Author: Stanly Kularathna
ඩුබායි හි ඔටුන්න හිමි කුමරු සහ විධායක කවුන්සිලයේ සභාපති අතිගරු ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල්මක්ටූම් විසින් සමාලෝචනය කරන ලද වාර්තාවකට අනුව 2023 වසරේ පළමු භාගය තුළ ඩුබායි හි ආර්ථික ප්‍රගතිය අපේක්ෂාවන් ඉක්මවා ඇත. එමීර් රාජ්‍යය ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය ලෙස එහි තත්ත්වය තහවුරු කරමින් මිලියන 8.5කට අධික ජාත්‍යන්තර සංචාරකයින් පිළිගනු ලැබීය. මීට අමතරව, ඩුබායි මූල්‍ය වෙළෙඳපොළ 14% ක සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩිරාම් බිලියන 71 ක වටිනාකමක් හිමි විය. දේපළ වෙළඳාම් අංශය ද කැපී පෙනෙන වර්ධනයක් අත්විඳින අතර, මුළු ගනුදෙනු වල වටිනාකම ඩිරාම් බිලියන 285 දක්වා ළඟා විය. ෂෙයික් හම්දාන් ආර්ථික ජයග්‍රහණ…
ඩුබායි මහ නගර සභාවේ අධ්යක්ෂ ජනරාල් Dawoud Al Hajri විසින් ඩුබායි මධ්‍යම වෙළඳපොලේදී පලතුරු සහ එළවළු විකිණීම සහ මිලදී ගැනීම සඳහා ඒකාබද්ධ ප්‍රදේශයක් සඳහා වූ අතිවිශාල Bloom Market විවෘත කරන ලදී. Bloom Market හි ආනයනික ආහාර වර්ග සඳහා වූ වෙළඳ කුටි 600කට වැඩි ප්‍රමාණයක් ඇතුලත් වන අතර සංචාරක ආකර්ෂණ ස්ථානද මෙම වෙළඳපොලට එක්කොට තිබීම විශේෂයි. ඩුබායි මහ නගර සභාව විසින් පාරිභෝගිකයින්ට ඩුබායි නගරයේ වෙනත් කිසිම තැනකදී මිලදී ගත නොහැකි පලතුරු හා එළවළු, විශේෂ සැපයුම් මිල ගණන් යටතේ මෙහිදී මිලදී ගැනීමට අවස්ථාව උදා කරදී තිබෙනවා. මෙය වායුසමීකරණය කළ පරිසරයක එළවළු, පලතුරු සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සහ විකිණීම සඳහා ඒකාබද්ධ සුවිශේෂී…
මෙම කාලසීමාව තුළ සාජා ගුවන් තොටුපළේ මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 46,900 ඉක්මවූ අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව ගුවන් ගමනාගමනයේ සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරයි. සාජා ගුවන් තොටුපළ මගී ගමනාගමනයේද සැලකිය යුතු වැඩිවීමක් අත්විඳ ඇති අතර, 2023 පළමු භාගය තුළ මගීන් මිලියන 7 කට වැඩි පිරිසක් එහි පර්යන්ත හරහා ගමන් කොට තිබේ. මෙම අගය 2022 එම කාලපරිච්ඡේදය හා සසඳන විට 24.4% ඉක්ම වූ කැපී පෙනෙන වර්ධන වේගයක් පිළිබිඹු කරයි. මුහුදු ගුවන් භාණ්ඩ ටොන් හයදහසක් ඇතුළුව භාණ්ඩ ටොන් 70,000 කට අධික ප්‍රමාණයක් හසුරුවමින් ගුවන් තොටුපළ භාණ්ඩ මෙහෙයුම්වල සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන ඇත. 2023 පළමු කාර්තුවේදී එක්සත් අරාබි එමීර්…
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 242 ක් ලබා ගත්තේය. සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 54ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත්විය. අනතුරුව පිටියට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා පස්වන කඩුල්ලට ලකුණු 131ක් සබඳතාවක් ගොඩනැගුවේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණූ 64ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 94ක් ලබා සිටියි.
Liwa Date Festival හි 19 වන වාරය අද අල් දෆ්රා කලාපයේ Liwa හි දී උප සභාපති, නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති අධිකරණයේ අමාත්‍ය අතිගරු ෂෙයික් මන්සූර් බින් සයිඩ් අල් නයාන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. මෙම උත්සවය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉඳි අස්වැන්න නෙළන සමය සමරන බවත් එය අව්‍යාජ එමරාති උරුමයක් ලෙස සලකන බවත් අබුඩාබි පොලිසියේ (ADP) ප්‍රධානී සහ අබුඩාබි සංස්කෘතික වැඩසටහන් සහ උරුම උත්සව කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් Faris Khalaf Al Mazrouei පැවසීය. වත්මන් සැසිය තිරසාර වසර සමඟ සමපාත වන අතර තිරසාර කෘෂිකාර් මික පිළිවෙත්වලට සහ උරුමයන් සුරැකීමට සහය දැක්වීම සඳහා ජනාධිපති, අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතාගේ නියෝගය ද…
විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන උතුරු පළාතේ මහජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන් මහජනතාව අතරට ගෙනයාම අරමුණු කොටගත් Glocal Fair – 2023 වැඩසටහන පසුගියදා යාපනය මුට්රවෙලි පිටියේදී ක්‍රියාත්මක කරනු ලැබුවා. ජුලි මස 15 සහ 16 යන දින දෙකක් පුරාව පැවති මෙම වැඩසටහන තුලින් විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන මහජනතාවට විදේශ රැකියා අවස්ථාවන් පිළිබඳවත් ඒහා සම්භන්ධ නීතිරීති හා ක්‍රියාපිළිවෙත් පිළිබඳවත් තොරතුරු ලබාගැනීමේ අවස්ථාව උදාවූවා. Glocal Fair – 2023 වැඩසටහන මගින් උතුරේ ජනතාවට ලබාගත හැකි වූ අනෙකුත් සේවාවන් වූයේ: Glocal Fair – 2023 වැඩසටහනට සමගාමීව රැකියා සඳහා විදේශගතවූ උතුරු පළාතේ විගමනික දෙමාපියන්ගේ දූ දරැවන් හට ශිෂ්‍යත්ව ප්රදානය කිරීම, විදේශ විනිමයෙන් රට…
අබුඩාබි හි අල් දෆ්රා ප්‍රදේශයේ බිඩා ඩෆාස්හි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළම උෂ්ණත්වය 16 වන ඉරිදා වාර්තා වූ අතර එය දේශීය වේලාවෙන් දහවල් 2:45 ට සෙල්සියස් අංශක 50.1 වූ අතර අඩුම උෂ්ණත්වය ෆුජයිරා හි ෆාෆාර් හි සෙල්සියස් අංශක 26.3ක්, උදෑසන 4.45 ට වාර්තා විය. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) අපේක්ෂා කළේ ඉරිදා කාලගුණය සාමාන්‍යයෙන් අර්ධ වශයෙන් වළාකුළු සහිත විය හැකි බවත්, පස්වරුවේදී නැගෙනහිරින් වලාකුළු ඇතිවීමේ සම්භාවිතාවක් ඇති බවත්ය. සඳුදා කාලගුණය අර්ධ වශයෙන් වළාකුලින් බරව විටින් විට දූවිලි සහිත වන අතර උදෑසන කාලයේදී නැගෙනහිර වෙරළ තීරයේ පහත් වලාකුළු ඇතිවීමේ හැකියාවක් පවතී. සඳුදා ගිනිකොන දෙසින් හමනා සුළං වයඹ දෙසට හැරී, මධ්‍යස්ථ වේගයකින්…
රිය පදවන විට ඉක්මනින් ඇමතුමක් ගැනීම දුරකථනට ආ පණිවිඩය පරීක්ෂා කිරීම විශාල ප්‍රශ්නයක් නොවන බව කෙනෙකුට සිතෙන්නට පුළුවන. 2022 දී අබුඩාබි පොලිසියේ සමීක්ෂණයකින් හෙළි වූයේ මාර්ග මරණ සහ බරපතල තුවාල වලින් 80 % කට පමණ හේතු වී ඇත්තේ රියදුරන් වාහන පදවන අතරතුරදී දුරකථන භාවිතය මගින් සිදු කරන බවයි. “ජංගම දුරකථන රියදුරන්ගේ අවධානය වෙනතකට යොමු කරන අතර ඔවුන් විසින් සිදු නොකරන වැරදි සිදු කිරීමට හෝ ඉතා සෙමින් ප්‍රතිචාර දැක්වීමට හේතු විය හැක” යනුවෙන් ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සැහැල්ලු මෝටර් රථ පැදවීමේ අත්පොතෙහි සඳහන් කරයි. මෝටර් රථ රියදුරන් තම ජංගම දුරකථනයෙන් අවධානය වෙනතකට යොමු කරන විට සිදු කරන පොදු…
ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) අධ්යක්ෂ ජනරාල් සහ විධායක අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති Mattar Al Tayer පසුගියදා හෙළි කළේ 2022 දී ඩුබායි ආර්ථිකයට ඩිරාම් බිලියන 16.1ක්, RTA විසින් නියාමනය කරනු ලබන වාණිජ ප්‍රවාහන අංශයෙන් දායක වූ බවයි. මෙම අංශය සමාගම් 7,000කට වැඩි ප්‍රමාණයක් ඔස්සේ රැකියා 242,000ක් පමණ ජනනය කරයි. ඩුබායි හි සමෘද්ධිමත් ආර්ථික හා වාණිජ භූ දර්ශනයේ කොඳු නාරටිය වන වාණිජ ප්‍රවාහන ක්‍රියාකාරකම් අංශයේ වැදගත්කම Al Tayer ප්‍රකාශ කළේය. “ගෝලීය වශයෙන් ඉහළම ආර්ථික නගර 3 අතරට ඩුබායි ස්ථානගත කිරීම අරමුණු කරගත් ඩුබායිහි D33 ආර්ථික න්‍යාය පත්‍රයේ ඉලක්ක සපුරා ගැනීමේදී මෙම අංශය ඉතා වැදගත් වේ. භාණ්ඩ ප්‍රවාහය සහ ගෝලීය සැපයුම් දාම…
නුදුරේදීම තවත් විශ්මයජනක උස්ගොඩනැගිල්ලක් ඩුබායි හි අහසට නැගී එනු ඇති අතර එය සංකේතාත්මක බර්ජ් කලීෆාට පසුව ලෝකයේ දෙවන උසම ගොඩනැගිල්ල බවට පත්වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඩුබායි පදනම් කරගත් Azizi Developments හි ප්‍රධාන විධායක නිලධාරී Farhad Azizi විසින් මෑතකදී නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයකින් මෙය සනාථ විය. ඔහු මෙසේ පැවසීය: “අපි ලෝකයේ දෙවන උසම ගොඩනැගිල්ල ගොඩනගනු ඇත.” “මගේ පියා, Mirwais Azizi (Azizi Group සහ Azizi Developments හි නිර්මාතෘ සහ සභාපති) මෑතකදී BBC Persia මාධ්‍ය වැඩසටහනකට පෙනී සිටීමට ආරාධනා කරන ලදී, එහිදී ඔහු Burj Khalifa සහ අනෙකුත් අහස් උසට ගොඩනැගිලි සමඟ ඩුබායි හි නව කුළුණක් ඉදිකිරීමට අපගේ සැලසුම් හෙළි කළේය.” ඔහු…