ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ලබන සිකුරාදාට (26) පෙර එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ හමුවක් ලබන බදාදා (24) හෝ බ්‍රහස්පතින්දා (25) පැවැත්වීමට නියමිතය.

එම හමුවෙන් අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

එම හමුවේදී ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබී අදට (22) දින 05ක් ගත වේ.

Share.

Comments are closed.