Author: Stanly Kularathna

Iris Health Services නැමති සෞඛ්‍ය රක්‍ෂණ සමාගම, රක්‍ෂණ ක්ෂේත්‍රය හා සේවාවන්ට අදාළ මාර්ගෝපදේශවලට අනුකූල නොවීම හේතුවෙන් ​එහි බලපත්‍රය අවලංගු කර ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව (CBUAE) ප්‍රකාශ කලා. එම සමාගම වෛද්‍ය ප්‍රතිලාභ සහ හිමිකම් පරිපාලන සේවා සපයන තෙවන පාර්ශවීය පරිපාලන සේවා සමාගමකි. බැංකු නියාමකයා පැවසුවේ “සෞඛ්‍ය රක්‍ෂණ, තෙවන පාර්ශවීය පරිපාලකයින්ට බලපත්‍ර ලබා දීම සහ ඔවුන්ගේ ව්‍යාපාරය නියාමනය කිරීම සහ පාලනය කිරීම සඳහා අදාළ උපදෙස් සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව” බලපත්‍රය අවලංගු කර ඇති බවයි. සියලුම සමාගම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවලට අනුකූලව කටයුතු කරන බව සහතික කිරීම සඳහා මහ බැංකුව දේශීය රක්‍ෂණ අංශයේ නිර්දේශයන් දැඩි ලෙස නිරීක්ෂණය කරණු…

Read More

ඩුබායි වෙ​ත 2022 වසරේ සංචාරක පැමිණී​ම පෙර වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩි වී තිබෙනවා. ඩුබායිහි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව (DET) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්ත වලට අනුව, එමිරේට්ස් වෙත 2022 දී මිලියන 14.36 ක් සංචාරකයන් පැමිණ ඇති අතර, එය 2021 දී සංචාරක පැමිණීම් මිලියන 7.28 ට සාපේක්ෂව 97% ක වර්ධනයකි. කොවිඩ් වසංගතට පෙ​ර 2019 දී මිලියන 16.73 ක සංචාරක පැමිණීමක් වාර්ථා වී තිබෙනවා. මීට අමතරව, 2021 දී 67% වූ හෝටල් භාවිත​ය (hotel occupancy) 2022 දී සාමාන්‍ය 73% ක් විය. මෙම අගය ලෝකයේ ඉහළම අගයකි. කොවිඩ් වසංගතට පෙ​ර 2019 දී මෙම අගය 75% විය. මෙම නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්වන්​නේ 2023…

Read More

75 වන නිදහස් දි​නයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව සංවිධානය කරන SRI LANKAN DAY 2023 පෙබරවාරි මස 11වන සෙනසුරාදා උදෑසන 10.30 සිට සවස 5.00 දක්වා ඩුබායිහි සබීල් පාර්ක් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. එහිදී සහන ශ්‍රී ලංකා සුභසාධක ​සාධක සංගමය විසින් සමාජ සුභසාධක වැඩසටහන් මාලාවක් නොමිලේ ක්‍රියාත්මක කිරීමට සංවිධානය කොට තිබෙනවා. සමාජ සුභසාධක වැඩසටහන් ඩුබායිහි SRI LANKAN DAY වැඩසටහන් මගින් ලැබෙන අරමුදලින් ශ්‍රි ලංකාව තුලද සමාජ සුභ සාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එක්සත් ​එමීර් රාජ්‍යයේ ශ්‍රි ලාංකික ප්‍රජාව සැලසුම් කර තිබෙනවා. වැඩිපුර විමසීම් 050 – 650 6162

Read More

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 75වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, තානාපති කාර්යාල​යේ සංවිධානයෙන් ස​හ සහන ශ්‍රී ලංකා සුබසාධක සංගමයේ දායකත්වයෙන් ලේ දන් දීමේ කඳවුරක් පැවැත්වූවා. 2023, පෙබරවාරි මස 4 වන දින ප.ව. 12.00 – ප.ව. 5.00 දක්වා අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර් යාල පරිශ්‍රයේදී මෙම ​ ලේ දන් දීමේ කඳවුර පවත්වන්නට යෙදුනා.

Read More

ඊයේ දිනයේදී ඩුබායි කැපිටල්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් ​කන්ඩායම අතර ඩුබායි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවති තරග​යෙන් ඩුබායි කැපිටල්ස් කන්ඩායම​ට කඩුලු 7 ​ක ජයක් හිමිවූවා. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඩුබායි කැපිටල්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා. එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 7 සඳහා ලකුණු 164 රැස්කලා. පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඩුබායි කැපිටල්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 18.1 තුල කඩුලු 3කට ලකුණු 166 රැස්කරමින් ජයග්‍රහණය වාර්ථා කලා. මෙහිදී ඩුබායි කැපිටල්ස් කන්ඩායම වෙනුවෙන් දසුන් ශානක නොදැවී පන්ඳු 36කට ලකුණු 58 ක් රැස්කල අතර එයට හත​රේ පහර 5 සහ හ​යේ පහර 3ක් අයත් වුණා. මෙම තරගයෙහි දසුන් ශානක Player…

Read More

ඩුබායිහි ක්‍රීඩා කවුන්සිලය එමිරේට්ස් ක්‍රීඩා අංශය සංවර්ධනය කිරීම සඳහා වසර 10 ක උපාය මාර්ගික වැඩපිලිවෙළක් අනුමත කර ඇති අතර, උපාය මාර්ගයේ කොටසක් ලෙස දේශීය, කලාපීය සහ ජාත්‍යන්තර ඉසව් 3,000 ක් සංවිධානය කිරීමට සහ ජාත්‍යන්තර පුහුණු කඳවුරු 1,000 ක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ (DSC) සභාපති අතිගරු ෂෙයික් මන්සූර් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් අනුමත කරන ලද මෙම උපාය මාර්ගය ඩුබායි ආර්ථික න්‍යාය පත්‍රයේ (ඩී 33) අරමුණු සඳහා සහාය වන අතර එමිරේට්ස් හි දළ දේශීය නිෂ්පාදිතයට ක්‍රීඩා අංශයේ දායකත්වය දෙගුණයක් කිරීම අරමුණු කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ දැක්ම සහ 2023 ‘තිරසාර වසර’ ලෙස ප්‍රකාශයට පත් කළ…

Read More

Boston Consulting Group (BCG) විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව, රාජ්‍ය සේවාවෙහි ඩිජිටල්කරන​ය ශක්තිමත් ලෙසත් නිවැරදි ආදේශ කිරීම් තුලින් සහ බෙදා හැරීම් තුලින් නැගී එන ඩිජිටල් රාජ්‍ය සේවා සඳහා කෙරෙන ඉහළ ඇගයී​ම් සඳහා ගෝලීය වශයෙන් එක්සත් එමීර් රාජ්‍යය 3 වන ස්ථාන​ය ​ලබා ඇත. 2031 වන විට ඩොලර් බිලියන 140 ක ඩිජිටල් ආර්ථිකයක් ඉලක්ක කරගත් ජාතියක වේගවත් ඩිජිටල් පරිවර්තනය අවධාරනය කරන, උසස් ඩිජිටල් රාජ්‍ය සේවා සැපයීම සඳහායි මෙම ඇගයීම කරණු ලබන්නේ. 2031 වන විට දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය 9.7% සිට 20% දක්වා දෙගුණ කිරීමේ ඉලක්කයක් තබා ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උසස් ඩිජිටල් රාජ්‍ය සේවා සම්බන්ධයෙන් සමීක්ෂණයට ලක් කරන…

Read More

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) එමිරේට්ස් විවේකාගාරයේ (Emirates lounge) සාම්ප්‍රදායික දේශීය ප්‍රණීත ආහාර ලබා දෙමින් ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලාංකිකයන් සමඟ එක්වුනා. පෙබරවාරි 4 වන දින, එමිරේට්ස් හි පළමු සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට සහ ස්කයිවර්ඩ්ස් ගෝල්ඩ් සාමාජිකයින්ට පැමිණීමේ පර්යන්තයේ දෙවන මහලේ පිහිටා ඇති විශේෂිත Emirates lounge වෙත පැමිණෙන්නන් සඳහා උදේ ආහාරය උණුසුම් ආහාර මෙනුවකින් තෝරා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණා. Emirates loungeහි පුළුල් උදෑසන ආහාර මෙනුව​ට, ලැවරියා, හැල​ප සහ වැලි තලප ඇතුළු ජනප්‍රිය ශ්‍රී ලාංකීය රසකැවිලි අන්තර්ග​ත වුනා. මීට අතිරේකව රාත්‍රී භෝජන සංග්‍රහයට නියම දේශීය ආහාරවල රසය එක්කොට තිබූ අතර උණුසුම් ආහාර විකල්ප ලෙ​ස කහබත්,…

Read More

ඩුබායි මැරතන් සංවිධායක කමිටුව නිවේදනය කළේ ඩුබායි මැරතන් තරගය 2023, පෙබරවාරි 12 වන දින ඩුබායි හි එක්ස්පෝසිටි හිදී පැවැත්වෙන බවයි. ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ සහය ඇතිව සහ විවිධ රාජ්‍ය ආයතනවල සහයෝගය ඇතිව සංවිධානය කරන ලද 22 වන වරටත් පැවැත්වෙන මෙම සුවිශේෂී ධාවන තර​ගය ලොව පුරා සිටින ධාවකයන් සහභාගීවනු ඇත. Expo Cityහි අද්විතීය වාස්තුවිද්‍යාත්මක ආශ්චර්යයන්, විවෘත ප්‍රදේශ, Expo City Dubai ඩුබායි මැරතන් සඳහා සුවිශේෂී නව පසුබිමක් සපයයි. සංස්කෘතීන්, සාමකාමී සහජීවනය සහ ඉවසීම යන වටිනාකම් අතර බැඳීම් ඇති කරන ලෙස සේවය කිරීමේ ඩුබායි දැක්ම නියෝජනය කරන බැවින් මැරතන් තරගය සඳහා එම ස්ථානය තෝරාගෙන ඇති බව සංවිධායක කමිටුව පවසයි. එක්ස්පෝ 2020 ඩුබායි හි උරුමයක්,…

Read More

ILT20 තරඟාවලිය සඳහා ඊයේ පැවති දෙවෙනි තරග​ය අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම සහ සාජා වොරියර්ස් කන්ඩායම අතර අබුඩාබිහි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවැත්වූවා. එම තරග​යෙන් අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම​ට කඩුලු 5 ​ක ජයක් හිමිවූවා. මෙහිදී කාසියේ වාසිය දිනාගත් අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා. සාජා වොරියර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 9 සඳහා ලකුණු 130 රැස්කලා. පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 16.4 තුල කඩුලු 5කට ලකුණු 133 ලබාගන්මින් කඩුලු 5ක ජයක් හිමිකර ගත්තා. මෙහිදී අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 6 ක් ලබා ගත්තා. අද පැවැත්වෙන තරග​ය​ අද දින ඩුබායි කැපිටල්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස්…

Read More