Author: kumudika

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් පන්දුව හැසිරවීමට අත භාවිතා කිරීම හේතුවෙන් දැවී ගියේය. මෙය දුර්ලභ දැවී යාම් අවස්ථාවක් ලෙස ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති. මෙහිදී කඩුල්ල වටේ සිටගෙන සිටින විට තම දෑත් භාවිතා කිරීමට පුරුදුව සිටි කඩුලු රකින පිතිකරු නවසීලන්තයේ කයිල් ජේම්සන්ගේ ඕවරයක් අතරතුර පන්දුව හසුරුවා ගැනීමට අත යොදා ගත්තේය. මෙම ක්‍රියාවලියේදී රහීම් බංග්ලාදේශයේ දැවී ගිය පළමු ක්‍රීඩකයා බවට පත්විය. ඔහු මොහින්දර් අමරනාත්, මොහ්සින් ඛාන්, මයිකල් වෝගන් වැනි ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස ඉවත් කළ දුර්ලභ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක් විණි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් පන්දුව හැසිරවීම මගින් දැවී ගොස් නොමැත. ඒ අනුව…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් 2024 වර්ෂයේදී හජ් වන්දනාවේ යාමට අදහස් කරන මුස්ලිම්වරුන් සඳහා ලියාපදිංචිය නිල වශයෙන් විවෘත කර ඇත. ඉස්ලාමීය කටයුතු සහ පරිත්‍යාග පිළිබඳ සාමාන්‍ය අධිකාරිය විසින් වන්දනාවේ යාමට අපේක්ෂා කරන වන්දනාකරුවන්ට පහසුවක් සලසා දී තිබේ. ඔවුන්ට 2023 දෙසැම්බර් 5 අඟහරුවාදා සහ දෙසැම්බර් 21 බ්‍රහස්පතින්දා අතර ලියාපදිංචි වීමට ඉඩ ලබා දී ඇත. හජ් චාරිත්‍ර ඉටු කිරීමට කැමති පිරිසට ඉස්ලාමීය කටයුතු යෙදුම බාගත කිරීම හෝ වෙබ් අඩවියට ලොග් වී ‘hajj rejister ‘ අයිකනය ක්ලික් කිරීමෙන් සම්බන්ධ විය හැක. එයට තම එමිරේට්ස් හැඳුනුම්පත සහ ජංගම දුරකථන අංකය ඇතුළත් කළ යුතුය. හජ් වීසා ලබා ගැනීම වන්දනාව සිදු කිරීම සඳහා, එක්සත් අරාබි එමීර්…

Read More

ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට ලබාදුන් කෞතුක භාණ්ඩ ඊයේ (05) සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි. බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන ප්‍රදර්ශනය විවෘත විය. නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කු ආකෘතියක් යන කෞතුක භාණ්ඩ 06ක් මෙම කෞතුක භාණ්ඩ අතර වේ. වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ…

Read More

රුසියානු හමුදාව විසින් එල්ල කල ප්‍රහාරයකින් යුක්රේන හමුදා කණ්ඩායමක් නියෝජනය කළ ‍ශ්‍රී ලාංකික හමුදා නිළධාරීන් තිදෙනෙකු මියගොස් තිබේ. යුක්රේන හමුදා විශේෂ බලකායට අණ දෙන නිලධාරියෙකු ලෙස සේවය කළ කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු මෙසේ මියගොස් ඇත. පසුගිය 4 වෙනිදා රුසියානු හමුදා විසින් යුක්රේන ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කරන ලද ප්‍රහාරයක දී මෙම තිදෙනා මිය ගොස් ඇතැයි වාර්තා වේ.

Read More

එමීර් රාජ්‍යයේ ජනතාව සඳහා 2024 වසරේ ජනවාරි මස මුල් දිනවලදී දිගු නිවාඩුවක් අත්විඳීමට අවස්ථාව ලැබී තිබේ. මෙම නිවාඩුව සාමාන්‍යයෙන් දෙසැම්බර් 30 සෙනසුරාදා ආරම්භ වී දෙසැම්බර් 31 ඉරිදා අවසන් වේ. නමුත් එළඹෙන ජනවාරි 1 සඳුදා පලමු රජයේ නිවාඩුව වන නිසා එම දිනයද මීට ඇතුළත්ය. ඒ අනුව ජනවාරි 2 වන  අඟහරුවාදා නැවත රැකියාවට යාමට පෙර වැඩ කරන ජනතාවට දිගු විවේකයක් ලබා දේ. මෙම දීර්ඝ සති අන්තය පැමිණෙන්නේ එමීර් රාජ්‍යයේ ජාතික දින නිවාඩුවෙන් කලක් ගතවීමෙන් අනතුරුවය. පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා දෙසැම්බර් 2 සිට 4 දක්වා දින තුනක සති අන්තයක් හිමි වුණි. එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය දැනටමත් රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම රජයේ නිවාඩු…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරිම ඊයේ (04) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදු විය. ඒ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙනි. අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම වැඩපිළිවෙල දියත් කෙරේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසිස් හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන යන මහත්වරු අදාල ණය යෝජනා ගිවිසුම් හුවමාරු කරගැනිම සිදු කළහ.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර…

Read More

මිජවුම් සුළි කුණාටුව ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට මේ වනවිට වර්ධනය වී තිබේ. ඒත් සමග ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකට මින් දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත. මෑත කාලයේ ඉන්දියාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බවට එරට කාලගුණ බලධාරීන් කියා සිටිති. මිජවුම් සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ, ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයටයි. චෙන්නායි ප්‍රාන්තයේ පාසල් සහ කාර්යාල මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති අතර චෙන්නායි ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු ද අත්හිටුවා ඇත. තමිල්නාඩු ප්‍රාන්තයට දින 4ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් විණි. තම්බරම්, චිරාලා, විනුකොන්ඩා සහ කනිගිරි…

Read More

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ මරාපි ගිනි කන්ද පුපුරා යෑමට පටන්ගෙන ඇත. මේ නිසා 11 දෙනකු මියගොස් ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ. ගිනි කන්ද පිපිරීමත් සමඟ අතුරුදන් වුණු ගණන 12 ක් බව ද පැවසේ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන තුනකි. ගිනි කන්ද දිගින් දිගටම පුපුරා යන බැවින් අතුරුදන් වූවන් සොයා සිදු කරන මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇත. පුපුරා ගිය ගිනි කන්දේ දුම්වලා සහ අළු කිලෝ මීටර් 3 ක් දුරට පැතිරී තිබේ. ඒ හේතුවෙන් ගුවන් ගමන් කටයුතුවලට ද එම දුම් වලාවන් බාධාවක් වී ඇති බව පැවැසේ.

Read More

දකුණු ඉන්දියාවට මේ වනවිට බලපා ඇති මිජවුම් සුළි කුණාටුව හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.ශ්‍රී ලංකා ගුවන් සමාගම ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් ඊයේ (04) දින ගුවන් ගමන්වාර දෙකක් නතර කළ බවයි. නැවත දැනුම දෙනතුරු ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර ඇතැයිද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් නිකුත් කල නවතම කාලගුණ නිවේදනය පරිදි අද උදෑසන සිට (04) එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශ වල දැඩි මීදුම් සහිත කාලගුණයක් ඇති වේ. මේ තත්ත්වය මෙම සතිය පුරා පැවතිය හැකි බවද සඳහන්. අද උදෑසන දිවයිනේ ප්‍රදේශ කිහිපයකට කහ මීදුම් අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. අද අලුයම 3 ට පමණ එමීර් රාජ්‍යයේ ප්‍රදේශ මීදුමෙන් වැසී ගියේය. උදෑසන 9 වන විට මීදුම පහව යනු ඇතැයි අපේක්ෂා කරන බව NCM පවසයි. අබුඩාබි පොලිසිය සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක්  නිකුත් කරමින් කියා සිටින්නේ මීදුම අතරතුර දෘශ්‍යතාව අඩුවීම නිසා රියදුරන් ප්‍රවේශම්කාරීව රිය ධාවනය කල යුතු බවයි. ගමන් බිමන් යාමේදී ඉලෙක්ට්‍රොනික මාර්ග සංඥා මත සවි…

Read More