මෙතෙක් අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට තිබූ බිය නැතිකර විශ්වාසය තහවුරු කළ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ(15) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ලංකාව අතර ආයෝජන ශක්තිමත් කිරීම සඳහා වන කොමිසම අපි ස්ථාපිත කළා. මෙතෙක් කල් අරාබි රටවල් මෙරට ආයෝජනයට බියෙන් සිටියා. අප අත්සන් කරන ලද කොමිසම හරහා ඔවුන්ට විශ්වාසය තහවුරු කර තිබෙනවා” යැයි විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version