ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 නොවැම්බර් මාසය සදහා 3.4 %ක් දක්වා වැඩි වී ඇත. එය 2023 ඔක්තෝම්බර් මාසය සඳහා 1.5 % ලෙස වාර්තා වී තිබුණි.

2023 නොවැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -3.6% දක්වා වැඩි වී ඇති අතර 2023 ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -5.2 %ක් ලෙසයි. එසේම නොවැම්බර් මාසය සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 6.8 % ක් දක්වා වැඩි වී ඇති අතර එය 2023 ඔක්තෝම්බර් මාසයේ දී 4.9 % ලෙස වාර්තා විය.

Share.

Comments are closed.