මෙවර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මේ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වේ.

මෙම නිහඬ කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Share.

Comments are closed.