Author: Stanly Kularathna

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු ආදායම ඉහළ ගොස් ඇති අතර එය 2021 සිට 2026 දක්වා 6.4% ක සංයුක්ත වාර් ෂික අනුපාතයකින් වර්ධනයක් අපේක්ෂා කෙරෙනවා. ගල්ෆ් කලාපීය බැංකු ආර්ථිකයන් ද එම කාල සීමාව තුළ 8.8% ප්‍රතිශතයකින් වර්ධනයක් අපේක්ෂා කරන බව බොස්ටන් කන්සල්ටින් ගෲප් හි වාර්තාවකට අනුව සදහන් වෙනවා. ඩොලර් බිලියන 900 ක් වටිනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු වත්කම් ඩිජිටල් ව්‍යාප්තිය මධ්‍යයේ වර්ධනය වෙනවා. 2021-2026 දක්වා ගෙවීම්, උකස් කිරීම් සහ තැන්පතු නිෂ්පාදන ගල්ෆ් කලාපීය සිල්ලර බැංකු අංශයේ බැංකු ආදායම් වර් ධනයට හේතු වෙනවා. ඩිජිටල් ගෙවීම් සහ ඊ-වාණිජ්‍යය අනුගමනය කිරීමෙන් ගෙවීම් ආදායම් වර්ධනයට තවත් ප්‍රතිලාභයන් ඉදිරියේදී අපේක්ෂා කෙරෙනවා.

Read More

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මගින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ,2022 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයැදුම් කිරීමේදී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන්,අධ්‍යාපන අමාත්‍යංශය වෙත අයැදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු බවත්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම කල යුතු බවත් ය. 2022 වර් ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන්වන වාරය ආරම්භ වූ දෙසැම්බර් 5 දින සිට නවාතා ඇති බව ද එහි දැක්වේ.එහි සඳහන් කර ඇත්තේ,…

Read More

ඩුබායි හි මාර් ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් පවත්වාගෙන යනු ලබන Bus-on-Demand සේවාව 2020 පෙබරවාරි මස දියත් කළ දින සිට මේ දක්වා මිලියනයකට අධික ධාවකයින්ට සේවය සපයා තිබෙනවා. “මෙම සේවාව ප්‍රජාව අතර ජනප්‍රිය වී ඇත, විශේෂයෙන් එය ඩුබායි හි අල්-බර්ෂා, ඇකඩමි සිටි සහ ඩුබායි සිලිකන් ඔයේසිස් සහ අල් නාදා වැනි ප්‍රධාන ප්‍රදේශ ආවරණය කරයි. මෙම සේවාව අල් නාදා සහ අල්-බර්ෂා මෙට්‍රෝ ස්ටේෂන් හා සම්බන්ධ කරන අතර එමඟින් පොදු ප්‍රවාහන ජාලය ඒකාබද්ධ කිරීමට මෙන්ම පදවන්නන්ගේ ගමනාන්ත වෙත ආරක්ෂිත සහ සුමට සංචලනය සඳහා දායක වේ. “මෙම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට කුඩා බස් රථ 13ක් දැනට යොදවා තිබෙනවා. මෙම බස් රථ මහජනතාවට…

Read More

ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජය හා ඇතිකරගත් එකඟතාවක් මත මුල් අදියරේදී රජයේ රෝහල්වල හෙදියන් එකසිය විස්සකට සිංගප්පූරුවට යාමට අවස්ථාව උදාවී තිබිණි. එම කණ්ඩායමේ මුලින්ම පිටව ගිය හෙදියන් දෙදෙනාගෙන් එක් හෙද නිලධාරිනියක් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර සේවයට එක්ව ඇතැයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න යැවූ ලිපියක් මූලික කරගනිමින් මෙලෙස රැකියා අවස්ථා අහිමි වීමේ අවදානම මතු වී තිබෙනවා. සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාල සෞඛ්‍ය පද්ධතිය (National University Health System) වෙත සෘජුවම මෙම ලිපිය යොමු කිරීමට විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පියවර ගෙන තිබෙනවා. මෙම තත්ත්වය මත සිංගප්පූරු රජය ශ්‍රී ලංකාවෙන් ලබාදෙන සහතික පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි තානාපති අංශ මෙරටට දැනුම්…

Read More

කොල්ලුපිටියේ දී පසුගියදා මෝටර් රථ අනතුරකින් පසුව මෝටර් රථය දමා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික සැකකරු ඊයේ (12) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. සැකකරු ඊයේ රාත්‍රියේ 9.55 ට පමණ මෙරටට පැමිණ ඇති අතර. ඔහුට එරෙහිව පනවා තිබූ ගුවන් ගමන් තහනමට අනුව සැකකරුවන් තොටුපල බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන දේවානම් පියතිස්ස මාවතේ පදිංචි පුද්ගලයෙකි. සැකකරු කොල්ලුපිටිය පොලිසියට බාර දී ඇත. සැකකරු පිරිසක් සමඟ මත්පැන් පානය කර මෝටර් රථයකින් ඉකුත් (10) කොල්ලුපිටිය ගමන් කරමින් සිටියදී රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථයක ගැටී…

Read More

විශ්වවිද්‍යාලයට තේරී පත්වුණු දකුණු ආසියාවේ ලාබාලම සිසුවා බවට පත්වීමට මාවරමණ්ඩිය නැණමල් රාජකීය විදුහලේ ඉගෙනුම ලැබූ දෙව්ම් සනහස් රණසිංහ සිසුවාට හැකි විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්වුණු ඔහුගේ වයස අවුරුදු දාහතරකි. පවුලේ වැඩිමහල් දරුවා වන සනහස්ට බාල සහෝදරයකු සහ සහෝදරියක සිටින අතර ඔහුගේ දෙමව්පියෝ ගුරුවරු වෙති. ”සනහස් අපේ ලොකු පුතා. පුංචි කාලේ පුතා අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් දක්ෂතාවයක් පෙන්නුම් කළේ නැහැ. කුඩා කාලෙදි එයා සමහර විෂයන්වලට දුර්වලයි. හැබැයි අපි දරුවාට තරවටු කළේවත්. ඉගෙන ගන්න කියල බල කළේවත් නැහැ. කොහොම හරි අපි පුතාට ශිෂ්‍යත්වය හොඳට ලියන්න කියල උපදෙස් දුන්නා. එයාව ළඟින් තියාගෙන අපි පුතාට ඉගැන්වුවා. ටිකෙන් ටික පුතා ඉගෙන ගන්න ආසා වුණා. හොඳ…

Read More

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඒ මහතා 76 හැවිරිදි වියෙහි පසුවිය. ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක් වූ ඒ මහතා ගැයූ ගීත රාශියක් අතිශය ජනප්‍රියත්වයට පත්විය. නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ ආදරනීය සැමියා වූ ඔහු තරංග නෙල්සන් මහතාගේ පියානන්ද වේ. ඔහුගේ දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ අද (13) පස්වරුවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ දැනුම් දීමට නියමිතයි.

Read More

මුදලින් ඩිරාම් මිලියනයක් මුදල් ත්‍යාග, නොමිලේ මහල් නිවාස, ගිනිකෙළි සංදර්ශන, දැවැන්ත විකුණුම් සහ දීමනා,ෂොපිං ෆෙස්ටිවල් පිරිනැමීම්, විකුණුම්, වට්ටම් සහ තවත් දැවැන්ත ත්‍යාග සමඟින් ඩුබායි ෂොපිං ෆෙස්ටිවල් නැවතත් පැමිණ ඇත. ඩුබායි හි සාප්පු සවාරි යන්නන්ට ඩවුන්ටවුන් මහල් නිවාසයක්, ඩිරාම් මිලියනයක් මුදල් ත්‍යාග, මෝටර් රථයක් සහ රත්‍රන් ඇතුළු ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක් එම සැණකෙලියට සහභාගීවන්නන්ට ලැබෙනු ඇත. ලොව දීර්ඝතම සිල්ලර සැණකෙළියේ 28 වැනි වටය දෙසැම්බර් 15 වැනිදා ආරම්භ වී 2023 ජනවාරි 29 වැනිදා දක්වා දින 46ක කාලයක් පුරා පැවැත්වේ. මෙම උත්සවයේදී ලොව හොඳම අලුත් අවුරුදු සැමරුම්, අද්විතීය භෝජන අත්දැකීම්, ජීවිතය වෙනස් කරන දිනුම් ඇදීම්, දේශීය හා ගෝලීය සන්නාමවල හොඳම ගනුදෙනු සහ කලාපීය…

Read More

2022 දෙසැම්බර් 01 සිට 07 දක්වා සතිය තුළ දී විදෙස් සංචාරකයින් 16,169 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තා මගින් අනාවරණය කරනවා. මෙම දින හතෙහි දෙසැම්බර් 06 වන දා හැරෙන්නට සෙසු සෑම දිනයක දීම 2,000 ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර දෙසැම්බර් 01, 02 සහ 03 යන දිනවල එක් එක් දිනයෙහි පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,500 සීමාව ඉක්මවා තිබීම විශේෂත්වයක්. මෙහිදී 3,404 ක් වූ වැඩිම සංචාරකයින් ප්‍රමාණය රුසියාවෙන පැමිණ ඇති අතර දෙවනුවට ඉන්දියාවෙන් 2,586 ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත. මෙම සංඛ්‍යාවත් සමඟින් 2022 වසරේ දෙසැම්බර් 07 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ…

Read More

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය තිබෙනවා. එබැවින්, නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ තොරතුරු මත පදනම්ව නොදන්නා පාර්ශ්වයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අවධාරණය කර සිටී. තවද, මෙවැනි ක්‍රියාවල නිරතවන වංචාකරුවන් විසින් අදාළ ගනුදෙනු…

Read More