ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව ඩොලර් මිලියන 34 ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබෙන බව වාර්තා වේ. එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ, ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 20ක ණය ආධාරයක් ද ලැබීමට නියමිත බවයි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල සත්‍යාපනයෙන් පසුව ලෝක බැංකුව මෙම මුදල ලබාදීමට තීරණය කර තිබුණි. මේ වනවිට ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් 2019 වර්ෂයේ සිට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියට සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් ලැබී තිබේ.තවත් ඩොලර් මිලියන 20ක් පමණ ණය ආධාර ලබා ගැනීම සඳහා ලබන ජුනි 30 දක්වා කාලය ලබා දී ඇති බව සඳහන් වේ.

Share.

Comments are closed.