ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් ඉන්දීය සංචිත බැංකුව වෙත වසරේ පළමු මාස හයේදී ගෙවා ඇත.

ඉන්දියානු සංචිත බැංකුවට ඩොලර් මිලියන 43ක් ජුනි මස වන විට මහ බැංකුව ණය වී තිබේ.
ඉන්දියානු සංචිත බැංකුව විසින් ශ්‍රී ලංකාවට විනිමය හුවමාරු පහසුකමක් ද ලබා දී ඇත.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ මුදල් අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කලේය.

Share.

Comments are closed.