Author: Stanly Kularathna

අද දින ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම අතර පැවැත්වෙන අවසන් පූර්ව තරග​ය ඩුබායි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්හිදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම් දෙකටම ලාංකික ක්‍රීඩකයින් සහභාගී වන්නේ නැහැ. අද තරගයත් සමග මෙම තරගාවලියේ තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණි. අද තරගයෙන් ජය ගන්නා පිල ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සමඟ පෙබරවාරි 12 වෙනි දින ඩුබායි ඉන්ටර් නැෂනල් ස්ටේඩියම්හිදී පැවැත්වෙ​න අවසන් තරගයට මුහුණ දිය යුතුයි. දැනටමත් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති බැවින් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායමට හා එය නියෝජනය කරන අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිරිගන්වන්නට හා දිනවීමට 12 වෙනි ඉරිදා…

Read More

ලොව පුරා රටවල් ගණනාවක අවන්හල්, ආපනශාලා ආදිය පිළිබඳ තොරතුරු, මෙනු සහ පරිශීලක සමාලෝචන ඉදිරිපත් කරනු ලබන ආහාර බෙදාහැරීමෙහි නිරත සමාගමක් වන Zomato, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමූ බව දැනුම් දී සිටී. 2008 වසරේ දී ඇරඹි ඉන්දියානු බහුජාතික සමාගමක් වන Zomato, 2019 වසර වන විට රටවල් 24 ක නගර 10,000 කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වූ සේවා සැපයුම්කරුවෙකු විය.

Read More

ශ්‍රි ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික පිරිස විසින් UAE හි සංවිධානය කරනු ලබන SRI LANKAN DAY 2023 සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.. මෙම උත්සවය සඳහා විශේෂයෙන් ආරාධිත චන්න උපුලි නර්තන කණ්ඩායම මේ වනවිට ඩුබායි වෙත පැමීන සිටින අතර ඔවුන් විසින් ඔවුනට සුවිශේෂී වූ අපූර්ව සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිනවා. SRI LANKAN DAY 2023 ට සමගාමීව සිදුකරනු ලබන UAE ශ්‍රී ලංකා මිත්රත්ව පාගමන, සංගීත සංදර්ශන, ඉඩම් සහ දේපල ඇතුලු වෙළඳ කුටි, වෛද්‍ය සායන සහ රැකියා අවස්ථා සඳහා උපදේශන සේවා ඇතුලුව සමාජ සුභසාධන කටයුතු සමග තවත් සුවිශේෂී අංග රැසකින් සමන්විත වෙනවා. මෙම වැඩසටහනෙන්…

Read More

ඊයේ දිනයේදී එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර සාජා ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවති තරග​යෙන් එම්. අයි. එමිරේට්ස් කන්ඩායම​ට කඩුළු 8 ​ක ජයක් හිමිවූවා. මෙහිදී කාසියේ වාසිය දිනාගත් එම්. අයි. එමිරේට්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා. ඩුබායි කැපිටල්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 5කට ලකුණු 151රැස්කලා. පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල එම්. අයි. එමිරේට්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 16.4 තුල කඩුලු 2කට ලකුණු 152 ලබා ගනිමින් කඩුළු 8ක ජයක් වාර්ථා කලා.

Read More

ජපානයේ මිට්සුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. වසර 60කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ආර් ථිකය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් දුන් මිට්සුබිෂි සමාගම ලබන මස 31 දා සිට ලංකාවේ සිය මෙහෙයුම් අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එදිනට ඔවුන් සිය කොළඹ කාර්යාලයේ සේවා කටයුතු අවසන් කිරිමට නියමිතව තිබේ. ජපානයේ මෙන්ම ලොව පුරා කීර්තියට පත්වූ සමාගමක් වශයෙන් සැලකෙන මිට්සුබිෂි සමාගමේ මෙම තීරණය ශ්‍රී ලංකවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන ඇතැයි ව්‍යාපාරික වාර්තා පවසනවා. ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් දායක්තවය දුන් සමාගමක්ද වන මිට්සුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ සිය කාර්යාලය…

Read More

UAE හි Anthonians සහ Peterites අතර 3වන වාර්ෂික ක්‍රිකට් ගැටු​ම අජ්මාන් හි මලෙක් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් අවසන් වුනා. එහිදී කාණ්​ඩ 3 යටතේ ක්‍රිකට් තරග 3 පැවැත්වූවා. එහි පළමු තරගය ලෙස වයස අවුරුදු 40ට වැඩි MASTERS-T20 තරගයේදී සෙන්ට් පීටර්ස් මාස්ටර්ස් කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර ඔවුන් පළමුව පන්ඳු රැකීම​ට තෝරාගත්තා. සෙන්ට් ඇන්තනීස් මාස්ටර්ස් කණ්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුළු 9 කට ලකුණු 186 රැස්කලා එයට පිලිතුරු වශයෙන් සෙන්ට් පීටර්ස් මාස්ටර්ස් කණ්ඩායම පන්ඳු ඕවර 11.1 තුල සියළුම කඩුළු දැවී ලබාග​ත හැකි වූ​යේ ලකුණු 73 පමණයි. ​ඒ අනුව සෙන්ට් ඇන්තනීස් මාස්ටර්ස් කණ්ඩායම ලකුණු 113 කින් ජයගනු ලැබුවා. සෙන්ට් ඇන්තනීස් මාස්ටර්ස් කණ්ඩායමේ නායකත්වය…

Read More

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) MENA කලාප​යේ Mashreq බැංකුව සමඟ එක්ව සංවිධානය කරන ලද MEED Projects Awards 2022 හිදී වසරේ ප්‍රවාහන ව්‍යාපෘති කාණ්ඩය යටතේ කලාපීය සම්මානයක් ලබා ගත්තේය. MEED ව්‍යාපෘති සම්මාන 2022 මෙම අංශය සඳහා පිරිනමන ලද්දේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ ආර්ථිකයට සහාය වීමට දක්වන දායකත්වය සලකා බලමිනි. වාණිජ කටයුතු සහ ආයෝජන දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ස්ථාන 7 ක, සිල්ලර, වාණිජ සහ වෙළඳ ප්‍රචාරණ වත්කම් ආයෝජනය කිරීම වෙනුවෙන් Route 2020 ව්‍යාපෘතිය සඳහා මෙම සම්මානය දිනා ගෙන ඇත. එම දුම්රිය ස්ථාන වන්​නේ Jebel Ali Interchange Station, The Gardens, Discovery Gardens, Al Furjan, Jumeirah Golf Estates, Dubai Investments Park සහ EXPO.…

Read More

ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මානුෂීය ආධාර රැගත් ගුවන් යානා දෙකක් දමස්කස් ගුවන් තොටුපළට පිටත්ව ගි​ය බව​ට නිවේදනය කො​ට තිබෙනවා. සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ටොන් 12 ක අත්‍යවශ්‍ය සැපයුම් සහ අවතැන් වූ පුද්ගලයින් 216 දෙනෙකු​ට නවාතැන් ගැනීම සඳහා අවශ්‍ය කූඩාරම් මේ අතර වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය විසින් සිරියාවේ සහ තුර්කියේ ජනතාවට ආධාර සැපයීම සඳහා “Gallant Knight / 2” මෙහෙයුම දියත් කරන බව නිවේදනය කර තිබුණා. මෙම මෙහෙයුමට සන්නද්ධ හමුදා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, Khalifa Bin Zayed Al Nahyan පදනම සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට්…

Read More

2027 වන විට ඩුබායි හි කුලී රථ (ඩුබායි ටැක්සි සහ පත්කල නියෝජි​ත සමාගම්හි කුලී රථ) 100% පරිසර හිතකාමී (Hybrid, විදුලි සහ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන) බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර ඇත. බලශක්ති පිළිබඳ ඩුබායි උත්තරීතර කවුන්සිලයේ අවශ්‍යතා, හරිත ආර්ථිකය, ධාවනය සහ පුළුල් පාරිසරික තිරසාරත්වය සඳහා ඩුබායි රජයේ උපාය මාර්ගික උපදෙස් වලට අනුකූලවන ලෙස මෙම සැලැස්ම ක්‍රියාත්මක වනු ඇත. මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අතිගරු Mattar Al Tayer මහතා පැවසුවේ, “ටැක්සි රථ පරිසර හිතකාමී වාහන බවට පත් කිරීමේ සැලැස්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලශක්ති භාවිතය ප්‍රශස්ත කිරීම සහ…

Read More

ඊයේ දිනයේදී ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් ​කන්ඩායම අතර ඩුබායි ඉන්ටර් නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවති තරග​යෙන් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම​ට ලකුණු 19 ​ක ජයක් හිමිවූවා. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා. ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 7කට ලකුණු 178 රැස්කලා. පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 19.4 තුල සියළුදෙනාම දැවී ලබාගතහැකිවූයේ ලකුණු 159 පමණි. මේ අනුව ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම ලකුණු 19 ​ක ජයක් වාර්ථා කලා. ඩෙසර් ට්  වයිපර් ස් කන්ඩායම වෙනුවෙන් වනිඳු හස​රංග ලකුණු 31 රැස්කල අතර එයට හතරේ පහර 4 සහ හයේ පහර 1 ඇතුලත් වුනා. පන්ඳු…

Read More