ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විණි. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 84 වියේ පසුවිය.

ඔහු නිර්මාණය කල ගජ මෑන් ශ්‍රී ලාංකික ජනතාව අතර අතිශය ජනාදරයට පත් වූ කාටූන් චිත්‍ර කතාවක් විය. එම චිත්‍රකතාව ඇසුරින් මෑත කාලයේදී නිෂ්පාදනය කෙරුණු ගජ මෑන් චිත්‍රපටයද ප්‍රේක්ෂක ප්‍රසාදයට පත් වූයේය.

කැමිලස් පෙරේරා 1939 දෙසැම්බර් 1 වැනිදා මීගමුවේ උපත ලැබූ අතර පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.
1964 වසරේදී ලේක්හවුස් ආයතනයේ “සරසවිය” පුවත්පතින් කැමිලස් පෙරේරා මහතා කාටූන් චිත්‍රකතා නිර්මාණකරණයට පිවිසිණි.

Share.

Comments are closed.