මෙරට ක‍්‍රියාත්මක බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන හා මුදල් පැවරීම් සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්‌යෙන්ම ලබා ගත යුතු බවට නව නීතියක් මහ බැංකුව පනවා ඇත.

මෙම නීතිය ඉකුත් 3 වැනිදා සිට ක්‍රියාත්මක බව වාර්තා වේ. මහ බැංකුව කියා සිටින්නේ ඇතැම් මූල්‍ය ආයතන හා ඒ හා සමාන සේවා සපයන ආයතන මුදල් පැවරීම් පද්ධතියට බාධා එල්ල විය හැකි අයුරින් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම
මැඩ පැවැත්වීමට බාධා වන අයුරින් කටයුතු කරන නිසා එය වැළැක්වීම සඳහා නව නීති ක්‍රියාත්මක බවය.

මින් ඉදිරියට ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය ලෙස මහ බැංකුව කටයුතු කරයි.

මෙරට බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන බොහොමයක් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අදාළ වෙනත් අධිකාරි ආයතන මගින් නියාමනය කරනු ලබන නමුත් ඇතැම් ආයතන නියාමනය නොවන හෙයින් මෙම පියවර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Share.

Comments are closed.