ඡන්දයකදී අල්ලස් දීමේ වරදක් සම්බන්ධයෙන් පනවනු ලබන රුපියල් 500ක දඩ මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම් පත හරහා මෙය සිදු කරයි.

අදාළ කෙටුම්පත, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ අත්සනින් ගැසට් කර ඇත.ඒ අනුව ඡන්දයකදී සංග්‍රහ කිරීමෙන් අල්ලස් දීමේ වරදකට අය කළ රුපියල් 200ක දඩය ඉහළ නංවන්නේ, රුපියල් 750,000 ක් දක්වාය.

ඡන්ද විමසීමකදී අයුතු බලපෑම් කිරීම සඳහා මෙතෙක් රුපියල් 500ක දඩයක් අය කල අතර එය දැන් රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවෙනු ඇති. 

ඡන්දයකදී වෙනත් අයෙකුගේ නමින් පෙනී සිටීමේ වරදට මෙතෙක් අය කළ දඩය, රුපියල් 300 කි.එය ඉහළ නැංවීමට යෝජනා කර ඇත්තේ, රුපියල් ලක්ෂයක් දක්වාය. 

ඡන්ද විමසීමක ගණන් හිලව් තැබීම පැහැර හැරීම වෙනුවෙන් අය කළ රුපියල් 300ක දඩය, රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත. ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ගැනෙන වැරදි රැසක් සම්බන්ධයෙන් මෙතෙක් පනවා ඇති දඩ මුදල් ඉහළ නැංවීමට, අදාළ කෙටුම්පතෙන් යෝජිතය.

Share.

Comments are closed.