Author: Stanly Kularathna

සිරියා​වේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා කූඩාරම් 50 කින් සමන්විත තාවකාලික ක්ෂේත්‍ර නවාතැන් කඳවුරක් එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) පසුගියදා විවෘත කළේය. භූමිකම්පාවෙන් විපතට පත් සිරියානුවන්ට අවශ්‍ය නවාතැන් සැපයීම සඳහා 300 දෙනෙකුට නවාතැන් ගත හැකි මෙම කඳවුර ඇඳන්, බ්ලැන්කට්, සූර්ය බ​ල ආලෝකය සහ ආහාර වලින් සමන්විත වෙනවා. මෙම විවෘත කිරීම සඳහා ඩමස්කස් හි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාරකාර අබ්දුල් හකිම් අල් නුඅයිමි සහභාගී විය. එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් හි වැඩබලන මහලේකම් හම්මුද් අබ්දුල්ලා අල් ජුනයිබි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. අල් නුඅයිමි පැවසුවේ, බුද්ධිමත් නායකත්වයේ නියෝගවලට අනුකූලව සහ Gallant Knight/2 මෙහෙයුමේ කොටසක් ලෙස, UAE ආධාර අඛණ්ඩව සපයනු ලබනවා. ලද දත්ත…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් යළිත් අවධාරණය කළේ නීතිමය සහ නඩුවල අදාල තොරතුරු හෙළිදරව් කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණ දෙපාර්තමේන්තු​ව මතක් කර දුන්නේ විමර්ශනවලට අදාළ සියලු තොරතුරු සහ ඉන් අනතුරුව ලැබෙන සොයාගැනීම් සම්භන්ධ තොරතුරු දැඩි ලෙස රහසිගතව තබා ගත යුතු බවයි. අධිකරණ කටයුතු හා රජයේ නඩු පැවරීමේ කාර්ය මණ්ඩලය, ලිපිකරුවන්, සහායකයින්, විශේෂඥයින් සහ උසාවියේ කරුණු සම්බන්ධයෙන් රහස්‍යභාවයක් ඇති වෙනත් ඕනෑම පුද්ගලයෙකුට කිසිදු තොරතුරක් බෙදාගැනීම තහනම් බව අධිකාරිය උපදේශනයක සඳහන් කරයි. උල්ලංඝනය කරන්නන්ට දැඩි දඬුවම් නියම කරනු ලැබේ. “සාක්ෂි එකතු කිරීමේ වාර්තා 2022 අංක 38 දරන ෆෙඩරල් ආඥා පනත මගින්…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) එමිරේට්ස් හි බෙදා හැරීමේ යතුරුපැදි ධාවකයින් සඳහා ඒකාබද්ධ විවේක නැවතුම් ස්ථාන තුනක් ඉදිකිරීම සඳහා ලංසු ඉදිරිපත් කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. මෙ​ම විවේක නැවතුම් ස්ථාන තුනක පිහිටා ඇත – පළමුවැන්න ෂෙයික් සයීඩ් පාරේ ජෙබෙල් අලි ගම්මානයේ Festival Plaza අසල ය, දෙවැන්න පෝට් සයීඩ්හි අල් මුරක්කාබාත් 22වන වීදිය අසල, සහ තෙවැන්න රාස් අල් ​කෝර් කාර්මික ජනපදය 2 හි අල් මනමා වීදියට ආසන්න ප්‍රදේශයේ ය. ව්‍යාපෘතිය දියත් කිරීම මගින් RTA විසින් නඩත්තු කිරීම, ඉන්ධන පිරවීම, විවේක ස්ථාන සහ ආපනශාලා වැනි මූලික සේවාවන් සැපයීම මගින් බෙදාහැරීමේ රියදුරන් සතුටු කිරීම අරමුණු කරයි.…

Read More

ඩුබායි සන්නාමය, මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සමඟ සහයෝගයෙන් නිවේදනය කළේ ඩුබායි මෙට්‍රෝ සංගීත උළෙලේ තුන්වන වට​ය මාර්තු 6-12 දක්වා නැවත පැවැත්වෙන බවයි. සතියක් පුරා පැවැත්වෙන ගෝලීය සංගීත සැමරුමේදී Union, Emirates, Burjuman, Dubai Financial Centre, සහ Sobha Realty වැනි මෙට්‍රෝ නැවතුම් පහක් ලොව නව්‍ය සංගීතඥයින් කිහිප දෙනෙකුගේ සජීවී සංගීත සංදර්ශන සඳහා වේදිකා බවට පරිවර්තනය වනු ඇත. දේශීය, කලාපීය සහ ජාත්‍යන්තර සංගීතඥයින් 20 දෙනෙකුගේ සිත් ඇදගන්නා සුළු සංගීත සංදර්ශනයන්ගෙන් මගීන්ට සංග්‍රහ කෙරෙනු ඇත. RTA හි ආයතනික පරිපාලන සහය සේවා අංශයේ අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ Rowdah Al Mehrizi මෙසේ පැවසීය: “ඩුබායි හි නාගරික පරිසරය සමඟ මිනිසුන් සම්බන්ධ වන ආකාරය වැඩිදියුණු කරන…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිසිය විසින් සමාජයට වඩාත් බරපතල තර්ජන ඇති කළ හැකි නව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වර්ග සොයා ගෙන ඇත – සමහර ඒවා මරණයට පවා හේතු විය හැක. මත්ද්‍රව්‍ය මිනිස් සිරුරු තුළ සඟවාගෙන රැගෙන ඒමෙන් ​හෝ සත්ව ශරීර තුළ තැන්පත් කිරීමේ සිට විවිධ වර්ගයේ ඇසුරුම් ක්‍රම භාවිතයෙන් නැව්ගත කිරීම් මගින් සෑම වර්ගයකම පාහේ මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රම රටේ බලධාරීන් දැනටමත් දැක ඇති අතර ඒවා විනාශ කර ඇත. දැන්, ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට නව ක්‍රම ඉදිරිපත් කරන විට, ඔවුන් පියවර දෙකක් ඉදිරියෙන් සිටින බවට පොලිසිය සහතික වෙමින් සිටී. පොලිසියේ විශේෂ අවධානය යොමුව ඇත්​තේ කෘත්‍රිම ඖෂධ පිළිබඳවයි. මිල අඩු, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ…

Read More

මාර්තු 31 ට පෙර වාර්තා කරන උල්ලංඝනය කිරීම් සඳහා රථවාහන දඩ සඳහා 50% ක වට්ටමක් සාජා මෑතකදී නිවේදනය කළේය – කෙසේ වෙතත්, මෙය බරපතල වැරදි සඳහා අදාළ නොවන බව පොලිසිය අවධාරණය කළේය. නව යෝජනා ක්‍රමය යටතේ දඬුවම් අඩකින් කපා හැරීමට අමතරව, අයකර ගැනීමේ නියෝග සහ කළු ලකුණු අවලංගු කරන බව බලධාරීහු පවසති. විශේෂිත මාර්ග නීති කඩ කිරීම් දහයක් වට්ටමෙන් ආවරණය නොවන බව සාජා පොලිසියේ රථවාහන සහ මුර සංචාර දෙපාර්තමේන්තුවේ රථවාහන දැනුවත් කිරීමේ සහ මාධ්‍ය ශාඛාවේ අධ්‍යක්ෂ කපිතාන් Saud Al Shiba පැවසීය. අදාළ දඩ මුදල් සමඟින් බැහැර කළ වැරදි ලැයිස්තුව: මීට පෙර, සාජා පොලීසිය නිවේදනය කළේ 2023 අප්‍රේල් 1 වන දින…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ පවතින ලාභදායී රැකියා අවස්ථා නිසාත්, ආරක්ෂාව සහ විවිධ ප්‍රජාව නිසාත් හොඳම විදේශීය දක්ෂයින් මෙරටට ආකර් ​ශණය කරයි. UAE විසින් රැකියා වීසා වර්ග පහක් පිරිනමන අතර, ඒ අතර 1. සම්මත රැකියා වීසා – පුද්ගලික අංශයේ, රජයේ දෙපාර්තමේන්තුවල සහ නිදහස් කලාපවල සේවය කරන පුද්ගලයින්ට නිකුත් කරනු ලබන වීසා මේ යටතට අයත් වෙනවා. සමාගමක් විසින් අනුග්‍රහය දක්වන රැකියා වීසා බලපත්‍රයක්ස මග ඔබට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් ලබා දී ඇත්නම්, එයට වසර දෙකක් හෝ තුනක කාලසීමාවක් තිබිය හැකි අතර ඉන් පසුව එය ඔබේ අනුග්‍රාහකයා විසින් අලුත් කළ යුතුය. ඔබ රැකියා පිරිනැමීමේ ලිපියක් පිළිගෙන අත්සන් කළ පසු, සමාගම ඔබට එක්සත්…

Read More

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබුණි. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙස ඊයේ (3) සටහන් වෙද්දී එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 348.03ක් ලෙසිනි. පසුගිය දින 07ක කාලය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වු අතර මාස 10කට පසුව අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා​වේ වාර්තා වූ අවම රුපියලේ අගය ඊයේ (3) සටහන් වී තිබුණි. මෙලෙස රුපියල ශක්තිමත්වීම වාර්තා වන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන සඳහා මෙරට පෞද්ගලික බැංකු තුනකට ඩොලර් මිලියන 400ක මූල්‍යාධාරයක් ලබාදුන් පසුබිමකය. මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමට බලපෑ හේතු කිහිපයක් කැල් (CAL) ආර්ථික පර්යේෂණ ආයතනය…

Read More

උදාවීමට නියමිත සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සව​ය වෙනුවෙන් ​ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව​ට​ හෙලයේ ජාතික මංගල්‍ය අති උත්කර්ශවත් ලෙ​ස සමරන්නට අවස්ථාව උදාකෙරෙන නළු නිලි ගී තරු සමග – සාජා බක් මහා උළෙ​ල මාර්තු 5 වන ඉරිදා සාජා වොන්ඩර්ස් ස්පෝට්ස්ක්ලබ් හිදී පෙ.ව. 10 ට ආරම්භවෙනවා. හෙල සිරිතට හෙල ක්‍රීඩාවන්​ට මුල්තැන දෙමින් බක් මහා උළෙ​ල අර්ථ ගන්වන්නට බක් මහා ක්‍රීඩා සහ තරග එකතුවක් මෙහිදී පැවැත්වීමට සංවිධානය කො​ට තිබෙනවා. ​ඒ අත​ර අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය, සිගිති කුමරා සහ සිගිති කුමරිය, කඹ ඇදීම, කනා මුට්ටි බිඳීම, පොල් ගෑම, කොට්ට පොර, බැලූම් පිපිරවීම, බනිස් කෑම සහ තවත් ජන ක්‍රීඩා…

Read More

අබුඩාබි පොලිසිය රියදුරන්ට අනතුරු අඟවා ඇත්තේ මාර්ගය මැද තම වාහන නවතා රථවාහන ගමනාගමනයට බාධා කිරී​ම සහ අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ට අනතුරක් වන ආකාරයෙන් ක්‍රියා නොකර​​න ලෙසයි. කාර්යබහුල මාර්ගයක් මැද නැවතීමේ අනතුරු පිළිබඳව හෙළි කරන වීඩියෝවක් පොලිසිය සිය සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදාගෙන තිබේ. එම වීඩියෝවේ දැක්වෙන්නේ කාර්යබහුල අධිවේගී මාර්ගයක වෑන් රථයක් ගමන් කරන ආකාරයත් එම වාහනයේ රෝද කවරය ගැලවී යනවාත් සමගම එය දකි​න රියදුරු වාහන​ය පාර මැද නතර කරන ආකාරයත් ​ය. එක් වාහනයක් වෑන් රථයට පිටුපසින් නවත්වනු දැකිය හැකි අතර තවත් දර්ශනයකදී වෑන් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයක් නියමිත වේලාවට නතර කිරීමට අසමත් වී වෑන් රථයේ ගැටී ඇත. වෑන් රථයේ ගැටීම…

Read More