ඉන්දියාවේ ඇපලෝ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ජංගම දුරකථනය ඔස්සේ මෙරට රෝගීන්ට උපදෙස් හා ප්‍රතිකාර ලබාදීමේ සේවාවක් ආරම්භ කර ඇත.

ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ඉන්දියාවේ ඇපලෝ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් හරහා එම උපදෙස් ලබාගත හැක.

මෙම ව්‍යාපෘතිය ඔස්සේ ශල්‍යකර්ම හා විශේෂ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරුන් අමතා රෝහල් ප්‍රතිකාර සඳහා යොමු වීමට අවස්ථාව හිමි කර දෙයි.

දුරකථන අංක 1305 ඔස්සේ ඉන්දීය ඇපලෝ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමග සම්බන්ධ විය හැකිය.

Share.

Comments are closed.