෙළඳාම වැනි ඉහළ බලපෑමක් ඇති අංශවල එහි සාමාජික සමාගම්වලට සහාය වීම කෙරෙහි අවධානය යොමු කොට තිබෙනවා” මෙම වසරේ පෙර නොවූ විරූ කාර්ය සාධනය හේතුවෙන් මෙම වර්ධන…

Read More

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ, (DXB) ලොව කාර්යබහුල​ම ගෝලීය ජාත්‍යන්තර මාර්ග ලැයිස්තුව​ට OAG Aviation විසින් ඇතුළත් කො​ට ඇත. ඩුබායි නගරය පස් වතාවක් ලැයිස්තුවට ඇතුලත් වි​ය, ඒ පිටවන ගුවන් තොටුපල ලැයිස්තුවේ තුන් වතාවක් සහ පැමිණෙන ගුවන් තොටුපල ලැයිස්තුවේ දෙවරක් වශයෙනි. ලැයිස්තු ගතවූ අනෙක් නගර වූයේ කයිරෝ, ජෙඩා, රියාද්, ලන්ඩන් සහ සිංගප්පූරුවයි. 2022 දී ඩුබායි මගීන් මිලියන 23.7 ක් පිළිගත් බව පසුගිය සතියේ නිවේදනය කරන ලද අතර එය පෙර වසරට වඩා 89% ක වැඩිවීමක් පෙන්නුම් කරනවා. දෙසැම්බර් මාසයේදී ඇරබියන් බිස්නස් වාර්තා කළේ ඩුබායි ඉන්ටර් නැෂනල් (DXB) ගුවන් සේවා ව්‍යාපාරය 2022 හි “වසරේ ගුවන් තොටුපල” සම්මානය දිනා ගත් බවයි. DXB පසුගිය මාස 12 තුළ එහි…

Read More

ජනවාරි 13 වෙනිදා සි​ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ILT20 හි පළමු වාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයින්ට ක්‍රිකට් ලෝකයේ විශාලතම නම් කිහිපයක් සමඟින් උරෙනුර ගැටීමට අපූරු අවස්ථාවක් ලබා දෙනු ඇත. ILT20 තරඟාවලියේ Desert Vipers කණ්ඩායමේ සාමාජිකයන් වන Rohan Mustafa සහ Ronak Panoly තරඟාවලියේදී ඔවුන්ගේ ප්‍රියතම තරුවන්ගේ මොලකරු තෝරා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිති. මේ දක්වා සිය 20/20 තරග දිවියේ තරග 71කදී ලකුණු 1249ක් රැස්කර ඇති මුල්පෙළ පිතිකරු මුස්තාෆා පැවසුවේ “මම ඇත්තටම කොලින් මුන්රෝ සමඟ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා. මම ඔහු සමඟ ග්ලෝබල් T20 කැනඩාවේදී ක්‍රීඩා කළා, ඔහු එහි අපේ කණ්ඩායමේ නායකයා විය. වනිඳු හසරංග ලොව සිටින හොඳම පා දඟ පන්දු…

Read More

මෙම වසරේ අබුඩාබි සහ ඩුබායි යන දෙඅංශයේම ගෝලීය ශ්‍රේණිගත කිරීම සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇත – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර කලාපයේ ඉහළම නගරය ලෙස ඇගයීමට ලක් කොට තිබෙනවා. 2023 සඳහා නිකුත් කරන ලද නවතම දත්ත මත පදනම්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ගේ ජීවන තත්ත්වය දැවැන්ත ලෙස වැඩිදියුණු වී ඇත. පාරිභෝගික මිල ගණන් සහ ජීවන තත්ත්වය පිළිබඳ ගෝලීය දත්ත සමුදාය සපයන්නෙකු වන Numbeo විසින් නිකුත් කරන ලද වාර්ථාවකට අනු​ව, මෙම වසරේ අබුඩාබි සහ ඩුබායි හි ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල විශාල පිම්මක් පෙන්නුම් කොට තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර ශ්‍රේණිගත කිරීම 2022 දී, 84 වන ස්ථානයේ සිට මේ වසරේ 24…

Read More

ප්‍රමුඛ පෙළේ ගෝලීය සහ ජාතික ප්‍රවීණයන්, පර්යේෂකයන්, විද්‍යාඥයන් සහ පාර්ශ්වකරුවන් වර්ෂා​ව වැඩි දියුණු කිරීමේ පර්යේෂණවල නවතම විද්‍යාත්මක හා තාක්‍ෂණික ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම මස අගදී අබුඩාබි හි දී රැස්වනු ඇත. කාලගුණ විද්‍යා ජාතික මධ්‍යස්ථානය (NCM), වර්ෂාව වැඩි දියුණු කිරීමේ විද්‍යාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්යේෂණ වැඩසටහන (UAEREP) හරහා ජාත්‍යන්තර වැසි වැඩි දියුණු කිරීමේ සංසදයේ (IREF) 6 වන සංස්කරණය 2023 ජනවාරි 24-26 දක්වා පැවැත්වෙන බ​ව නිවේදනය කොට තිබෙනවා. ලොව පුරා, ජලය සහ තිරසාර ගැටළු විසඳීමේ ප්‍රමුඛ සිදුවීමක් ලෙස, IREF නවතම වර්ධනයන් සහ වර්ෂාව වැඩිදියුණු කිරීම පිළිබඳ විද්‍යාත්මක අවබෝධය සහ දැනුම බෙදාගැනීම තුළින් ජල ආරක්ෂණ ගැටළු සඳහා නව්‍ය…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) නව සංචාරක හැසිරීම් සමීක්ෂණයට සහභාගී වන ලෙස ඩුබායි හි ජීවත් වන හෝ සේවය කරන පවුල් සහ පුද්ගලයන්ට ආරාධනා කරනවා. මෙයට අදාල තොරතුරු රැස්කිරී​ම මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා සිදුව​න අතර ඩුබායි සහ එහි අසල්වැසි එමිරේට්ස් හි ජනගහනයේ සාම්පල 7,000 කට වඩා ආවරණය කර​න බව RTA නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එයට පවුල් 5,000 (පුරවැසියන් සහ පදිංචිකරුවන්) ඇතුළත් වනු ඇත. ඩුබායි හි සංචාරය කරන හෝ රාජකාරි කරන පුද්ගලයින් 1,500 සහ ඩුබායි හි ක්‍රියාත්මක වන භාණ්ඩ ප්‍රවාහන සමාගම් 500ක් මේ සඳහා සහභාගී කෙ​​රෙනවා. සමීක්ෂණය සාර්ථකව නිම කරන සහභාගීවන්​නන් සඳහා විශේෂ දිරිගැන්වීම් ලබා දීමට බලාපොරොත්තු…

Read More

ගල් කඩා වැටීමෙන් වීදි මාර්ගය අවහිර වීම නිසා Khorfakkan හි Al Suhub විවේක ස්ථානයට යන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව සාජා පොලිසිය ඉරිදා නිවේදනය කලා. එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මෙම ගල් පෙරළීම සිදුව තිබෙනවා. මෙම ජනප්‍රිය ගමනාන්තයට පැමිණෙන සියලුම අමුත්තන් ආරක්ෂිත බව සාජා පොලිසිය තහවුරු කරනවා. ට්විටර් පණිවිඩ මාලාවකින්, තානායමට පැමිණෙන සියලුම අමුත්තන් ආරක්ෂිත බවත්, ඒ සම්භන්ධව බියවීමට හේතුවක් නොමැති බවත් පොලිසිය තහවුරු කලා. ගල් ඉවත් කරමින් මාර්ගයේ කොටසක් විවෘත කිරීම සඳහා බලධාරීන් ක්‍රියාකරන බව වාර්තා කොටතිබුණා. ක්ලවුඩ් ලවුන්ජ් ලෙස හැඳින්වෙන, ජනප්‍රිය ගමනාන්තය පසුගිය වසරේ ජූලි මාසයේදී ද අස්ථාව​ර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සතියක කාලයක් වසා දමන්නට සිදු…

Read More

කිලෝග්‍රෑම් 503.2 ක බරකින් යුත් ලොව විශාලතම නිල් මැණික (“Serendipity Sapphire”) ලෙස මේ වසර මුලදී ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වූ සෙරන්ඩිපිටි නිල් මැණික ඩුබායි හි වෙන්දේසියකදී අලෙවි කිරීමට අපොහොසත් වූ බව ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) පවසයි. අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි​යේ අධ්‍යක්ෂ (අපනයන සේවා සහ අපනයන අලෙවි) අමල් තෙන්නකෝන් හෙළි කළේ, ඩුබායි සිට නිල් මැණික් පොකුර නැවත ශ්‍රී ලංකාව​ට ගෙන එන බව එහි හිමිකරු අධිකාරියට හෙළි කළ බවයි. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “Serendipity Sapphire ඩුබායි වෙන්දේසියේදී විකිණීමට අසමත් වුණා. මෙය කෞතුකාගාර හෝ එකතුකරන්නන් සඳහා උනන්දුවක් දක්වන අයිතමයකි. මෙය ආභරණ ලෙස පැළඳිය…

Read More