Author: Stanly Kularathna
සෙනසුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හි පැවති අයහපත් කාලගුණයෙන් මෝටර් රථවලට හානි වූ පදිංචිකරුවන්ට සාජා පොලිස් යෙදුම හරහා හානි සහතිකයක් ලබා ගත හැකිය. යෙදුම හරහා තම වාහනවලට සිදුව ඇති හානිය පිළිබඳ නිල වශයෙන් ලේඛනගත කිරීමටත් එමගින් කාලගුණය සම්බන්ධ හානි සහතිකය ලබා ගැනීමටත් අවස්ථාව උදාවේ. සහතිකය ලබා ගන්නා ආකාරය
පසුගිය සතියේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නව කාලගුණය සම්බන්ධ රථවාහන උල්ලංඝනය කිරීම් තුනක් නිවේදනය කරන ලද අතර ඒවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රථවාහන නීතියට එකතු කරන ලදී. වර්ෂාව, මීදුම හෝ වැලි කුණාටුවකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රිය පැදවීමේදී ඔබ මතක තබා ගත යුතු නීති දහයක් පහත දැක්වේ. 1. රිය පැදවීමේදී ඡායාරූප ගැනීම දඩය: ඩිරාම් 800 සහ කළු ලකුණු හතරක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිස් බලධාරීහු රිය පැදවීමේදී ඡායාරූප ගැනීම මාර්ග නීති කඩකිරීමක් බවත් ඔවුන්ට දඩුවම් ලැබෙනු ඇති බවත් රියදුරන්ට නිතර මතක් කර දෙති. ෆෙඩරල් රථවාහන නීතියේ 32 වන වගන්තියට අනුව, රිය පැදවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කිරීම…
ලංකා ප්‍රිමියර්ලීග් තරඟාවලියේ 11 වැනි තරඟය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද දඹුල්ල කණ්ඩායමට හැකි විය. ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හසන් අලී ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි. සෙසු පිතිකරුවන් දැවී යද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ෂොයිබ් මලික් පන්දු 53 කදී හයේ පහර 6 ක් සහ හතරේ…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 10 වැනි තරඟය ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරඟයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය. ඔවුන් මෙවර තරඟාවලියේදී ලැබූ දෙවැනි ජය මෙය විය. ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය කලම්බු ක්‍රීඩකයෝ, පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු බාබාර් අසාම් පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 104 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එය LPL ඉතිහාසයේ ක්‍රීඩකයකු ලබාගත්…
එක්සත් අරාබි එමීර් රාජ්‍ය, හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගුව සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (UAEICP) සමඟ සහයෝගයෙන්, කල් ඉකුත්ව නේවාසික හෝ සංචාරක වීසා බලපත්‍ර මත රැඳී සිටීම සඳහා නව ඒකාබද්ධ ගාස්තු ව්‍යුහයක් ප්‍රකාශයට පත් කර ඇත. නව රෙගුලාසිවලට අනුව, වීසා බලපත්‍රයේ වලංගු කාලසීමාවට පසු එය අලුත් කිරීම සඳහා ලබා දී ඇති සහන කාලය ඉකුත්වූ දින පටන් සෑම දිනකටම ඩිරාම් 50 ක දඩයක් නියම කරනු ලැබේ. රටෙහි වෙසෙන විදේශිකයන්ට සහ සංචාරකයින්ට සහාය වීම සඳහා, ඩුබායි ඩිජිටල් රජය, අධිකාරියේ වෙබ් අඩවිය සහ නේවාසික සහ විදේශ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ (GDRFA) වෙබ් අඩවිය වෙත යොමු වන ලෙස පුද්ගලයන්ට උපදෙස් දෙයි. මෙම වෙබ්…
අබුඩාබිහි පොදු ප්‍රවාහන ජාලය හරහා මෙම වසරේ මුල් භාගයේ ගමන් වාර මිලියන 85ක් පමණ සිදු කර ඇති අතර එය 2022 එම කාලයට වඩා සියයට 23% ක වැඩිවීමකි. අබුඩාබි මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, මගීන් මිලියන 43.7 ක් කුලී රථ භාවිතයෙන් ගමන් කර ඇති අතර, පොදු බස් ගමන් වාර මිලියන 39.4 ක් වාර්තා කර ඇත. කුලී වාහන ඇතුළුව හවුල් ප්‍රවාහනය මිලියන 2.4 ක් භාවිත කර ඇති බව දෙපාර්තමේන්තුව පවසයි. 2022 වසරේ මුල් භාගයේ පොදු ප්‍රවාහන සේවයේ ගමන් වාර මිලියන 69.5ක් පමණ සිදු කර ඇත. සංඛ්‍යාලේඛන මගින් “අබුඩාබියේ පොදු ප්‍රවාහන යටිතල පහසුකම්වල කාර්යක්ෂමතාව” පිළිබිඹු වන…
“අස්ථාවර කාලගුණය” හේතුවෙන් සාජා නගරයේ සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව මහ නගර සභාව පසුගියදා නිවේදනය කළේය. “අස්ථාවර කාලගුණය අවසන් වීමෙන් පසු උද්‍යාන නැවත මහජනතාව සඳහා විවෘත වනු ඇත,” අධිකාරිය සමාජ මාධ්‍ය උපදේශනයක සඳහන් කළේය. සෙනසුරාදා සාජා වෙත බලපෑ වැලි කුණාටුව සහ ලැබී තිබුණ අධික වර්ෂාපතනය හේතුවෙන් උද්‍යාන වසා දැමීමට තීරණය කර ඇත. සෙනසුරාදා, අස්ථායී කාලගුණය සහ වත්මන් වැසි සහිත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා නගර සභාව සිය හදිසි වැසි සැලැස්ම සක්‍රීය කළේය. සියලු දෙනාගේම ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා නිසි බලධාරීන් විසින් නිකුත් කරනු ලබන නීති රීති සහ උපදෙස් පිළිපදින ලෙසද මහ නගර සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ අතර, සාජා පොලිසිය…
ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාළසටහනකට (Schedule Flights ) අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එයා ඇරබියා – අබුඩාබි ( Air Arabia Abu Dhabi ) ගුවන් සේවා සමාගමට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනමා තිබෙනවා. ඒ සඳහා මෙම ගුවන් සේවා සමාගම සතු ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව, කාර් යක්ෂම ගුවන් මෙහෙයුම් පවත්වා ගෙන යාම සඳහා එම ගුවන් සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය සහ වැඩපිළිවෙළ පිළිබඳව ඉහළ අවධානයට ලක් කොට තිබෙනවා. ඒ සදහා ගුවන් සේවා සමාගම සතු භෞතික සම්පත්, නිසි…
එල්.පී.එල්. තරගාවලියේ තරග 9 ක් නිමාවේදී කණ්ඩායම් පහෙන් කණ්ඩායම් 4 ක් ම ප්‍රසාද ලකුණු 4 ක් බැගින් ලබා සිටිති. මෙම තරඟාවලියේ සැකැස්ම අනුව පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවතට යන්නේ එක කණ්ඩායමක් පමණක් වන බැවින් සෑම කණ්ඩායමකම මූලික අරමුණ වන්නේ, ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ලබාගත නොහැකි නම්, පළමු හතර දෙනා අතර ස්ථානයක් හෝ වෙන්කර ගැනීමයි. ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ලබාගන්නා කණ්ඩායම සතු වාසිය වන්නේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ එක තරඟයක් ජයග්‍රහණය කළහොත් අවසන් මහ තරඟයට සුදුසුකම් ලබාගැනීම සඳහා එය ප්‍රමාණවත් වන බැවිනි. කෙසේ වෙතත් ගෝල් ටයිටන්ස් පිල ප්‍රසාද ලකුණු 4 ක් ලබා සෙසු කණ්ඩායම් සමග කරට කර සිටින්නේ අනෙක් කණ්ඩායම් වලට සාපේක්‍ෂව එක…
ඩුබායි නගරයට සෙනසුරාදා දහවල් ගිගුරුම් සහිත තද වැසි සහ දූවිලි කුණාටු ඇති වූ අතර ලබන සතිය දක්වා තෙත් කාලගුණයක් පවතිනු ඇත. සුළගේ වේගය වැඩි වීමත් සමග ඩුබායිහි සමහර ප්‍රදේශ දූවිලි වලින් වැසී ගිය අතර ගිගුරුම් සහිත අකුණු ඇසුණු බව වැසියන් වාර්තා කළේය. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) විසින් අල් බර්ෂා, අල් බරාරි, එමිරේට්ස් පාර සහ අල් කුද්‍රා පාර ඇතුළු ඩුබායිහි විවිධ ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් වාර්තා කර ඇත. NCM විසින්, ඩුබායි සහ අල් අයින් ප්‍රදේශ සඳහා කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, “අනතුරුදායක කාලගුණික සිදුවීම් අපේක්ෂා කෙරේ” යනුවෙන් මහජනතාව දැනුවත් කොට කිබේ. සෙනසුරාදා පස්වරුවේ සාජාහි තවදුරටත් වර්ෂාපතනය සහ අධික සුළං වාර්තා…