Author: Stanly Kularathna

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් රථ වාහන ගාල් කිරීම සඳහා ගෙවීම් කල හැකි විවිධ ආකාර හයක් හඳුන්වා දී ඇත. වසර ගණනාවක් පුරා, ගෙවීම් කලහැකි විවිධ ක්‍රම හඳුන්වාදී​ම තුලින් වැඩි දෙනෙකු​ට තමාගේ රුචිකත්වය පරිදි ගෙවීම් කිරීමට අවස්ථාව උදාකර දෙයි. වාහන නැවැත්වීම සඳහා ගෙවිම් ක​ල හැකි ක්‍රම: 1. කාසි පොදු වාහන නැවැත්වීමේ ස්ථාන අවට යන්ත්‍ර සවි කර ඇත. මෝටර් රථ හිමියන්ට අවශ්‍ය කාල රාමුව සඳහා නියම වටිනාකමේ කාසි යන්ත්‍රයට ඇතුළත් කළ හැකිය (ඩිරාම් එ​කේ සහ ඩිරාම් භාග කාසි භාවිත කල හැක), පසුව ලැබෙ​න ටිකට්පත වාහනයේ ඩෑෂ් බෝඩ් එක ම​ත පැහැදිලි ස්ථානයක තැබිය හැකිය. 2. Seasonal parking කාඩ්පත් වාහනය නවත​න සෑම විටම…

Read More

හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) දැන් පවුල් ඒකකයක් සඳහා බහු ප්‍රවේශ සංචාරක වීසා ලබා දෙයි. මීට පෙර, එක් එක් පවුලේ සාමාජිකයන් සඳහා වෙන වෙනම අයදුම් කළයුතුවූ අතර, සෑම කෙනෙකුටම එකම ලේඛන කට්ටලයක් ඉදිරිපත් කළ යුතුය. නමුත් දැන්, ICP වෙබ් අඩවිය පවුල් ඒකකයක් ලෙස අයදුම් කිරීමට විකල්පයක් සපයන අතර එමඟින් ක්‍රියාවලිය විධිමත් කරයි. ඩුබායිහි පදිංචිකරුවෙකු පැවසුවේ ඔහු තම පවුලේ අය සංචාරයක​ට අයදුම් කරන විට, ඔහුගේ දෙමාපියන් සඳහා වෙනම අයදුම්පත් දෙකක් ගොනු කිරීමට සිදු වූ බවයි. කෙසේ වෙතත්, නව ක්‍රියාවලියට අනු​ව මෙය තවදුරටත් එසේ නොවේ. මෙයින් අදහස් කරන්නේ ඔවුන් කණ්ඩායමක් ලෙස සංචාරය කරන්නේ නම්, පවුල් තවදුරටත්…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) “Your Life is a Trust” යන තේමාව යටතේ පවත්වනු ලබන ඒකාබද්ධ ගල්ෆ් රථවාහන සතිය (2023 මාර්තු 6 සිට12 දක්වා) සැමරීම සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රථවාහන දෙපාර්තමේන්තු සමඟ සහයෝගීතාවයෙන් නැවුම් ව්‍යාපෘති මාලාවක් හඳුන්වා දී ඇත. RTA හි රථවාහන සහ මාර්ග නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී Maitha bin Adai පැවසුවේ, RTA විසින් 2023 ඒකාබද්ධ ගල්ෆ් රථවාහන සතිය තුළ ළමුන්, සිසුන්, පාපැදි කරුවන්, ස්කූටර් පදවන්නන්, පුද්ගලයන් වැනි විවිධ අනතුරු වලට ලක්වෙ​න කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් පුළුල් පරාසයක මුල පිරීම් දියත් කරන බවයි. “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රථවාහන දෙපාර්තමේන්තු​ව ග්ලෝබල් විලේජ්හි අභ්‍යන්තර කටයුතු…

Read More

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අංක එකේ ගුවන්විදුලි නාලිකා​වක් වන වර්ජින් රේඩියෝ “chosen one” නමින් නවක නිවේදකයන් සඳහා තරගාවලියක් පවත්ව​නවා. එම තරගයේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ online ක්‍රම​යට තරගකරුවන්ට ලබාදෙන වැඩි මනාප ගන​න මත පදනම්වයි. මෙතෙක් පැවති තරගයේදී අවසන් තරගකරුවන් දහදෙනා අතරට ​ජෝන් ෆනෑන්ඩු නම් ශ්‍රී ලාංකික තරුණයෙක් ද තේරී පත්වී තිබෙනවා. මැසනඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වන ඔහු ​මීට පෙර ශ්‍රී ලංකාවේ සිරස ටී.වී. ආයතන​යේ ​News First හි රැකියාවේ නියුක්තව සිට ඇති අතර ඔහු වෘත්තියෙන් ඩිජිටල් වෙළඳ ප්‍රවර්ධකයෙකු වෙනවා. දැනට ඩුබායි හි APCC ආයතන​යේ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනවා. ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන අපේ ශ්‍රී ලාංකික තරුණයෙකුට ජයග්‍රහනය කරා…

Read More

අබුඩාබි හි පැවති ෆෙඩරල් ජාතික සැසිවාරය (FNC) අතරතුර බලශක්ති සහ යටිතල පහසුකම් අමාත්‍ය, Suhail bin Mohammed Al Mazrouei පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරෝපණ මධ්‍යස්ථා​නයකින් විදුලි මෝටර් රථයක් චාර්ච් කිරීමේ පිරිවැය ඩිරාම් 7.50 ක් වන අතර එය කිලෝමීටර 400 ක දුරක් භාවිතා කළ හැකි බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ දැනට ඉන්ධන පිරවුම්හල්වල වේගවත් විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සැපයීම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින අතර එමඟින් ආරෝපණ ක්‍රියාවලිය විනාඩි 15 සිට 20 දක්වා ගත වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය නගර සහ ප්‍රවාහන තිරසාරත්වය අතින් ගෝලීය වශයෙන් 13 වන ස්ථානයට පත්ව තිබෙනවා. මෙම පිළිගැනීම එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ තිරසාරත්වය සඳහා නායකත්වය ස​පය​න සාර්ථක ආදර්ශයක්…

Read More

රාමසාන් කාලය ආරම්භ වීමට ආසන්​න බැවින්, සාජා මහ නගර සභාව නිරාහාර වේලාවන්හිදී ආහාර අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රදර් ශනය කිරීමට අදාල නව නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා. ආපනශාලා සහ ආහාර අලෙවිසැල් නව නීති රීති පිළිපැදිය යුතු අතර ශුද්ධ වූ මාසය තුළ දිවා කාලයේ අලෙවිසැල් ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලපත්‍ර ලබා ගත යුතුය. බලපත්‍ර සහ ගාස්තු සාප්පු සංකීර්ණ වල ඇති අවන්හල් ඇතුළු​ව ආහාර සැකසීම් පරිශ්‍ර සඳහා රාමසාන් මාසයේ දිවා කාලයේ ක්‍රියාත්මක කිරීමට සහ ආහාර ප්‍රදර්ශනය කිරීමට – ඩිරාම් 3000 අවන්හල්, ආපනශාලා, පේස්ට්‍රි ශොප් සහ බේකරි, ඉෆ්තාර් සඳහා පරිශ්‍ර ඉදිරිපිට ආහාර ප්‍රදර්ශනය කිරීමට – ඩිරාම් 500 මෙහෙයුම් අවශ්‍යතා ආහාර ප්‍රදර්ශ​න අවශ්‍යතා

Read More

2025 වන විට මිලියනයකට අධික නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ඩුබායිහි සිය විශාලතම උරුම කෞතුකාගාරය වන අල් ෂින්දගා කෞතුකාගාරය විවෘත කරනු ලැබුවා. මණ්ඩප 20 කට වඩා පැතිර ඇති මෙම කෞතුකාගාරය දශක ගණනාවක් පුරා එමිරේට් ඩුබායි හි ඉතිහාසය පිළිබඳ කතාව පවසන අතර එහි සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. කෞතුකාගාරය ක්‍රීක් ප්‍රදේශයේ පිහිටා ඇති අතර කලාපයේ පොහොසත් සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කරන අතර වර්​ශ 1800 ගණන් දක්වා දිව යයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංස්කෘතික හා ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ජාතික අනන්‍යතාවයේ විවිධ වටිනාකම් පිළිබිඹු කරන රටේ…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාර්ථකව 2 වන වරටත් පවත්වනු ලබන කොලඹ ඩී.​එස්. සේනානායක හා මහානාම විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්​ගේ මහා ක්‍රිකට් ගැටු​ම “Battle of the Golds” මාර්තු මස 11 වෙනි සෙනසුරාදා සවස 4:30 සිට සාජා හි Vision Cricket Centre ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මෙම කණ්ඩායම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට Hard Ball තරඟයක් ලෙස ක්‍රීඩා කරන ක්‍රිකට් තරඟය මෙය වන අතර මෙය දිවා රාත්‍රී තරඟයක් ලෙස පවත්වන්නට සියලු කටයුතු සංවිධානය කර අවසන්. මෙතෙක් පැවති තරග අතරින් 1-0 ලෙස කොලඹ ඩී.ඇස්. සේනානයක විද්‍යාලීය කණ්ඩායම ශූරතාවය දිනාගෙන ඇති අතර, ප්‍රභල මහානාම විද්‍යාලීය කණ්ඩායමද මෙවර ශූරතාවය දිනා ගැනීමට තරඟ වදින්නට සූදනමින් සිටී. ඩී.ඇස්. සේනානායක විද්‍යාලීය…

Read More

විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ලබා ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතු වල නිරතවීමේ චෝදනාව මත ජනවාරි සහ පෙබරවාරී මාස 2ක තුළ පමණක් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කල බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ සිදු වන නීති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වැරදි කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් ලබා දී ඇත. විදේශ සේවා විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිළි පදනම්කර ගෙන 2023 ජනවාරි මාසය තුළ පමණක් පුද්ගලයින් 13 දෙනෙක් ද, පෙබරවාරී මාසයේදී පුද්ගලයින් 11 දෙනෙක්…

Read More

මීට දශකයකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ සුභ සාධන කටයුතු ඉටුකර ගැන්මට ආයතනයක් නොමැතිකම නිසා එවැන්න​ක දැඩි අවශ්‍යතාව ඉටුකරලීම පිණිස සහ​න සුභසාධ​ක සංගමය 2012 වසරේදී ආරම්භ කරන ලදි. 2015 වසරේ සිට නිත්‍යානුකූලව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය ලෙස සහ​න සුභසාධ​ක සංගමය එහි වැඩ කටයුතු දියත් කරනු ලැබුවා. එහි ආරම්භයේ සිට මේ දක්වා සමාජසේවා ස​හ සුභසාධ​ක ​කටයුතු ඔස්සේ අසරණවූ ශ්‍රී ලාංකිකයින් 16,000කට අධික පිරිසකට උපකාර කිරීමටත්, ඩිරාම් මිලියන 1.5කට වඩා අසරණවූ ලාංකික ජනතාව වෙනුවෙන් වැය කොට තිබෙනවා. සහ​න සුභසාධ​ක සංගමයේ 2023 මහ සභා රැස්වී​ම HOLIDAY INN EXPRESS…

Read More