Author: kumudika
දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන කටයුතු වෙනුවෙන් එම සාකච්ඡා පැවැත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් දිවයිනේ රැදී සිටින කාලය තුළ ජනාධිපතිවරයා ,මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිතයි. ලබන සිකුරාදා (22) වනවිට තෙවන සමාලෝචනයේ මූලික කටයුතු අවසන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් කටයුතු කරනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් එංගලන්තයේ පිහිටි ලෝක ප්‍රකට වින්ඩ්සර් මාලිගාවට සොරුන් දෙදෙනකු කඩා පැන එහි තිබූ ඩබල් කැබ් රථයක් සහ රෝද හතරේ ක්වෝඩ් යතුරුපැදියක් සොරකම් කර පලා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඔක්තෝබර් මාසයේ සිදුවූ එම සිදුවීම පසුගියදා ස්කයි පුවත් සේවය විසින් හෙළි කරනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ වන විට විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරුවන් සමඟ පදිංචිව සිටින වින්ඩ්සර් මාලිගාවේ ආරක්ෂක රැකවලුන්ගෙන් මිදී මීටර් 1.82ක ආරක්ෂිත වැට ද තරණය කර මුහුණු වසාගත් එම සොරුන් දෙදෙනා මාලිගා භූමියට ඇතුළු වී ඇතැයි ද, ඒ මොහොතේ විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරුවන් තිදෙනා සමඟ නින්දේ…
කැරීබියන් දූපත් රාජ්‍යයක් වන ඩොමිනිකා ජනරජයේ ඉහළම ජාතික සම්මානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පිරිනැමීමට තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කොවිඩ් වසංගත සමයේදී ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් 70,000ක් පරිත්‍යාග කරමින් ඉන්දියාව විසින් ලබා දුන් සහාය අගය කරමින් එම ජාතික සම්මානය පිරිනැමිමට ඩොමිනිකා ජනරජය කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ගයානා දූපත් රාජ්‍යයේ බ්‍රිජ්ටවුන් හීදී අද ඇරැඹෙන ඉන්දියාව සහ කැරීබියන් දූපත් රාජ්‍යයන්හි නායකයන් අතර පැවැත්වෙන සමුළුව අතරතුරදී ඩොමිනිකා ජනරජයේ ජනාධිපති සිල්වේනි බර්ටන් අතින් එම සම්මානය පිරිනැමීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඩොමිනිකා ජනරජයේ සෞඛ්‍ය, අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝගය…
මෙවර මහ මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා හිටපු ඇමැතිවරයකු වන රවි කරුණානායක මහතාව පත් කිරීමට තීරණය වී ඇත. ඒ අනුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා මහත්මිය විසින් ඊයේ (18) දිනයේදීම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට මේ පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇත. අනෙක් මන්ත්‍රී ධුරය සඳහා ඉදිරියේ දී සුදුස්සෙකු නම් කිරීමට කටයුතු කරන බව ද ශාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.
දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසයි. ඇය පවසන්නේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කවුළුව ක්‍රියාත්මක බවය. එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. ඒ පිළිබඳව පැහැදිලි කරන පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය, “එදිනට මේ මන්ත්‍රීවරුන්ට පැමිණ හෝ ඔන්ලයින් ක්‍රමයට තොරතුරු අපට ලබාදී රෙජිස්ටර් වෙන්න…
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19)පැවැත්වීමට නියමිතය. ඒ අනුව අද පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතය. නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ(18) පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත්ය. මේ අතර නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා(21) දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වේ. කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් නියෝජනය කළ ක්‍රීඩකයකු පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු අවස්ථාව මෙය වේ. ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට නම් කර ඇති තිලකරත්න මහතා 1998දී ජපානයේ ෆුකෝකා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 44.61කින් පිහිටවූ ශ්‍රී ලංකා වාර්තාව තවමත් බිඳ හෙළීමට කිසිවකු හෝ සමත්ව නැත. 1973 වසරේ ජූලි මස 30 වන දා නෝටන්බ්‍රිජ්හිදී උපත ලද සුගත් තිලකරත්න, පසු කලෙක විදුලිපුර ධාවකයා ලෙස මලල ක්‍රීඩා ක්ෂේත්රය තුළ ප්‍රකටවී මීටර් 400 ඉසව්ව තුළින් ශ්‍රී ලංකා නාමය ලෝක මට්ටම කරා රැගෙන ගියේය. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙළේදී මීටර්…
නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා (21) දිවුරුම් දීමට නියමිත බවට රජයේ ආරංචි මාර්ග පවසයි. අභිනව පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව එදින පස්වරුවේ නව නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සිදු කෙරෙනු ඇත. අමාත්‍යවරුන් 21 දෙනෙකු අද (18) පෙවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබීය.
මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ප්‍රධාන ප්‍රදේශ හතරක් හරහා පරිවර්තනීය මාර්ග යටිතල පහසුකම් ව්‍යාපෘති ප්‍රකාශයට පත් කර ඇත. මෙම මූලාරම්භයන් Nadd Hessa, Al Awir 1, Al Barsha South, සහ Wadi Al Safa 3 හි ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීමට, ගමන් කාලය අඩු කිරීමට සහ මාර්ග ධාරිතාව ඉහළ නැංවීමට පොරොන්දු වේ. ඩුබායි මාර්ග ජාලය ප්‍රතිසංස්කරණය කිරීමRTA හි නවතම වැඩිදියුණු කිරීම් 400,000 කට අධික පදිංචිකරුවන් සඳහා ගමනාගමනය සැලකිය යුතු ලෙස පහසු කරනු ඇත. Sheikh Mohammed bin Zayed Road, Emirates Road සහ Hessa Street වැනි ප්‍රධාන මහාමාර්ග ඔස්සේ උපාය මාර්ගිකව ස්ථානගත කර ඇති මෙම වර්ධනයන් ඩුබායි හි වේගවත් නාගරික වර්ධනයට පහසුකම් සැලසීම සහ සුමට සංචරණය…
Zayed Charity Run නොවැම්බර් 23 වන දින එහි 23 වන වාරය සඳහා නැවත පැමිණීමට නියමිත වේ. අබුඩාබියේ Erth හි යෝග්‍යතා දිනයක් සඳහා සියලු මට්ටම්වල ධාවකයන් එදින එක් කරයි. සහභාගිවන්නන්ට කිලෝමීටර් 3ක ධාවන තරඟය, කිලෝමීටර 5 ,හෝ කිලෝමීටර් 10ක ධාවන පථයක් තෝරාගත හැක. ලියාපදිංචිය සඳහා zayedcharityrun.com හරහා Dh57.75 ක් වැය වන අතර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පාපැදි සහ රෝද පුටු ඉසව් ඇතුළු විවිධ කාණ්ඩවලට නොමිලේ සම්බන්ධ විය හැක. මෙම වසරේ ත්‍යාග සංචිතයේ මුළු Dh1.5 Dh, UAE ජාතිකයන් සහ ජාත්‍යන්තර සහභාගිවන්නන් අතර සමානව බෙදී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතාගේ මඟපෙන්වීම යටතේ 2001 දී පිහිටුවන…