Author: kumudika

අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් සහිත නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට දෙරට බලධාරීන් කටයුතු කර ඇත. ඒ අනුව මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (08) පැමිණියේය . ගුවන් මගීන් 158 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනකුගෙන් සමන්විත එයාර් ඇරබියා ගුවන් සේවයේ 3L – 197 දරන ගුවන් යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟා විය. මෙම ගුවන් යානා සතියේ සෑම බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දිනකම රාත්‍රී 08.00 ට පැමිණෙන අතර , එම ගුවන් යානා යළිත් රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතය.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද(09) සිට ලබන 12 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙයි. දෝහා සංසදයේ සමුළුවට සහභාගී වීම මෙහි අරමුණයි. දෝහා සංසදය යනු, කටාර් රාජ්‍යය විසින් අනුග්‍රහය දක්වන ගෝලීය වේදිකාවකි. ලෝකය මුහුණ දෙන තීරණාත්මක අභියෝග සාකච්ඡා කිරීම සඳහා නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම එහි අරමුණු වේ. මෙම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා, කටාර් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමටද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Read More

ENOC සමූහය DEWA සමඟ එක්ව හරිත හයිඩ්‍රජන් ඇතුළත් පළමු ඒකාබද්ධ ඉන්ධන පිරවුම්හල විවෘත කල බව සිකුරාදා (08) ප්‍රකාශයට පත් කලේය. E247 මගින් ඩුබායි තිරසාරත්වය සහ හරිත පරිවර්තනයේ ගෝලීය ආකෘතියක් ලෙස ඉදිරියට ගෙන යාමේ කැපවීමට අනුකූලව, ඩුබායි උත්තරීතර බලශක්ති කවුන්සිලයේ උප සභාපති, ENOC හි සභාපති, අතිගරු සයීඩ් මොහොමඩ් අල් තයර් විසින් සමූහයේ පළමු හරිත හයිඩ්‍රජන් මධ්‍යස්ථානය විවෘත කරන ලදී.  ඩුබායි expo city  හි පිහිටුවා ඇති මෙය (SSoF) දැන් හරිත හයිඩ්‍රජන්, හයිඩ්‍රොකාබන් ඉන්ධන (පෙට්‍රල් සහ ඩීසල්) මෙන්ම විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන සපයන කලාපයේ ඇති එකම ස්ථානයයි. නව හරිත හයිඩ්‍රජන් මධ්‍යස්ථානය, ENOC සමූහය සහ ඩුබායි විදුලි හා ජල අධිකාරිය (DEWA) අතර හවුල් ව්‍යාපාරයක් වන…

Read More

ඩුබායි නගරයේ සාප්පු සැණකෙළිය ආරම්භ වීමත් සමඟ ඩුබායි අහස පුරා ඩ්‍රෝන යානා 800කින් ආලෝකමත් කරනු ඇත. අද දින 29 වන ඩුබායි සාප්පු සැණකෙළියේ (DSF) ආරම්භය සනිටුහන් කල අතර එය ජනවාරි 14 දක්වා පැවැත්වේ. ඩුබායි නගරය තුල සතුට, විනෝදය උතුරන දර්ශනීය උත්සව අසිරියක් මෙම සාප්පු සැණකෙලිය මඟින් ගෙන එනු ඇත. මෙම වසරේ DSF හි විශේෂත්වය වන්නේ Emarat Petroleum විසින් අනුග්‍රහය දක්වනු ලබන නොමිලේ ඩ්‍රෝන් ප්‍රදර්ශනයක් වන අතර එය The Beach, JBR සහ Bluewaters හි රාත්‍රී 8 සහ රාත්‍රී 10 ට පැවැත්වීමට නියමිතය. ඩ්‍රෝන යානා 800ක් ඇතුළත් සෑම රාත්‍රියකම නව සංදර්ශන දෙකක් ඇතුළත් වන බැවින් මෙම වසරේ සංදර්ශනය අති විශේෂ වේ. මෙම…

Read More

එමිරේට්ස් ඩුබායි 7s රග්බි තරඟාවලියේ ජාත්‍යන්තර විවෘත පිරිමි පලිහ ශූරතා අංශයෙන් ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය පසුගියදා සෙවන්ස් ස්ටේඩියම් හි දී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලයන්ස් කණ්ඩායම ප්‍රංශ, ස්පාඤ්ඤ හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟ තරඟ වැදුන අතර  ප්‍රංශ කණ්ඩායම සමඟ කල තරඟයෙන් ජය හිමිකරගත්හ. අවසන් මහා තරඟය මුරුසි කණ්ඩායම සමඟ පැවැත් විණි. එහිදී මුරුසි පිල පරදා ශ්‍රී ලයන්ස් පිල විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගත්හ. ශ්‍රී ලයන්ස් කණ්ඩායමට ඇතුලත් ෆීජී , දකුණු අප්‍රිකා හා කෙන්යානු ජාතික ක්‍රීඩකයින් කැපී පෙනෙන  දක්ෂතා ඉදිරිපත් කල බව සඳහන් වේ. ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ නායක ලෙස දකුණු අප්‍රිකා රග්බි කණ්ඩායමේ හිටපු නායක…

Read More

රැහැන් රහිත තාක්ෂණය සහ රැහැන් රහිත සංවේදනය පිළිබඳ විශේෂඥයෙකු වන මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ලෙබනන් ජාතික මහාචාර්යවරයෙකු වන මහාචාර්ය Fadil Adib විසින් “Great Arab Minds” සම්මානය හිමි කර ගෙන ඇත. ඔහු මෙම සම්මානයේ දෙවෙනි ප්‍රතිලාභියා වේ. MIT හි සහකාර මහාචාර්යෙකු වන Fadil Adib, රැහැන් රහිත සංවේදන තාක්‍ෂණයේ හැකියාවන් සැලකිය යුතු ලෙස පුළුල් කර ඇති ඔහුගේ පර්යේෂණ සහ නව නිපැයුම් සඳහා 2023 වසරේ ඉංජිනේරු සහ තාක්‍ෂණය පිළිබඳ සම්මානය දිනා ගත් බව නිවේදනයෙන් සඳහන් කර තිබිණි. මෙම සම්මානය දිනා ගැනීම සහ අරාබි ලෝකයේ ඔහුගේ ජයග්‍රහණ සඳහා පිළිගැනීමක් ලැබීමට හැකි වීම පිළිබඳ තමා සතුටට පත් වූ බව මහාචාර්ය Adib පැවසීය. එක් අතකින් මෙය ගෞරවයක්…

Read More

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශ සහ කාන් යූනිස් නගරයයි. මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් රෆා පිවිසුම දක්වා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ගැටුම් අතරතුර ඊයේ දිනයේදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙදෙනෙකුද මියගොස් ඇති අතර ඊශ්‍රායල රජයේ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකුද උතුරු ගාසා තීරයේදී හමාස් සටන්කාමීන් විසින් ඝාතනය කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ය. මේ අතර, ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කළේ ගාසා තීරයේ සියලුම වැසියන් දරුණු ආහාර අර්බුධයකටද මුහුණ දී ඇති බවයි. ඊශ්‍රායල-හමාස් ගැටුම්…

Read More

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාර්ශවික ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, සංචාරයක් සඳහා ඉහල පෙලේ රුසියානු ආරක්ෂක කවුන්සිල නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයක් මතය. මෙරට නියෝජිතයින් සමඟ ඔවුන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි. රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඕලෙග් ව්ලඩ්මිරොවිච් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව සඳහා රුසියානු නියෝජිත පිරිස එක්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ඒ සඳහා සහභාගි විය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කරගැනීම සඳහා රුසියාවේ සහයෝගය අඛණ්ඩව ලබාදීමටත්, ජාත්‍යන්තර තොරතුරු ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී දෙපාර්ශවයේ නියෝජිතයින් අතර අදහස් හුවමාරු විය. රුසියාව නියෝජනය කරමින් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා බැංකු වෘත්තිකයන්ගේ සංගමය විසින් සංවිධානය කල සාමාජික රාත්‍රිය පසුගියදා crown plaza, Deira හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස එමීර් රාජ්‍යයේ ලංකා තානාපති H.E. උදය ඉන්ද්‍රරත්න සහ ඩුබායි හා උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර යන මහත්වරුන් සහභාගී වූහ. මෙහිදී ජේෂ්ඨ බැංකු නිලධාරීන් කීප දෙනෙකුට ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ඇගයීමක් සිදු කල අතර බැංකු සාමාජිකයින් වෙනුවෙන් සංගීත හා විනෝදාස්වාද අංග කීපයක් සමඟින් එදින රාත්‍රිය වර්ණවත් විය. එ

Read More

ප්‍රතිකාර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන ගිය හය හැවිරිදි පලස්තීන පිළිකා රෝගී දරුවෙක් මිය ගොස් තිබේ.මෙම දරුවා ලිම්ෆොබ්ලාස්ටික් ලියුකේමියාවේ දියුණු අවධියක් සමග පොරබදමින් සිටි අතර සංකූලතා වලට මුහුණ දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. පිළිකා රෝගයේ උත්සන්න අවධියකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගාසා තීරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන ආ මෙම දරුවා උග්‍ර ලිම්ෆොබ්ලාස්ටික් ලියුකේමියාව සහ සංකූලතා රැසකට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කලේය. දරුවාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නැත. ජනාධිපති ෂීක් මොහොමඩ් විසින් නියෝග කරන ලද රටේ මානුෂීය මුලපිරීමේ කොටසක් ලෙස හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගාසා තීරයේ සිට එක්සත්…

Read More