Author: Stanly Kularathna

සාජා නගරයේ මිල අඩු තට්ටු නිවාස සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් නව කුලී නිවැසියන්ට වැඩි කුලී ගෙවීමට සිදුවී තිබෙනවා. මෙම වසර මුලදී වසරක් සදහා ඩිරාම්18,000 සිට ඩිරාම් 20,000 දක්වා පිරිනැමූ එක් නිදන කාමරයක් සහිත නිවාස ඒකක දැන් ඩිරාම් 22,000 සිට ඩිරාම් 24,000 දක්වා ඉහල ගොස් තිබෙනවා. දේපල වෙළදාම් ආයතනයක් වන අන්සාර් රියල් එස්ටේට් වාර්තා කලේ නිවාස ඒකක 700කට අධික සංඛ්‍යාවකින් සමන්විත කුළුණු හතරක, වසර ආරම්භ වන විට මහල් නිවාස 70කට ආසන්න ප්‍රමාණයක් හිස්ව තිබූ බවත් – නමුත් ඒවා පසුගිය සති කිහිපය තුළ ඉක්මනින් වෙන් කරවා ගෙන ඇති බවයි. දේපල වෙළදාම් නියෝජිතයින්ට අනුව, වඩාත් දැරිය හැකි මහල් නිවාස වෙත…

Read More

අවුරුද්දක අවසන් සතිය උත්සව සිරියක් ගන්නේ නත්තලත් නව වසරක උදාවටත් ජනතාව සතුටු සිතින් ලකලෑස්ති වෙන නිසාවෙනි. මේ උත්සව සමයේ ප්‍රමාණාත්මක ආරක්ෂක පියවර රැගෙන අනතුරු අවම කර ගැනීම කාලෝචිත වේ. මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට මෑතදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යාංශයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණ. මේ එහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන හා මහජන ආරක්ෂාව පිළිබඳ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා විසින් දැක්වූ අදහස්ය. මේ උත්සව සමයේ මහාමාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් සිදුකළ යුතුයි. උත්සව සමයේ ශ්‍රී ලංකා පොලීසිය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව නිලධාරීන් යොදවා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. මහජනතාව…

Read More

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා හා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් දකුණු කොරියානු ආපදා සහන පදනමේ සාමාජිකයන් අතර පැවැති රැස්වීමකට විනාඩි 30ක ප්‍රමාදයකින් පැමිණීම සම්බන්ධයෙන් එම පදනමේ සභාපතිගේ දැඩි විවේචනයට ලක්විය. සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේදී ඊයේ පැවති මෙම හමුවේදී වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට දකුණු කොරියාවට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම අරමුණ විය. මෙහිදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරී පිරිස විනාඩි 30ක කාලයක් ප්‍රමාදය පැමිණීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පදනමේ සභාපති චෝ සුංග් ලී සඳහන් කළේ පොරොන්දු ඉටු කිරීම හා වෙලාවට පැමිණීම අමාත්‍යවරුන්ගේ වගකීමක් බවයි. “නියමිත රැස්වීමක් විනාඩි 30 කින් ආරම්භ කිරීමට ප්‍රමාද වීම හොඳ සලකුණක් නොවේ. තම…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ග රේඩාර් පද්ධති වලට ග්‍රහණය විය හැකි පොදු උල්ලංඝනය කිරීම් 10ක් ස​හ උල්ලංඝණය කිරීම සඳහා හසු වූවන්ට දැඩි දඬුවම් සහ මාස ගණනක් වාහන රාජසන්තක කිරීමට පවා සිදු වියහැක. බොහෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රථවාහන පදවන්නන් සිතන්නේ රේඩාර් වලට හසුවිය හැක්කේ වේග ධාවකයන් පමණක් බවයි. නමුත් මෙම රේඩාර් පද්ධති සවිබල ගන්වා ඇත්​තේ ආසන පටි පැළඳීමට අපොහොසත් වීම ඇතුළු තවත් වැරදි කිහිපයක් හඳුනා ගත හැකි නවතම තාක්‍ෂණයන් ​සමගිනි. නීති උල්ලංඝණය කිරීම සඳහා හසු වූවන්ට විශාල දඩ මුදල් පමණක් නොව මාස ගණනක දඩයකටද මුහුණ දීමට සිදු වේ. සමහර වාහන ප්‍රසිද්ධ වෙන්දේසිවල වෙන්දේසි වීමකටද යටත්විය හැකියි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

Read More

උසම ගොඩනැගිල්ලේ සිට විශාලතම සාප්පු සංකීර්ණය දක්වාත් හොඳම හෝටල් දක්වාත්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ වාස්තු විද්‍යාත්මක අරුමපුදුම දේ පිරි සුන්දර නිවහනකි. එහි අනාගතය, ජීවත්වන මිනිසුන්ගේ මානසිකත්වය, සංචාරක හිතකාමී ප්‍රතිපත්ති සහ පහසු ජීවන තත්ත්වයන් සමඟින්, එය ජාතීන් 200 කට අධික සංඛ්‍යාවකට නිවහනකි. නමුත් රට ගැන කවුරුත් එක හඬින් ආදරය කරන එක දෙයක් තමයි රටේ ආරක්ෂාව. 2022 Gallup’s Global Law and Order වාර් තාව අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ මිනිසුන්ගෙන් 92% ක් රට තුළ තනිවම ඇවිදීම ආරක්ෂිත යැයි හැගෙන බව පවසා තිබෙනවා. පසුගිය වසරේ ජෝර්ජ් ටවුන් විශ්ව විද්‍යාලය එහි කාන්තා, සාමය සහ ආරක්ෂක දර්ශකය නිකුත් කලා. වයස අවුරුදු 15 සහ ඊට වැඩි…

Read More

2022 දෙසැම්බර් 20 වෙනි දින සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ එක් අංශයක් වන අබුඩාබි අරාබි භාෂා මධ්‍යස්ථානය, අරාබි භාෂාව ප්‍රගුණ කිරීම දිරිමත් කරන නව්‍ය ස්මාර්ට් ෆෝන් යෙදුමක් සංවර්ධනය කිරීමට සහය පලකොට තිබෙනවා. ‘Scan and Learn Arabic’ යෙදුම, ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට් පරිශීලකයින්ට නගරය වටා ඇති වස්තූන් ස්කෑන් කිරීමට ඉඩ සලසයි. ඉන්පසු එම වස්තූන්ට අදාල නාමය අරාබි භාෂාවට පරිවර්තනය කිරීම සිදුවෙයි. භාෂා ඉගෙනීම තුළින් පෝෂණය කරන ලද සහජීවන සමාජයක් නිර්මාණය කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල විධානයට සහාය වීම මෙම යෙදුමේ අරමුණයි. මෙම මුලපිරීම මගින් භාෂාව සංරක්ෂණය කිරීම සහ එදිනෙදා සමාජය තුළ එය අඛණ්ඩව භාවිතා කිරීම සහතික කරයි. මෙය ප්‍රජාවේ සෑම තරාතිරමකම අමුත්තන්ට…

Read More

2023 ජනවාරි 1 වන ඉරිදා, සියලුම පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල වැටුප් සහිත නිවාඩු දිනයක් වන බව මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) නිවේදනය කර ඇත. රජයේ සහ පෞද්ගලික අංශ සඳහා අනුමත නිල නිවාඩු දින පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් තීරණයට අනුව මෙම නිවාඩුව යෙදී ඇත.

Read More

රැකියා සහ දේපළ සඳහා නිකුත් කර ඇති වීසා ඇතුළුව කොළඹ වරාය නගරයේ ආර්ථික කටයුතුවල නිරත වීමට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ට නව වීසා කාණ්ඩ තුනක් හඳුන්වා දී ඇති අතර ඩොලර් 500,000 හෝ ඊට වැඩියෙන් ආයෝජනය කර​න ආයෝජකයින්ට ආයෝජනයක් සඳහා වසර 10ක් වලංගු වීසා බලපත්‍රයක් හිමිවෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ වීසා බලපත්‍රයේ වලංගුභාවය වසර 10ක් සඳහා පවතින “ආයෝජක” වීසා කාණ්ඩය සඳහා සුදුසුකම් ලැබීමට පෝට් සිටිහි අවම වශයෙන් ඩොලර් 500,000ක් ආයෝජනය කළ යුතු බවයි. වරාය නගරයේ සේවයේ නියුතු විදේශිකයින්ට “රැකියා” වීසා බලපත්‍රයක් ලබා ගත හැකි අතර, එය වසර පහක කාලයක් සඳහා වලංගු වන අතර, “නේවාසික දේපල” වීසා බලපත්‍රය…

Read More

ඩුබායිහි ගුවන්සේවා ඉංජිනේරු ව්‍යාපෘති ජ්‍යෙෂ්ඨ කොන්ත්‍රාත් පරිපාලකයෙකු ලෙස සේවය කළ මුරුගේසු සත්‍යසීලන් මහතාගේ හදිසි අභාවය පිළිබඳව බලවත් ශෝකයෙන් යුතුව ඔබ සැමට දැනුම් දෙන්නෙමු. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්, කැපවූ වෘත්තිකයෙක් සහ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්​ද විය. ක්‍රියාකාරී මානව හිතවාදියෙකු සහ අප සැමගේ සහෘදයෙකු වූ සත්‍යසීලන් මහතාගේ හදිසි නික්ම යාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔහුගෙන් ලද දායකත්වය බෙහෙවින් මග හැරෙනු ඇත. ඔහුගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. ඔහුට සදාකාලික ශාන්තිය අත්වේවා!

Read More

පසුගිය 13 වන අඟහරුවාදා සිට visit visa සම්භන්ධ නීති අලුත් වූවා. එමඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාර වීසා බලපත්‍රලාභීන්ට රට තුළ සිට ඔවුන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීම අත්හිටුවා තිබෙනවා.  එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රථම වරට අමුත්තන්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර රට තුළ සිට දීර්ඝ කිරීමේ විකල්පය හඳුන්වා දුන්නේ Covid වසංගතය කාලසීමාව අතරතුරයි. වසංගතය අතරතුර, සංචරණය දුෂ්කර වූ බැවින්, මානුෂීය සැලකිල්ල හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම වෙනස සිදු කලා. මේ අනුව සංචාර වීසා මත සිටින සහ ඔවුන්ගේ තත්ත්වය වෙනස් කිරීමට කැමති අය ඔවුන්ගේ වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ යුතු අතර, අනුමැතිය ලැබුණු පසු, ඔවුන් රටින් පිටවී නැවත ඇතුළු විය යුතුය.

Read More