Author: kumudika

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත. කලා ක්ෂේත්‍රයේ 50 වසරක් පමණ විශිෂ්ඨ සේවාවක් සිදු කළ දුමින්ද සිරිසේන මහතා මියයනවිට 75 වෙනි වියෙහි පසුවූ දෙදරු පියෙකි. වේදිකාව, සිනමාව සහ පුංචි තිරය සිය අනන්‍ය වූ රංගනයෙන් අතික්‍රමණය කළ කෘතහස්ත කලාවේදියෙකු ලෙස මෙතුමා හැඳින්විය හැකිය. අභාවප්‍රාප්ත ධම්ම ජාගොඩයන්ගේ රංග ශිල්ප ශාලිකාව හරහා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු “මූදු පුත්තු” නාට්‍යයේ දියෝනිස්ගේ චරිතය හරහා ප්‍රසිද්ධියට පත් විය. “සිංහබාහු”, “මනමේ”, “මහාසාර” සහ “බව කඩතුරාව” වැනි සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍ය රාශියක නොමැකෙන චරිතාංග වලට ඔහු පණ පෙව්වේය. විජය ධර්ම ශ්‍රීගේ “දුහුලු මලක්” චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි ඔහු ඉනික්බිතිව “දඬු…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් දෙසැම්බර් (02) දා ගෝලීය දේශගුණික විසඳුම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 30 ක අරමුදලක් ස්ථාපිත කරන බව නිවේදනය කළේය. දේශගුණික මූල්‍ය පරතරය පියවා ගැනීමට සහ දැරිය හැකි ප්‍රවේශයකට පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇති මෙම අරමුදල 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 250ක් රැස් කිරීම සහ ආයෝජනය කිරීම බල ගැන්වීම අරමුණු කරයි. මේ පිලිබද හෙළිදරව් කරනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (cop28) අතරතුර පැවති ලෝක දේශගුණික ක්‍රියාකාරී සමුළුව විවෘත කිරීම අතරතුරදීය. ඔහුගේ ආරම්භක ප්‍රකාශයේ දී, ලෝක දේශගුණික ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි ලෝක නායකයින්, රාජ්‍ය…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) Bill & Melinda Gates පදනමේ (BMGF) සම සභාපති Bill Gates මහතා සමඟ උපාය මාර්ගික හමුවක් පැවැත් විය. ගෝලීය අභියෝග ආමන්ත්‍රණය කිරීම සහ ලෝකයේ නිවර්තන කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිකාව වැඩිදියුණු කිරීම සඳහා වූ සහයෝගීතා ප්‍රයත්නයන් පිලිබද මෙහිදී සාකච්ඡාවට ලක් විණි. මෙම රැස්වීමේදී, ශක්තිමත් සහ දේශගුණයට ඔරොත්තු දෙන ජාතියක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට Bill & Melinda Gates පදනමේ වෑයම පිලිබද ගේට්ස් ප්‍රකාශ කළේය. දැනටමත් ශ්‍රී ලංකාව තුළ කටයුතු ආරම්භ කරමින් සම්බන්ධ වී සිටින මෙම පදනම, ශ්‍රී ලංකාව සමඟ සිය සබඳතාව වඩාත් පුළුල් කිරීමට ප්‍රතිඥා දී ඇත. කෘෂිකාර්මික නවීකරණය සහ කෘෂිකර්මාන්තය සඳහා දත්ත පද්ධති…

Read More

රික්ටර් මාපාංක ඒකක 7.6ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් පිලිපීනයේ මින්ඩාවෝ ප්‍රදේශයේ සිදුව ඇත. මෙහි ප‍්‍රබලත්වය හේතුවෙන් දකුණු පිලිපීනය, ඉන්දුනීසියාව, පලාවූ හා මැලේසියාවේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි බලපෑමක් ඇති වනු ඇති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය කියා සිටියි. ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ තිබේ. ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ මැග්නිටියුඩ් 7.5 ක ප්‍රබල භූ කම්පනයත් සමගයි. සෙන්ටිමීටර 40 ක පමණ උස රළ පහරක් එලෙස ගොඩබිමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වල සඳහන්. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරිමත් සමග එම දූපතේ වෙරළාසන්නව සිටි වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ජපන් බලධාරින් කටයුතු කර තිබේ. ඒ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.…

Read More

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මෙය කිසිසේත් කල් මරමින් සිටිය නොහැකි අතර සතුරා සිටින්නේ දොරටුව අභියස බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඩුබායිහි Expo City හිදී ආරම්භ කෙරුණු අතර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. 5 වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, දේශගුණික යුක්ති…

Read More

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 නොවැම්බර් මාසය සදහා 3.4 %ක් දක්වා වැඩි වී ඇත. එය 2023 ඔක්තෝම්බර් මාසය සඳහා 1.5 % ලෙස වාර්තා වී තිබුණි. 2023 නොවැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -3.6% දක්වා වැඩි වී ඇති අතර 2023 ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -5.2 %ක් ලෙසයි. එසේම නොවැම්බර් මාසය සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 6.8 % ක් දක්වා වැඩි වී ඇති අතර එය 2023 ඔක්තෝම්බර් මාසයේ දී 4.9…

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට (30) ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමා ඇත. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම මිල පහළ දැමීමත් සමඟ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 329 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 346 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 247 ක් බවට පත්වූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව…

Read More

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සෑම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන නොදර්න් වොරියර්ස් කණ්ඩායම ජය ගෙන ඇත. අබුඩාබි T10 හෙවත් පන්දුවාර 10 යි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර පසුගිය (28) දා ආරම්භ විය. එහිදී නොදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහි තරගයේ කාසිය වාසිය හිමි කරගත් සෑම්ප් ආමි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලහ. ඒ අනුව පිටියට පිවිසි නොදර්න් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 103 කි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෑම්ප් ආමි කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 94ක් පමණි. ඒ අනුව නොදර්න්…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවක් ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වයෙන් යුතු නිල ණය හිමි කමිටුව විසින් තහවුරු කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ශ්‍රි ලංකාවේ සියලුම නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන බවයි. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් වීමෙන් පසු දෙවන වාරිකය නිදහස් කිරීමට විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලැබෙනු ඇති බවත් ඔහු පවසයි. ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.6ක් වන අතර එයට ඩොලර් බිලියන 10.94 ද්විපාර්ශ්වික ණය ඇතුළත්ය. මීට…

Read More

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.ගුවන්තොටුපළේ මුදල් ගෙවා පහසුකම් ලබන ‘රන් මාවත’ නමින් හඳුන්වන විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් ඔහු පිටව ගොස් තිබේ.දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් අද අළුයම 1.30 ට පමණ ඔහු කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබෙන බව සඳහන්. අධිකරණ නියෝග මත ඉදිරි පැය 48 ක කාලය ඇතුළත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතයි.බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි ඔහුට එරෙහිව මේ වන විට අධිකරණයේ චෝදනා විභාග වෙමින් පවතින අතර ඔහුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි. නමුත් ඊට…

Read More