Author: Stanly Kularathna
ශ්‍රි ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් UAE හි සංවිධානය කරනු ලැබූ SRI LANKAN DAY 2023 විශාල ශ්‍රී ලාංකික ජන සහභාගිත්වයකින් ඩුබායි සබීල් පාර්ක් හිදී ඊයේ දිනයේදී පැවැත්වුනා. මේ අවස්ථාවට සහභාගීවී සිටි ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත දිවා කාලය පුරාවට විවිධ ප්‍රාසාංගික අත්දැකීම් ලබාගන්නට අවස්ථාව උදාවුනා. ඒ අතර සහජ කලා හැකියාවන්ගෙන් පිරි නවක ගායනයන් ගේ සංගීත වැඩසටහන් සහ ප්‍රවීනයන්ගේ සංගීත සංදර්ශන සහ සංස්කෘතික අංගයන් එක් කොට තිබුණා. සවස 4ට UAE ශ්‍රී ලංකා මිත්‍රත්ව පාගමන ආරම්භ වූ අතර ඒ සඳහා විශාල ජන සහභාගිත්වයක් ලැබීතිබුණා. ඒ සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයන්, ශ්‍රී ලාංකික පාසල් ආදිශිෂ්‍යයන්, ඩුබායිහි…
කිලෝමීටර් 42.195 ක් වූ 2023 ඩුබායි මැරතන් තරගයේ පිරිමි ඉසව්වේ ජය ඉතියෝපියාවේ Andosa Tola Adera දිනාගත් අතර කාන්තා ඉසව්වේ ජය ඉතියෝපියාවේ Dera Dida Yami විසින් දිනාගනු ලැබුවා. Tola Adera පැය 2 යි මිනිත්තු 05.42 ක කාලයකින් තරගය නිමා කළා. Dida Yami පැය 2 යි මිනිත්තු 21.11 ක කාලයකින් තරගය නිමා කළා. Tola Adera සහ Dida Yami ඥාතීන් වන අතර මෙය පවුලේ ජයග්‍රහණයක් බවට පත් කරගෙන තිබීම විශේෂ සිද්ධියකි. “මම මෙම තරඟය සඳහා හොඳින් සූදානම් වූ අතර එය මට ජයග්‍රහණය කිරීමට උපකාරී විය, පරිසරය උෂ්ණාධික සහ තෙත් වූ නමුත් මම මේ සඳහා සූදානම්ව සිටි අතර ඉතිරිය දෙවියන් වහන්සේට භාර කළෙමි” Tola…
ILT-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.30 සිට ඩුබායි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්හිදී පැවැත්වෙනවා. ඒ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම හා ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අතරයි. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති කන්ඩායම් දෙකෙහිම සෑම ඉරියව්වකම දක්ෂ ක්‍රීඩකයින් සිටිනා බැවින් අද තරගයේදී සියළුම ක්‍රීඩකයන් ඔවුන්ගේ උපරිම දක්ෂතා පෙන්වනු ඇතැයි බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවයි. ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම නියෝජනය කරමින් අවසන් මහා තරගයට තරගවදින ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායමට හා එය නියෝජනය කරන අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිරිගන්වන්නට හා දිනවීමට අද දින Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායම හා එක්වන්නැයි ඔබට ආරාධනා කරනවා. මෙම ක්‍රිකට් තරග අතරවාරයේදී පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන්…
අබුඩාබි හි Al Reem Island, Umm Yifenah Island සහ Sheikh Zayed bin Sultan Street සම්බන්ධ කරමින් කිලෝමීටර් 11 දිග නව සුපිරි අධිවේගී මාර්ගයක් අබුඩාබි හි විවෘත කරනු ලැබුවා. අබුඩාබි විධායක සභාවේ සාමාජික සහ අබුඩාබි විධායක කාර්යාලයේ සභාපති Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan විසින් අබුඩාබි හි Umm Yifenah පාලම විවෘත කරන ලදී. එය දූපත් දෙක සහ නගරයේ ප්‍රධාන මාර්ග වලින් එකක් වන Sheikh Zayed Bin Sultan Street අතර වේගවත් සම්බන්ධතාවක් ඇති කිරීමට සමත් වෙනවා. ගමනාගමනය අවම කිරීම සඳහා සකස් කර ඇති ව්‍යාපෘතියට ඇවිදීමට සහ බයිසිකල් පැදීමේ මාර්ග සහ බයිසිකල් කුලියට දීමේ පහසුකම්, තිරසාර ගමනාගමනය සහ ප්‍රජාවට ක්‍රියාශීලී හා…
තුර්කියට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් දරුණුතම හානියට පත් ප්‍රදේශයක් වන Gaziantep හි Islahiye දිස්ත්‍රික්කයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Gallant Knight / 2’ මෙහෙයුමේ සෙවීම් සහ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ජංගම රෝහලක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. එහි පළමු අදියරේදී, රෝහල මගින් ආපදාවෙන් පීඩාවට පත් වූවන්ට රෝග විනිශ්චය සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ඇත. එහි හදිසි අනතුරු අංශ, මෙහෙයුම් කාමර, දැඩි සත්කාර ඒකක, CT ස්කෑන්, සහ විෂබීජහරණ පහසුකම් වලින් සමන්විත වෙනවා. එහි දෙවන අදියරේදී රෝහල රසායනාගාරයක්, එක්ස් කිරණ පහසුකම්, ෆාමසියක්, දන්ත වෛද්‍ය අංශයක්, බාහිර රෝගී සායන, ඇඳන් 50ක ධාරිතාවයකින් යුත් නේවාසික ප්‍රතිකාර වාට්ටු ඇතුළත් වන පරිදි සිය සේවාවන් පුළුල් කරනු…
ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඉරිදා (පෙබරවාරි 12) ඩුබායි මැරතන් තරගය සඳහා ප්‍රධාන මාර්ගයක් වසා දමන බව නිවේදනය කර තිබෙනවා. RTA ට අනුව, ඩුබායි එක්ස්පෝ සිටි සිට ෂෙයික් සයීඩ් බින් හම්දාන් අල් නහියන් වීදිය සහ හෙසා වීදිය දෙපසටම ධාවනය කිරීම අලුයම 4 සිට ක්‍රමයෙන් වසා දමනු ඇත. මෙම මාර්ගය ක්‍රමක්‍රමයෙන් පෙරවරු 11.00 සිට රථ වාහන සඳහා නැවත විවෘත කෙරෙන අතර පස්වරු 1.00ට මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනය සඳහා විවෘත කෙරෙන බව RTA පවසයි. මෙවර ඩුබායි මැරතන් තරගය ප්‍රථම වරට ඩුබායි හි එක්ස්පෝ සිටි හිදී පැවැත්වෙන අතර මැරතන් තරගය පෙරවරු 6 සිට පස්වරු 1 දක්වා පැවැත්වෙනවා. ඩුබායි මැරතන් සඳහා ඩුබායි මෙට්‍රෝ…
ශ්‍රි ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික පිරිස විසින් UAE හි සංවිධානය කරන ලද SRI LANKAN DAY 2023 විශාල ශ්‍රී ලාංකික පිරිසකගේ සහභාගිත්වයකින් ඩුබායි සබීල් පාර් ක් හිදී මේ මොහොතේදීත් පැවැත්වෙනවා. මෙම උත්සවය සඳහා විශේෂයෙන් ආරාධිත ලොව සුපතල චන්න උපුලි නර්තන කණ්ඩායම විසින් දවස පුරාවට ඉදිරිපත් කරන සංස්කෘතික සංදර් ශනයට දේශීය නර් තන, රංගන අංගයන් හැමදෙනාගේ සිත් ඇද බැද ගන්නට සමත් වන අංගයක් වනු ඇත. SRI LANKAN DAY 2023 ට සමගාමීව UAE ශ්‍රී ලංකා මිත්රත්ව පාගමනක් ද පැවැත්වෙනවා. මීට අමතරව • සෙවන් නෝට්ස් සහ ඩවුන්ටවුන් සංගීතය කන්ඩායම් ගෙන එන මියුරු සංගීතය හා ගායනයන් හා…
In coordination with International Humanitarian City (IHC) සමඟ සම්බන්ධීකරණයෙන්, බ්ලැන්කට්, කූඩාරම්, වෛද්‍ය සැපයුම් සහ අනෙකුත් මානුෂීය භාණ්ඩ වැනි හදිසි සහන ද්‍රව්‍ය ටොන් 100 ක් පමණ ඩුබායි සිට ඉස්තාන්බුල් දක්වා රැගෙන යාමට ගුවන් ගමන් සැලසුම් කර තිබෙනවා. මෙම හදිසි ආධාර දකුණු තුර්කියේ භූමිකම්පාවෙන් විපතට පත් ස්ථාන සහ සිරියාවේ දැඩි ලෙස පීඩාවට පත් නගර වෙත සපයනු ඇත. තුර්කියේ සහ සිරියාවේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවලින් පසුව, එමිරේට්ස් ගුවන් සමාගම විසින් හදිසි සහන සැපයුම්, වෛද්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ප්‍රවාහනය කිරීම සඳහා ජාත්‍යන්තර මානුෂීය නගරය (IHC) සමඟ සම්භන්ධ වෙමින් ගුවන් සැපයුම් කරනු ලබයි. ඉදිරි දිනවලදී, බ්ලැන්කට්, කූඩාරම්, නවාතැන් කට්ටල, ෆ්ලෑෂ් ලයිට්, ජල බෙදා හැරීමේ උපකරන…
ILT-20 ක්‍රිකට් තරගාවලියේ ජනවාරි 13 වෙනිදා සිට මේ දක්වා පැවති තරග වාර 33කින් පසුව හෙට දිනයේදී අවසන් මහා තරගය ඩුබායි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්හිදී පැවැත්වෙනවා. ඒ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම හා ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අතරයි. එම තරගය රාත්‍රී 7.30 ඒ ආරම්භ වීමට නියමිතයි. ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම නියෝජනය කරමින් අවසන් මහා තරගයට තරගවදින ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායමට හා එය නියෝජනය කරන අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිරිගන්වන්නට හා දිනවීමට හෙට දින Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායම හා එක්වන්නැයි ඔබට ආරාධනා කරනවා. මෙම ක්‍රිකට් තරග අතරවාරයේදී පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් අතරට ඔබගේ ජයඝෝෂාවත් එක් කරලන්නට හැකි අවසන් තරගය…
ඊයේ දිනයේදී ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම අතර ඩුබායි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්හිදී පැවති තරගයෙන් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායමට කඩුළු 4 ක ජයක් හිමිවූවා. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම මුලින්ම පන්ඳු රැකීම තෝරාගත්තා. එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 5කට ලකුණු 167රැස්කලා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම පන්ඳු ඕවර 18.1 තුල කඩුලු 6 කට ලකුණු 168 ලබා ගනිමින් කඩුළු 4ක ජයක් වාර්ථා කලා. මේ අනුව ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අවසන් මහා තරගයට තරගවැදීම සඳහා සුදුසුකම් ලබනවා.