කොළඹට වරාය තුළ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක අද අලුයම ගින්නක් ඇති වී පුපුරා යාමක් ද සිදුව ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

එහිදී ක්‍රියාත්මක වූ වරාය ගිනි නිවන ඒකකය ඇතුළු වරාය කාර්ය මණ්ඩලය ගින්න පාලනය කර නිවාදැමීමට සමත් වූ බවත් ගින්න නිවා දැමීමට නොහැකිව පැතිර ගියේ නම් මහා විනාශයක් වීමට ඉඩ තිබූ බවත් වැඩි දුරටත් වාර්තා වේ.

ගින්න හේතුවෙන් අදාල නෞකාවට සිදුවූ හානිය මේ දක්වා තක්සේරු කර නොමැති බවත් කෙසේ වෙතත් නෞකාවේ තිබුණු භාණ්ඩවලට සහ නෞකාවට විශාල හානියක් සිදු වී තිබේ.

Share.

Comments are closed.