සරම්ප රෝගීන් සංඛ්‍යාව දිස්ත්‍රික්ක 9 ක් තුල ඉහල ගොස් තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ, මාස 6-9 ළදරුවන් සඳහා සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති බවය. ඒ අනුව සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල හා කල්මුණේ යන ප්‍රදේශවල මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

එන්නත් වැඩසටහන ලබන ජනවාරි 6 වැනි දා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය හිමිව තිබුණි.

Share.

Comments are closed.