Author: Stanly Kularathna

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් RTA හි රථවාහන සහ මාර් ග නියෝජිතායතනය විසින් සිදු කරන ලද ක්‍රියාකාරී සහ ව්‍යුහාත්මක තක්සේරුවක ප්‍රතිඵලවලට අනුව 2022 දී ඩුබායි හි මාර්ග හා පදික වේදිකා තත්ත්ව දර්ශකය 95%ක් ලබා ඇති බව අනාවරණය කලා. මෙම තත්ත්ව දර්ශකය මගින් මාර්ගවල රිය පැදවීමේ පහසුව හෝ රළුබව, පදික වේදිකාවේ මතුපිට ඉරිතැලීම්, ගිලා බැසීම්, වලවල් සහ ලිහිල් වී​ම වැනි මතුපිට හානි හඳුනා ගැනීම සඳහා තක්සේරුව සැලසුම් කර ඇත. අධි තාක්‍ෂණික ලේසර් උපකරණ මගින් මාර්ගවල තත්ත්වය හඳුනා ගැනීමට භාවිත කෙරේ. මාර්ග සහ පහසුකම් නඩත්තු, රථවාහන සහ මාර්ග නියෝජිතායතනයේ, RTA හි අධ්‍යක්ෂ Hamad Al Shehhi පැවසුවේ: “පදික වේදිකාවේ තත්ත්වය…

Read More

ඩුබායි කර්මාන්ත අංශ​යේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම​ට මෙම නැගී එන තාක්ෂණයන් ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් වෙන් කර ඇති අතර, කර්මාන්ත පුරා ව්‍යාපාර රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරයි. ඉදිරි දශකය තුළ ගෝලීය රොබෝ විද්‍යාව සහ ස්වයංක්‍රීයකරණ වෙළඳපොලේ ඇති අවස්ථා සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඩුබායි කර්මාන්ත අංශ​යේ ප්‍රධාන ගෝලීය තරගකරුවෙකු බවට පත්වීමට සහ එහි දළ දේශීය නිෂ්පාදිතයට (GDP) අංශයේ දායකත්වය වර්ධනය ඉදිරි වසර 10 තුළ 9% කිරීම සඳහා ඉලක්ක කරයි. තම අනාගත ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට සහ රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණ තාක්ෂණය සඳහා ප්‍රධාන ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සඳහා, ඩුබායි එක්සත්…

Read More

ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 102,545 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2022 වසරේ ජනවාරි මාසය හා සසදන විට එය 24.5%ක ඉහළ යාමක් බවද එම අධිකාරිය සඳහන් කරයි. එසේම 2022 මාර්තතු මාසයෙන් පසුව මෙරට සංචාරක පැමිණීම ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වෙනවා.

Read More

2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 31% කින් පහළ ගොස් තිබෙනවා. 2021 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 5,491 ක් වූ ශ්‍රමික ප්‍රේෂණ 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3789ක් දක්වා පහළ ගොස් තිබුණා. ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසරට අදාළව නිකුත් කළ බාහිර අංශ ක්‍රියාකාරිත්​ව වාර්තාවේ මේ බව දැක්වෙනවා. කෙසේ වෙතත් 2022 වසරේදී අග භාගයේදී ශ්‍රී ලංකාවට විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සැලකිය යුතු ආකාරයට ප්‍රකෘතියක් ලබා තිබෙනවා. නොවැම්බරයේ ඩොලර් මිලියන 384ක් වූ ප්‍රේෂණ ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 476 දක්වා ඉහළ ගොස් තිබුණා. මෙය 2022 වසරේ වාර්තා වූ ඉහළම මාසික ප්‍රේෂණ ප්‍රමාණය වෙනවා. ශ්‍රී ලංකා මහ…

Read More

අඟහරුවාදා රාත්‍රියේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ILT20 තරඟාවලියේ 23 වන තරඟයෙන් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සිය තුන් ඉරියව් ශක්තිය ප්‍රදර්ශනය කරමින් සාජා වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක තියුණු ජයක් වාර්තා කලා. ශ්‍රී ලංකා පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සාජා වොරියර්ස් කණ්ඩායමට එරෙහිව සිය අවසන් තරගයේදී කඩුලු 3ක් දවාගනිමින් නව වයිට් බෙල්ට් දරන්නා බවට පත්විය. DP World ILT20 තරගාවලියේ 23 වැනි තරගයෙන් සාජා වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 22 ක ජයක් අත්කර ගැනීමට ප්‍රවීන පාදඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීමේ හැකියාව නිසා ඔවුන්ට හැකිවුනා. තරගයේ වීරයා සම්මානය, දිනයේ DP World Smart Deliver සම්මානය සහ තරගයේ Buzzmaker සම්මානය ද…

Read More

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අතර ඊයේ අබුඩාබි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම් හිදී පැවැති ක්‍රිකට් තරග​යෙන්ග ල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුලු 5 ක ජයක් ලැබුවා. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා. එම්. අයි. එමිරේට්ස් කන්ඩායම පන්ඳු ඕවර 19.5 තුල සියල්ලන්ම දැවී ලකුණු 139 රැස්කලා. පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 5 කට ලකුණු 143 ලබාගනිමින් තරගයේ ජය වාර්ථා කලා. අද පැවැත්වෙන තරග​ය ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර අද පැවැත්වෙන ක්‍රිකට් තරග​ය ඩුබායි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් හිදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. ඩෙසර් ට්…

Read More

ටෝකියෝ සිට ඩුබායි දක්වා පැමිණි එයාර්බස් A-380 ගුවන් යානයක, දරු උපතක් සිදුවී තිබෙනවා. මෙම දරු උපත සිදුව තිබෙන්නේ ගුවන් ගමන පැය 12යි මිනිත්තු 12ක අතරතුරදීයි. ​දරු උපතක් වැනි වෛද්‍ය අවධානය අත්‍යාවශ්‍ය මොහොතකදීත්, ඒ ​සඳහා වෙනත් ගුවන් තොටුපළකට ගුවන් යානය ගොඩබස්වන්නේ නැති​ව නි​යමිත වේලාවට ඩුබායි වෙත පැමිණි බවයි වාර්ථා වෙන්නේ. මෙම ගුවන් යානය ගොඩබස්වා ඇත්තේ ජනවාරි 19 වැනිදාය. වාණිජ ගුවන් ගමන් වල මැදිරි කාර්ය මණ්ඩලයට, හදවත් සංකූලතා හෝ දරු ප්‍රසූතිය වැනි ගුවන් ගමන අත​රේ ඇති විය හැකි වෛද්‍ය අවශ්‍යතා සඳහා සහාය වීම සඳහා පුළුල් පුහුණුවක් ලබා දෙනවා. ගුවන් යානයේ කපිතාන්වරයා, අණ දෙන නියමුවා ලෙස ඔහුගේ හෝ ඇයගේ කාර්යභාරය ඉටු කිරීමට, හදිසි…

Read More

නිවැසියන්ට වංචනික කෙටි පණිවුඩ (SMS/TEXT) සහ ඇමතුම් ලබා ගැනීමේ නව වංචාවක් පිළිබඳව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා. දුරකථන ඇමතුම් සහ පණිවිඩ යවනු ලබන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සේවය කරන බව කියන පුද්ගලයින් විසින් වන අතර, වින්දිතයාගේ පුද්ගලික තොරතුරු අමාත්‍යාංශයේ පද්ධතිය තුළ යාවත්කාලීන කිරීමට අවශ්‍ය වේ යැයි ඔවුන් දන්වා සිටී. ඔවුන් වින්දිතයාගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට වින්දිතයාගේ පුද්ගලික තොරතුරු බෙදා ගන්නා ලෙසයි. නිවැසියන්ගේ පුද්ගලික තොරතුරු (SMS/TEXT) හරහා යාවත්කාලීන නොකරන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. සැක සහිත ඇමතුම් හෝ කෙටි පණිවුඩ ලබා ගැනීමේදී ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලාංකික රියැලිටි වංශකථා​වේ හොඳම නිර්මාණයක් ලෙස සැලකෙන ශිහාන් මිහිරංග බොහෝ විට ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ “සිහින කුමරා” ලෙසයි හැඳින්වෙන්නේ. ලාංකික සංගීත ක්ෂේත්‍රයේ හැකියාවන් ගොන්නක් තුරැළුකරගත් ඔහු ජනප්‍රිය සංගීතඥයෙක්, තනු නිර්මාපකයෙක් සහ ගීතරචකයෙක් ද වෙනවා. ශිහාන් ඩුබායි දේශයට පැමිණෙන්නේ වසර 7 වැනි දිගු විරාමයකට පසුවයි. එවැනිම තවත් රියැලිටි නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ​ අතිශය ජනප්‍රියත්වයට පත් සුන්දර ගීත එකතුවකට උරුම කම් කියන ගායිකාවක් විදිහට කාංචනා අනුරාධිව හඳුන්වන්න පුළුවන්. තරුණ සිත් වශීකරවන මනමෝහනීය හඬකට උරුම කම් කියන ජනප්‍රිය මෙන්ම දක්​ෂ මෙම ගායක සුසංයෝගය එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ප්‍රථම වතාවටයි. ඔබ සවන් පිනවමින්, ගීත එකතුව තුල ඒකාත්මික වෙමින් සංගී​ත​ය…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, රොෂාන් මහානාම සමඟ එක්ව කටයුතු කර​න, හිටපු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් මහානාමගේ ක්‍රිකට් ක්‍රීඩාවට සහ සමාජ කටයුතු වල​ට ඇති බැඳීම හා විශාල දායකත්වයට උපහාර දැක්වීම සඳහා 20/20 ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක් සංවිධානය කොට තිබෙනවා. එම තරගය පෙබරවාරි 11 වැනි ඉරිදා සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (English School Cricket ground) සවස 2.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙම ක්‍රිකට් තරගය සඳහා තරග වදින්නේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු ICC තර​ග තීරක රොෂාන් මහානාමගේ නායකත්වයෙන් යුත් “We are Friends XI” කණ්ඩායම සහ හිටපු නාලන්දා ක්‍රිකට් නායක විරාජ් ගුරුගේ විසින් නායකත්වය දෙන ශ්‍රී ලංකා පාසල් “Invitation XI” කණ්ඩායම අතරයි.…

Read More