ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 15 දෙනකු පත් කර ඇත.

ඒ ඇමතිවරුන් හතර දෙනකු යටතේ ක්‍රියාත්මක වන අමාත්‍යංශ 15ක් සඳහාය.

• අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී මහතා

• අමාත්‍ය මණ්ඩලයේ ලේකම් – ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා

• ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් – කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා

• මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාද,සැලසුම් සහ සංචාරක අමාත්‍යංශ ලේකම් – කේ.එම්.එම්.සිරිවර්ධන මහතා

• විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් – අරුණි විජේවර්ධන මහත්මිය

• අධ්‍යාපන,විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශ ලේකම් – ජේ.එම්.ටී.ජයසුන්දර මහත්මිය

• කාන්තා,ළමා හා තරුන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් – කේ.මහේසන් මහතා

• වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා,සමූපාකාර සංවර්ධන,කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් – එම්.එම්.නයිමුදීන් මහතා

• ග්‍රාමීය හා නාගරික සංවර්ධන,නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් – ඒ.එම්.පී.එම්.බී.අතපත්තු මහතා

• සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් – පාලිත ගුණරත්න මහීපාල මහතා

• අධිකරණ,රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ලේකම් – ඩබ්ලිව්.පී.පී යසරත්න මහතා

• පරිසර,වනජීවී,වන සම්පත්,ජල සම්පාදන,වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් – බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා

• කෘෂිකර්ම,ඉඩම්,පශු සම්පත්,වාරිමාර්ග,ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ ලේකම් – එම්.පී.එන්.එම් වික්‍රමසිංහ මහතා

• ආරක්ෂක අමාත්‍යංශ ලේකම් – එච්.එස්.එස්.තුයියකොන්තා මහතා

• මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් – ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා

• බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ අරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් – රංජිත් ආරියරත්න මහතා

• බලශක්ති අමාත්‍යංශයේ ලේකම් – මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල මහතා

Share.

Comments are closed.

Exit mobile version