අරුවක්කාලු අංගනයට කසල ගොඩබෑම, කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතුවල මූලික මට්ටමේ අත්හදා බැලීම් ඊයේ (25) සිදු කළ බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ආර්.එම්.ජී.එස් බණ්ඩාර මහතා සඳහන් කලේය.

අධ්‍යක්ෂකවරයා අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කරන බවයි. අරුවක්කාලු කසල ව්‍යාපෘතිය මගින් සාමන්‍ය ජන ජීවිතයට හෝ ස්වභාවික පරිසරයට බලපෑමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක “කොළඹ අගනගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය“ 2017 වසරේ ආරම්භ කෙරිණි. දිනෙන් දින ඉහළ යන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව විසඳීම සඳහා සනීපාරක්ෂක කසල රඳවනයක අවශ්‍යතාවය අරමුණු කරගනිමින් මෙම කසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ, කොළඹ නගරයේ දෛනිකව එකතු වන කසල මෙට්‍රික් ටොන් 1200ක් පමණ කැලණිය, වනවාසල සිට කිලෝමීටර 170ක් පමණ දුරින් පිහිටි පුත්තලම, අරුවක්කාලු කසල අංගනය දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබේ.

මෙම අපද්‍රව්‍ය, අරුවක්කාලු කසල මධ්‍යස්ථානයේ ගොඩබෑමෙන් අනතුරුව ඒ අසළ පිහිටි සනීපාරක්ෂක කසල රඳවනයට බැහැර කෙරෙනු ලැබේ.

Share.

Comments are closed.