Author: kumudika
Mohammed bin Rashid Al Maktoum Knowledge Foundation (MBRF), UNESCO සමඟ සහයෝගයෙන්, තුන් වන UNESCO World Open Educational Resources (OER) සම්මේලනය, Open Solutions and AI for Inclusive Access to Knowledge’ යන මාතෘකාව යටතේ පැවැත්වීමට නියමිතය. 2024 නොවැම්බර් 19 සිට 20 දක්වා ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත මෙම උත්සවය අරාබි ලෝකයේ ප්‍රථම වරට සමුළුව පවත්වනු ලබන බැවින් එය වැදගත් සන්ධිස්ථානයකි. MBRF සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද දැනුම සමුළුව 2024 සමඟින් ක්‍රියාත්මක වන මෙම සම්මේලනය අධ්‍යාපනය, ඩිජිටල් සේවා සහ සන්නිවේදන ක්ෂේත්‍රවල අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අංශ ප්‍රධානීන් 500ක් පමණ ආකර්ෂණය කර ගනු ඇත.මෙම ගෝලීය රැස්වීම විවෘත…
එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා විසින් ඩිරාම් බිලියන 2 ක අයවැයක් සහිතව ඩුබායි පොලිසිය සඳහා උපාය මාර්ගික ව්‍යාපෘති මාලාවක් පසුගියදා එළිදක්වන ලදී. මෙම ව්‍යාපෘති මගින් ආරක්ෂාව වැඩි දියුණු කිරීම, විශේෂිත පුහුණුවක් දියුණු කිරීම සහ නිවාස සහ පවුල් ආධාරක මුලපිරීම් හරහා පොලිස් නිලධාරීන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. නව්‍ය ආරක්ෂක විසඳුම් සඳහා ඩුබායිහි ප්‍රමුඛ භූමිකාව අවධාරණය කරමින්, ලෝකයේ ආරක්ෂිතම නගරයක් පවත්වාගෙන යාමට ඩුබායි පොලිසියේ කැපවීම පිළිබඳ ෂෙයික් මොහොමඩ් මහතා ප්‍රශංසා කළේය. ප්‍රධාන මුලපිරීම් අතර අල් රුවයියා හි නව ඩුබායි පොලිස් ඇකඩමියක්, හෙක්ටයාර් 155ක් පුරා පිහිටුවා ඇති අතර නේවාසික…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රියදුරන් සඳහා බාධාවකින් තොරව වාහන රක්‍ෂණ සේවා සැපයීම සඳහා ඩුබායි හි ටෝල් ගේට් ක්‍රියාකරු වන Salik සමාගම, Liva රක්ෂණ සමාගම සමඟ නව හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. සහයෝගීතාවයේ කොටසක් ලෙස, Salik විසින් වාහන ලියාපදිංචිය සහ රක්ෂණ අලුත් කිරීම් සඳහා සිහි කැඳවීම් සිදු කරනු ඇත. මෙම ඇඟවීම් මඟින් රියදුරන්ට Liva වෙත පිවිස ක්ලික් කිරීම් කිහිපයකින් ඔවුන්ගේ මෝටර් රථ රක්ෂණය පහසුවෙන් අලුත් කළ හැකිය. හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ රක්ෂණ ආවරණයේ අඩුපාඩු වැළැක්වීම සහ සුමට, නියමිත වේලාවට අලුත් කිරීම සහතික කිරීමයි. Salik හි ප්‍රධාන විධායක නිලධාරී, Ibrahim Haddad මහතා මෙම මුලපිරීම සමාගමේ සේවාවන් විවිධාංගීකරණය කිරීමට සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමේ…
මහ මැතිවරණය වෙනුවෙන් අද (13දා) සහ හෙට (14දා) මැතිවරණ රාජකාරි කටයුතු සඳහා ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ 2017ක් යොදවන බව ප්‍රවාහන බලධාරීහු පැවසූහ. ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට හා මැතිවරණ රාජකාරියේ නිරත වන නිලධාරීන් ප්‍රවාහනය කිරීමට ලංගම බස් රථ 1017ක් යොදවන බව එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය. මීට අමතරව පොලිස් නිලධාරීන් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ 290ක් යොදවා ඇතැයි ද දිවයින පුරා ඇති ලංගම ඩිපෝ 107කින් මෙම බස් රථ යොදවන බව ද ඒ මහතා සඳහන් කලේය. තවද මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පෞද්ගලික බස් රථ 700ක් ලබාදී ඇති අතර ඒවා සඳහා මුදල් ගෙවා ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ…
ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් ලෙස සටහන්වී තිබේ. එය ගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 81%ක වර්ධනයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා ඇතිවූ බලපෑම මත මෙම වර්ධනය සිදුවී ඇති බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි.
මෙරට දස වන පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ. ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කිරීමට කටයුතු කලේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙය සිදු කෙරේ. නව පාර්ලිමේන්තුව සඳහා වන මැතිවරණය හෙට (14) පැවැත්වීමට නියමිතය.
දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන නීල් මැකෙන්සි (Neil McKenzie) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලයක් සදහා පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු සමග ඔහු පුහුණු කදවුරකට එක්වීමට නියමිතය. නොවැම්බර් 13 වැනිදා සිට 21 වැනිදා දක්වා Neil McKenzie ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග කටයුතු කිරීමට නියමිතව තිබේ.
තෙල්, ගෑස් සහ සෙසු ස්වභාවික සම්පත් දෙවියන් විසින් තෑගි කරනු ලැබූ බවත්, එය වෙළෙඳපොළෙන් ඉවත් නොකළ යුතු බවත් අසර්බයිජාන් රාජ්‍යයේ බකූ අගනුවරදී පෙරේදා ආරම්භ වූ 29 වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික විපර්යාස සමුළුවේදී එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය රාජ්‍යය නිෂ්පාදනය කරනු ලබන්නේ ලෝක ගෑස් සම්පත්වලින් 0.1%ක් පමණක් බවත් ප්‍රකාශ කරමින් පොසිල ඉන්ධන භාවිතයෙන් තුරන් කිරීමට එරෙහි වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනි ගුටාරෙස්, ලෝක බැංකුවේ සභාපති අජේ බංගා, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්, බාබඩෝස් අගමැති මියා මොට්ලේ, පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ්, බ්‍රසීල පාරිසරික ඇමැති මරීනා සිල්වා, යුරෝපා දේශගුණික කොමසාරිස්…
දකුණු අප්‍රිකාව සමඟ මේ මස 27 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 10ක් ඊයේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ. නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, කසුන් රාජිත හා ලසිත් ඇඹුල්දෙනිය දකුණු අප්‍රිකාවට ගිය ක්‍රීඩක පිරිස වෙති. මේ සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙටි කාලයකට ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු නීල් මැකෙන්සි පත් කළේය. ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ පුහුණු කඳවුරකට සහභාගි වීමට නියමිතය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 58කට හා එක්දින…
අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව, අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය ඔක්තෝබර් මස 23 වැනිදා එම සංචාරක උපදේශනය එරට පුරවැසියන් වෙනුවෙන් නිකුත් කරන ලද අතර, නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එම තානාපති කාර්යාලය දැනුම් දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නැවත දැනුම් දෙනතුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස මෙරට සිටින එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි අතර අදාළ නිවේදනයෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් එම රටවල පුරවැසියන්ට මෙම කලාපවල සංචාරය කිරීමෙන් වළකින ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත්…