Author: kumudika

පෙබරවාරී මාසයේ මුල් දින දා හතර තුළ විදේශීය සංචාරකයන් එක්ලක්ෂ පහළොස් දහස් හතලිස් තුන් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. ඒ අනුව, මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 14 වන දා දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවා යයි. එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව හා සසදා බැලීමේ දී 20% ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කලේය. පෙබරවාරි මාසයේ දී ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. රුසියාව සහ එක්සත් රාජධානිය දෙවනුවට සහ තෙවනුව වැඩිම සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි රටවල් ලැයිස්තුවේ සඳහන් වේ.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (14) දිනයේ සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.මේ අනුව පෙරේදා (13) රු. 301.19ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (14) දිනයේදී රු. 300.12 දක්වා රු. 1.07කින් අඩු වී ඇත. ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය පෙරේදා (13) වාර්තා වූ රු. 292.61 සිට ඊයේ (14) දිනයේදී රු. 291.57 දක්වා රු. 1.04කින් ද අඩු වී තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (14) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව මේ බව වාර්තා වේ.

Read More

වේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ඇති ප්‍රතිපාදන ප්‍රකාරව නව ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ඊයේ (14) දින සිදු කරන ලදි. ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස, ප්‍රියන්ත ඒකනායක පත් කරන ලදී. ඔහු රග්බි ක්‍රීඩකයෙකු සහ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස ද නවසීලන්තයේ සහ වේල්සයේ රග්බි සමාජයෙහි ද ක්‍රීඩා කර ඇත. ජාතික ක්‍රීඩා සභාවේ අනෙකුත් සාමාජිකයින් ද මෙම අවස්ථාවේදී පත් කරන ලදී. එම…

Read More

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 2025 ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව පෙබරවාරි 25 වැනිදා ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට…

Read More

එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වාර්ෂිකව සංවිධානය කරන මහා ක්‍රිකට් තරඟාවලි රැසක් හෙට (15) සහ ඉරිදා (16) යන දෙදින තුල පැවැත් වීමට නියමිතය. 20 වන වරට සංවිධානය කරන කොළඹ රාජකීය සහ තෝමස් විදුහල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හෙට (15) අජ්මාන් හි Seven District Stadium හිදී පැවැත්වේ. කොළඹ ආදි ආනන්ද , නාලන්ද සිසුන් විසින් 15 වන වරට පවත්වන Battle Of the Maroons මහා ක්‍රිකට් ගැටුම පැවැත් වෙන්නේ හෙට (15) උදෑසන 10.00 සිට අජ්මාන්හි Royal Ground හිදී ය. මොරටුව වේල්ස් කුමාර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර 9 වන වරටත් පැවැත්වෙන ආදි සිසු මහා ක්‍රිකට් ගැටුම හෙට (15) දහවල් 1.00 සිට…

Read More

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව අතරතුර පසුගිය 12වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක අලිබබා සමූහ ව්‍යාපාරයේ සමනිර්මාතෘ මෙන්ම එහි සභාපති ජෝසප් සී. සායි (Joseph C. Tsai) හමුවී තිබේ. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා අලිබබා සමූහ ව්‍යාපාරයේ සහාය ලබාදීමට සූදනම් බව ජෝසප් ටී. සායි මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සඳහන් කර ඇත. ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධයෙන් අලිබබා ආයතනයට මනා පරිචයක් පවතින බවත් එම දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට තමන් සූදානම් බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙහිදී අදහස් දැක්වා ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට…

Read More

අධික තදබදයක් ඇති ප්‍රදේශ නියාමනය කිරීම අරමුණු කරගත් නව විචල්‍ය වාහන නැවැත්වීමේ ගාස්තු ප්‍රතිපත්තියක කොටසක් ලෙස ඩුබායි හි විශේෂ කලාපවල පොදු වාහන නැවැත්වීමේ ගාස්තු පෙබරවාරි 17 සිට පැයකට Dh25 දක්වා වැඩි වේ. පොදු වාහන නැවැත්වීමේ ක්‍රියාකරු පාර්කින් විසින් සංශෝධිත ගාස්තු ප්‍රකාශයට පත් කරන ලද අතර එය එමීර් රාජ්‍යය පුරා ප්‍රධාන සිදුවීම් සහිත ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරේ. එවැනි එක් ස්ථානයක් වන්නේ ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය (DWTC) වන අතර එය ප්‍රධාන සිදුවීම් වලදී සංචාරකයින්ගේ අධික ප්‍රමාණය හේතුවෙන් “මහා සිදුවීම් කලාපයක්” ලෙස නම් කර ඇත. පැයකට Dh25 අනුපාතය වත්මන් සම්මත වාහන නැවැත්වීමේ ගාස්තු වලින් සැලකිය යුතු වැඩි වීමක් සලකුණු කරයි. වාහන ගමනාගමනය සහ සිදුවීම්…

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ අරමුදල් මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කර ඇත. ඇමරිකානු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් පිහිටවන ලද මෙම ආයතනය ලොව අංක එකේ ධනවත් ප්‍රකෝටිපතියා වන ඊලොන් මස්ක් විසින් ප්‍රධානීත්වය දරයි. ඇමෙරිකානු අරමුදල් යෙදවීම නාස්තියක් බව සලකමින් ලොව පුරා ක්‍රියාත්මක වන ව්‍යාපෘති 199ක් නවතා දැමීමට ට‍්‍රම්ප් පාලනය යටතේ ඇමරිකානු රජය තීරණය කර තිබේ. එලෙස නවතා දමන ලද ව්‍යාපෘති අතරට ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකද අයත්ය. දේශගුණ විපාර්යාස වලට ඔරොත්තු දීම පිළිබඳ වූ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් සහ සන්නිවේදනය පිළිබඳ වැඩමුළු පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක්ද මෙසේ…

Read More

ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සංවිධාන කරන වාර්ෂික ක්‍රිකට් සම්මාන උලෙළේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අත්පත්තු සම්මාන දිනා ගැනීමට සමත්ව තිබේ. පසුගිය වසරේ (2024) ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් පදනම් කරගනිමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය 18 වැනි වරට සංවිධාන කරන මේ සම්මාන උලෙළේදී වැන්ඩර්සේ වසරේ හොඳම එක්දින පන්දු යැවීමේ දක්ෂතාව සඳහාත්, චමරි වසරේ හොඳම එක්දින පිතිකාරිනිය ලෙසත් නම් කෙරිණි. ඉන්දියාවට එරෙහිව පසුගිය වසරේ අගෝස්තු 4 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගයේදී ඕවර 5ක් තුළ ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් 7 දෙනාගෙන් 6 දෙනකුම දවා ගනිමින් දැක්වූ…

Read More

අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙඩි නොවදින විද්‍යුත් ට්‍රක් රථ සැපැයීමේ ඩොලර් මිලියන 400ක කොන්ත්‍රාත්තුව ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමට පිරිනැමිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද වන විට ලොව ලොකුම ධනපතියා වන ඉලෝන් මස්ක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ඩොලර් මිලියන 250ක් වැය කරමින් ඔහුගේ ප්‍රධානතම සහායකයා බවට පත්වූ අතර, ට්‍රම්ප් ජනපති පදවියේ දිවුරුම් දීමෙන් පසු රජයේ අධික වියදම් කපාහැරීමේ ක්‍රියාවලිය සඳහා ස්ථාපිත කළ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔහු පත් කරනු ලැබීය. ඔහු හිටපු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ වසර 5ක පාලන සමයේදී ද අමෙරිකානු ඩොලර් බිලියන 13කට අධික රජයේ කොන්ත්‍රාත්තු ලැබූ අතර, මෙවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාහන සැපයීමේ කොන්ත්‍රාත්තුව ඔහුගේ ටෙස්ලා සමාගමට…

Read More