හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පෙළබවීමේ දීමනාව පසුගිය 22 දක්වා හිමි වන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

හිටපු ප්‍රභුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පසුගිය 22 දායින් පසුව ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල නොයෙදෙන බැවින් ඔවුන් හට ගෙවනු ලබන පෙලබවීමේ දීමනාව පසුගිය 22 දින දක්වා පමණක් හිමි වන බව ත්‍රිවිධ හමුදාපතිවරුන් ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි,ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මෙම දීමනාව ගෙවීම නතර කර නොමැති ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Share.

Comments are closed.

Exit mobile version