Author: Stanly Kularathna

2022 වසරේ නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෝටර් රථ 504,185 ක් හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගත කර ඇති බව වාර් තා වෙනවා. 2021 වසරේ දී හම්බන්තොට වරාය හරහා ප්‍රති නැව්ගත කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 484,567 ක් වේ. මෙය ගිය වසර හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි. මෙලෙස හම්බන්තොට වරායට ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් වාහන ගොඩබස්වා ඇති අතර ඒවා නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, මැදපෙරදිග, චිලී හා ජපානය යන රටවල් සහ කලාප වෙත ප්‍රති නැව්ගත කර තිබෙනවා.

Read More

Aviation Business Awards 2022 සම්මාන උලෙළේදී ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ‘වසරේ ගුවන් තොටුපළ’ සම්මානය දිනා ගනී ඩුබායි ගුවන් තොටුපල විසින් පසුගිය මාස 12 තුළ එහි “අසමසම කාර්ය සාධනය” මත පදනම්ව කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස තෝරා ගෙන ඇත. 2022 පළමු භාගයේදී ගුවන් තොටුපළ මගීන් මිලියන 28ක් පිළිගෙන ඇති අතර, එය පසුගිය වසරේ එම කාල සීමාව තුළ පරිමාව මෙන් තුන් ගුණයකට ආසන්න සංඛ්‍යාවක් වූ අතර, එහි සේවා ගුණාත්මක භාවය පවත්වා ගැනීම සහ වැඩිදියුණු කිරීම පමණක් නොව එහි සියලුම ස්පර්ශක ස්ථාන හරහා අමුත්තන්ට බාධාවකින් තොරව සංචාරක අත්දැකීම් ලබාදී ම වෙනුවෙන් මෙම සම්මානය දිනා ගෙන ඇත.

Read More

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (දෙසැ. 12) නැවත ආරම්භ කෙරිණි. ඒ අනුව ඉන්දියාවේ, චෙන්නායි සිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් අද උදෑසන පැමිණියා. පැවති කොරෝනා වසංගත තත්ත්වය හමු වේ හා පලාලි ගුවන්තොටුපොළ සංවර් ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණා. රුපියල් මිලියන 2250ක වියදමකින් පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කළ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ඔක්තෝම්බර් 17 වන දා මෙරට තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කලා. නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමග ඉන්දියාවේ සිට පලාලි…

Read More

අසත්‍ය තොරතුරු මත විදේස්ගතවී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් සිය කාර්යංශයට මැදිහත්විය නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මහේන්ද්‍ර කුමරසිංහ මහතා පවසනවා. සංචාරක හෝ උසස් අධ්‍යාපනය සඳහා වීසා ලබා ගනිමින් මෙරටින් පිටත්වන ඇතමුන් පූර්ණකාලීන රැකියාවන්හි නිරතවන බව සභාපතිවරයා සදහන් කලා. එවැනි රැකියාවලදී සිදුවන නීතිමය ගැටලු සම්බන්ධයෙන් සිය කාර් යංශයට මැදිහත්වීමට නොහැකි බවත් සංචාරක හෝ අධ්‍යාපන වීසා සම්බන්ධයෙන් නීතිමය බැදිමක් නොමැති බවත් ඒ මහතා කීවේය. විදේස් රැකියා හා උසස් අධ්‍යාපනය අපේක්ෂාවෙන් සිටින මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් දැනුවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර් යාලයේදී පසුගිය 7 වෙනිදා පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගීවෙමින් සභාපතිවරයා මේ බව සදහන් කලා. කෝප් කමිටු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්…

Read More

විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 25 දෙනකු පමණ ශ්‍රී ලංකාවේ අයිස් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය මෙහෙයවන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර් යාංශය පවසනවා. ඩුබායි, පාකිස්ථානය, ඉන්දියාව, ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය යන රටවල මෙම ජාවාරම්කරුවන් ස්ථානගතව ඇතැයි විමර්ශන අංශ දැනටමත් අනාවරණය කරගෙන ඇත. දැනට ශ්‍රී ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය සැපයුම් කරන ප්‍රධාන මාර් ගය මාලදිවයින ආශ්‍රිත මුහුදු තීරය ඔස්සේ වැටී තිබෙනවා. මේ අනුව අයිස් ප්‍රවාහනයට ජාවාරම්කරුවන් උපයෝගී කර ගන්නේ කුඩා මාළු බෝට්ටුය. ජාත්‍යන්තර වශයෙන් කර ඇති පර් යේෂණ අනුව අයිස් මත්ද්‍රව්‍යයේ විවිධ ප්‍රභේද 370ක් පමණ ඇතැයි ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර කලින් හෙරොයින් පානය කළ අයගෙන් 80%ක් පමණ දැනට අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි…

Read More

අපනයනකරුවන් ලබන ලාභය මත පනවා ඇති 30% බද්ද හා විදුලිය සඳහා යන වියදම 100% කින් ඉහළ යාම නිසා මහා පරිමාණ ඇඟලුම් කම්හල් වැසී යමින් පවතින බව නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මේ වන විට මහ පරිමාණ කම්හලක් වන බ්‍රැන්ඩික්ස් කම්හලේ ශාඛාවක්ද වසා දමා ඇති අතර ටී.ජේ නමැති ජර් සි කර් මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදුවන්නේ දින හතරක් පමණකි. සේවකයන් 8000ක් පමණ සේවය කළ කම්හල් හතකින් සමන්විත ස්මාර් ට් ෂර් ට් කර්මාන්ත ශාලාවේද නිෂ්පාදන අඩාල වී ඇති බව ඔහු පැවසුවා. තවත් මෙවැනි මහා පරිමාණ කම්හල් වැසෙන තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර සුළු හා මධ්‍යම පරිමාණ…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක හා එල්.පී.එල්. තරගාවලියේ දඹුල්ල ​ඕරා කණ්ඩායමේ නායක දසුන් ශානකට තරග මුදලින් සියයට 40 ක දඩමුදලක් පැනවීමට ක්‍රියාකො​ට ඇත. ඒ කලම්බු ස්ටාර් ස් සමගින් පසුගියදා (08දා) පැවති තරගය අතරතුරදී පිටියේ විනිසුරු තීරණයකට විරෝධය පෑම හේතුවෙනි. මේ හේතුවෙන් දසුන්ට පනවා ඇති දඩමුදල ඇ.ඩො. තුන්දහසක් වන අතර එය රුපියල් ලක්ෂ 11කටත් වඩා අධික වේ. කෙසේ වෙතත් දසුන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම දඩමුදලට අමතරව දසුන්ට අසාදු ලකුණු 2ක්ද ලබාදීමට ක්‍රියාකොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් රෂීඩ් රෝවර් යානය රැගත් SpaceX Falcon 9 සඳ වෙත සිය මෙහෙයුම දෙසැම්බර් 11 වෙනිදා පෙ.ව.11.38 ට ආරම්භ කළ කලා. එය සඳ වෙත පළමු අරාබි මෙහෙයුමේ ආරම්භය සනිටුහන් කරන අතර එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වේ. රෂීඩ් රෝවර් යානය සඳ මත පතිත වීමට පෙර දින 140ක අභ්‍යවකාශ ගමනක යෙදීමට නියමිතයි. ඩුබායි හි මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කුඩා එමිරාති කණ්ඩායමක් විසින් ඉදිකරන ලද රෝද හතරේ රෝවරය, එහි භූ විද්‍යාව සහ චන්ද්‍ර දූවිලි අධ්‍යයනය කිරීම සඳහා චන්ද්‍ර දිනයක් (පෘථිවි දින 14 ට සමාන) කරනු ඇත. මෙම රෝවරය නිපදවා ඇත්තේ අධි විභේදන කැමරා හරහා සඳෙහි…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය රටේ කෘෂි තාක්‍ෂණික ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා දේශීයව වගා කරන නිෂ්පාදන මිලදී ගන්නා ලෙස සන්නද්ධ හමුදා සහ රෝහල් බලධාරීන් වැනි රජයේ ආයතනවලට උපදෙස් දී ඇති බව දේශගුණික විපර් යාස හා පරිසර අමාත්‍යවරයා දැනුම් දී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එහි ආහාරවලින් 90% ක් ආනයනය කරන අතර, විවෘත වෙළඳ ප්‍රතිපත්තිය දිගටම පවත්වා ගනිමින් දේශීය නිෂ්පාදනයට සහාය වීම සඳහා පසුගිය මාසයේ පැවති වාර් ෂික රජයේ රැස්වීමකදී තීරණය ගත් බව අබුඩාබි හි පැවති ලෝක ප්‍රතිපත්ති සමුළුවේදී හෙලිවිය. ජල හිඟයකට මුහුණ දෙන සහ වගා කළ හැකි ඉඩම් අඩු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වීමට කෘෂි තාක්‍ෂණ සමාගම් ආකර්ෂණය කර ගැනීම…

Read More

ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය සඳහා වන ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමට තීරණය කර ඇත. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු රජයේ නියෝජිතයන් දෙසැම්බර් (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර් යාලයේදී හමුවී ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතාව සඳහා ප්‍රසම්පාදන කටයුතු වහාම ආරම්භ කිරීමට තීරණය කර ඇත. මාර් තු 28 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ දිගුවක් ලෙස මෙම ව්‍යාපෘතියට අදාළව මෙම ඒකාබද්ධ කමිටුව දෙවැනි වරටත් රැස්විය. සාකච්ඡාවේදී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කරන ලද අතර, එය සාර්ථකව නිම කිරීම සඳහා අවශ්‍ය ද්විපාර් ශ්වික කරුණු පිළිබඳව අවධානය…

Read More