මේ වසරේදී ඕස්ට්‍රේලියානු රජය විසින් student visa , Skilled visa සහ employer visa කාණ්ඩ වල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව ශිෂ්‍ය වීසා ඇතුළු අනෙකුත් වීසා කාණ්ඩ සඳහා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව සම්බන්ධ ලකුණු මට්ටම් වල වෙනස්කම් සිදු කර ඇතැයි සඳහන්‍ වේ. එසේම රැකියා සඳහා ඉල්ලුම් කරන පිරිස සඳහා වෙනස්කම් සහිත නව රැකියා ලැයිස්තුවක් ප්‍රකාශ කරන බවද රජය ප්‍රකාශ කර ඇත. ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොල තුල ඉහල ඉල්ලුම සහිත රැකියා මේ යටතේදී ප්‍රකාශ කෙරෙනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඕස්ට්‍රේලියානු සංක්‍රමණික උපාය මාර්ගික සැලැස්ම වෙනස් කිරීමේදී එරට රජය විසින් වැදගත් වෙනස්කම් කීපයක් සිදු කර ඇතැයි සඳහන් වේ.

දැනට පවතින Temporary skilled shortage visa (subclass 482 ) වෙනුවට නව වීසා කාණ්ඩයක් හඳුන්වා දී තිබේ. මෙහිදී Skill in Demand visa නමින් එම වීසා කාණ්ඩයක් හඳුන්වා දී ඇත. මෙහිදී තාවකාලික (සාමාන්‍ය ) වීසා ක්‍රමවේදයෙන් පැමිණෙන විදේශිකයන්ට පුරවැසිභාවය ලබා ගැනීම සඳහා නව වීසා ලබා ගැනීමේ මාර්ග 3 ක් විවෘත වේ. Specialist skills pathway, Core skills සහ Essential skills pathway ලෙස එම මාර්ග 3 දක්වා ඇත. ඒ යටතේ වීසා ඉතා ඉක්මනින් සකස් කෙරෙන අතර පෙර පැවති ශ්‍රම වෙළඳ පරික්ෂණය ( Labour market Test ) මෙම වීසා කාණ්ඩය යටතේ සරල කර ඇත. අධ්‍යාපන ලැබීමෙන් අනතුරුව TR ( Temprory Resident Visa ) වීසා අයදුම් කිරීමේදී වයස් සීමාව 35 දක්වා අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බව දැක්වේ.

මේ අනුව පුරවැසිභාවය ලබා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටිය ඇතුලුව skill වීසා සඳහා අයදුම්කරන්නන්ගේ වයස් සීමාවද අධ්‍යයන පාඨමාලා අනුව වෙනස් කර ඇත. ඕස්ට්‍රේලියානු රජය විසින් පුරවැසිභාවය ලබා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදය අධ්‍යයන පාඨමාලාවන් අනුව පැහැදිලිව දක්වන බවද මෙහි සඳහන්ය. නිශ්චිත පිලිගත හැකි කරුණකදී හැරුනුකොට වරින් වර පාඨමාලා වෙනස් කිරීමට සිසුන්ට ඉදිරියේදී ඉඩ නොදෙන බවත් සිසුන්ගේ අධ්‍යාපන පසුබිම තක්සේරු කිරීමට නව ක්‍රමවේදයක් සකසන බවද වැඩිදුරටත් එම යෝජනා වල සඳහන් වේ.
එසේම නීත්‍යානුකූල නොවන නිසි ප්‍රමිතීන්ගෙන් තොර අධ්‍යාපන ආයතන නියාමනය, සංක්‍රමණ උපදේශකවරුන් හා අධ්‍යාපන උපදේශකවරුන්ගේ කාර්යයභාර්යේ විනිවිදභාවය පිළිබඳවද ඕස්ට්‍රේලියානු රජය අවධානය යොමු කරන බව සඳහන්ය.

මේ දක්වා විශාල වෙනස්කම් මෙම වීසා කාණ්ඩ වලට අදාලව සිදු කර නොමැති අතර ඉදිරියේදී ඕස්ට්‍රේලියානු රජය එම වෙනස්කම් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට ඕස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කර ඇති විදේශිකයන්ට මෙම යෝජනා වලින් බලපෑමක් සිදු නොවේ.

ඔබට සුදුසු visa කණ්ඩයක් තෝරාගෙන ඕස්ට්‍රේලියාවේ ඉස්ථිර පදිංචියට යෑමට අවස්ථාව උදාකර ගැනීමට අවශ්‍ය මූලික උපදේශන සේවාව නොමිලේම ලබාගන්න Tingo Education Australia ආයතනයේ ඩුබායි ශාඛාවේ සුරංගී මහත්මිය අමතන්න 056 982 3350

Share.

Comments are closed.