ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර යානාවක් මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරියේ නිරතව සිටීදී අනතුරට පත්ව ඇත. එම යානය අනතුරට ලක්ව ඇත්තේ සාම සාධක මෙහෙයුමට අදාළ භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදීය.

අනතුරට පත්වන අවස්ථාවේ නියමුවන් සහ කාර්ය මණ්ඩලය පස්දෙනකු සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැත. M.I. 14 වර්ගයේ යානාවට අනතුරින් අලාභ හානි සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ.

මේ අතර අල්-ෂබාබ් ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවට වන ප‍්‍රචාර අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා සහ එම හෙලිකොප්ටරය මේ වනවිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා සාම සාධක හමුදා කඳවුරේ ආරක්‍ෂිතව ඇති බවත් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.