පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර  ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දන්වා ඇත.

එසේම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කලේය.

සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් ලක්ෂ පහක්  පමණ වටිනා මුද්දර වාර්ෂිකව නොමිලේ නිකුත් කෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අහෝසි වී ගියේය.

මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා,ඉන්ධන දීමනා,නිල නිවාස මෙසේ අහිමිවී ගිය සෙසු පහසුකම් වේ.

Share.

Comments are closed.

Exit mobile version