වංචනික ලෙස දිවයිනෙන් පිටවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් රැකියාවක් අපේක්ෂාවෙන් සංචාරක වීසා මත මැලේසියාව බලා පිටත්ව යාමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපළේදී රඳවාගෙන ඇත.
මෙම පිරිස වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ විමර් ශන අංශය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා.
මැලේසියාව බලා යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකුගෙන් යුත් පිරිසකගේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී ඔවුන්ගෙන් නව දෙනෙකු එහි රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණින් සංචාරක වීසා මත විදේශගත වීමට උත්සාහ කරන බව නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ නිලධාරීන් මෙම පුද්ගලයින් 9 දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචනික ක්‍රියාව හෙළිදරව් වී ඇත.
මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share.

Comments are closed.