ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත් කර ඇති නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් තිදෙනා අතර බෙදී ගොස් ඇති අමාත්‍යංශයන් මෙසේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතට පත්වන අමාත්‍යංශ
– ආරක්‍ෂක අමාත්‍යංශය
– මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය
– බලශක්ති අමාත්‍යංශය
– කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජල සම්පත් අමාත්‍යංශය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය යටතට පත්වන අමාත්‍යංශ
– අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පලාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය
– අධ්‍යාපන, විදක හා තාක්ෂණ අමාත්‍යංශය
– කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය
– වෙළඳ, වානිජ, ආහාර සුරක්‍ෂිතතා, සමූපාකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
– සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යංශය

අමාත්‍ය විජිත හේරත් මහතා යටතට පත්වන අමාත්‍යංශ
– බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජන මාධ්‍ය අමාත්‍යංශය
– ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය
– මහජන ආරක්‍ෂක අමාත්‍යංශය
– විදේශ කටයුතු අමාත්‍යංශය

Share.

Comments are closed.

Exit mobile version