අබුඩාබි පොලිසිය එක්සත් අරාබි එමීරයේ මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීමට ඉදිරි මාර්ග අනතුරු සහ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව රියදුරන්ට දැනුම් දීම සඳහා වර්ණ විදුලි පහන් භාවිතා කරමින් සියලුම ප්‍රධාන මහාමාර්ග හරහා නව මාර්ග අනතුරු ඇඟවීමේ පද්ධතියක් දියත් කර ඇති අතර අබුඩාබි මාධ්‍ය කාර්යාලය විසින් ට්විටර් මගින් බෙදාහැරි වීඩියෝවක මෙසේ දැක්වේ.

  • ඉදිරි අනතුරක් ගැන රියදුරන්ට දැනුම් දීම සඳහා රතු සහ නිල් වර්ණ වලින් විදුලි පහන් දැල්වෙයි.
  • මීදුම, දූවිලි හා වර් ෂාව ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව අනතුරු ඇඟවීමට කහ ආලෝකයක් දැල්වෙයි.

විදුලි පහන් සූර්ය ශක්තියෙන් මෙන්ම අභ්‍යන්තර බැටරි වලින් බල ගැන්වේ.

මෙම දිලිසෙන වර් ණ දිවා රාත්‍රී කාලයේ දී මීටර් 200ක දුර සිට පහසුවෙන් දැකගත හැකිය.

Share.

Comments are closed.