Author: Stanly Kularathna

සාමාන්‍ය රථවාහන දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඩුබායි පොලිසිය, පසුගිය වසර තුන තුළ සමාජ මාධ්‍ය වේදිකාවල රථවාහන සම්භන්​ධ ප්‍රචාරණයන් සමඟින් පුද්ගලයින් 10,140,892 දෙනෙකුට ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. පාසල් ප්‍රදේශවල ඇතිවිය හැකි හදිසි දරුණු අනතුරු වල සිට සාමාන්‍ය ආරක්ෂාව දක්වා පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරමින් පොලිස් අධිකාරිය විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙලෙස දියත්කො​ට තිබෙනවා. ඩුබායි පොලිසියේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල් මාරි විසින් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ රථවාහන අංශයේ සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික පරීක්‍ෂණයේදී මෙම සංඛ්‍යාලේඛන අනාවරණය කලා. පදිකයින්ගේ ආරක්ෂාව, හදිසි ධාවන අනතුරු, ජීවිතයට තර්ජනයක් වන වේගය, ආරක්ෂිත දුරක් පවත්වා ගැනීමට අපොහොසත් වීමේ භයානක ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය වසරේ සිදු…

Read More

ඩුබායි හි නිවාස කුලී 2023 වසරේ දී තවදුරටත් ඉහළ යනු ඇත. විශේෂයෙන් වෙළඳපොල ඇති ඉල්ලුම ඉහල යාමට සාපේක්ෂව සැපයුමේ ඇති මන්දගාමී බව හේතුවෙන් මෙලෙස නිවාස කුලී ඉහළ යාමට හේතු වී ති බෙනවා. 2014 වසරේ සිට එමිරේට්ස් හි නිවාස කුලී පහත වැටීමේ ප්‍රවණතාවයක පැවති නමුත් වසංගතයෙන් පසු වෙළඳපොල ප්‍රකෘතිමත් වීම ආරම්භ වුනා. රැකියා වෙළඳපොලේ ප්‍රකෘතිමත් වීම මෙන්ම ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයින් වෙළඳපොළට ගලා ඒමත් සමඟ බොහෝ විදේශීය සේවකයින් ආපසු පැමිණීමත් මෙයට හේතුවී තිබෙනවා. දේපළ වෙළඳාම් උපදේශන සභාවේ හවුල්කරු වන David Abood, 2023 දී නිවාස කුලී ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.“ඉල්ලුම, සැපයුම ඉක්මවා යන බැවින් ප්‍රමුඛ වෙළඳපල ඉහළ කුලී අඛණ්ඩව අත්විඳිනු…

Read More

රාත්‍රී අහස ආලෝකමත් කිරීම සඳහා පොළවෙන් මීටර් සිය ගණනක් ඉහළට නැඟී එන ඩ්‍රෝන 500 ක් ඇතුළත් විස්මිත ඩ්‍රෝන සංදර්ශනයක් නැවත වරක් වාර්ෂික ඩුබායි සාප්පු සැණකෙළියේ (DSF) විශේෂ අංගයක් ලෙස ඉදිරිපත් කෙරෙනවා. 2023 ජනවාරි 29 දක්වා දිවෙන මෙම ඩුබායි සාප්පු සැණකෙළියේ, සෑම දිනකම The Beach, JBR සහ Bluewaters Island වෙතින් සවස 7ට සහ රාත්‍රී 10ට ඩ්‍රෝන් සංදර්ශන දෙකක් සිදු කෙරෙනවා. නරඹන්නන්ට ඩුබායි හි වර්තමාන දර්ශනය සහ එය 2040 වසරේදී කෙලෙස වේද යන්න අදහසක් ඉන් ලබා දෙනවා. මෙම සංදර්ශනය නිර්මාණය සඳහා ඉතා දිගුකාලයක් සහ ශ්‍රමයක් වැය කොට නිර්මාණශීලීත්වයේ සීමාවන් ඉක්මවා යන ආකාරයෙන් එලි දැක්වීමට බලාපොරොත්තු වෙන අතරම, අහසේ සිත් ඇදගන්නා සුළු කතාවක්ද…

Read More

දෛනික පැමිණීමේ සාමාන්‍යය 2,500 දක්වා වැඩි වී ඇති අතර සතිපතා පැමිණීමේ සාමාන්‍යය 16,000 දක්වා වැඩි තිබෙනවා. වත්මන් සංචාරක ආගමනය එලෙසම පවත්වාගෙන ගියහොත් දෙසැම්බර් මාසය සංචාරකයින් 75,000කින් පමණ විය හැකියි. දෙසැම්බර් මාසයේ මුල් දින 20 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබීම සංචාරක ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව දෙසැම්බර් 01 සිට 20 දක්වා කාලය තුළ ජාත්‍යන්තර අමුත්තන් 50,375 ක් මෙරටට පැමිණ ඇත. මෙය වසරේ මේ දක්වා (ජනවාරි 01 සිට දෙසැම්බර් 20 දක්වා) මුළු සංචාරක පැමිණීම් 678,392 දක්වා ගෙන එයි. ඒ අනුව දෛනික පැමිණීමේ සාමාන්‍යය 2,518…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී. මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිබවකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒසේම මෙම පද්ධතියේ බලපෑම නිසා දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං…

Read More

අබුඩාබිහි 2023 පළමු කාර්තුවේ සිට නේවාසික ප්‍රදේශවල පදිංචිකරුවන්ට, ඉඩම් හිමියන්ට දඬුවම් ලැබිය හැකි නීති උල්ලංඝනය විය හැකි අවස්ථා 18ක ලැයිස්තුවක් අබුඩාබිහි පළාත් පාලන ආයතන විසින් හඳුන්වා දී තිබෙනවා. 2023 පළමු කාර්තුවේ සිට පළාත් පාලන ආයතන නේවාසික ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ, ඉඩම් හිමියන්ගේ අනුකූලතාව සහතික කිරීම පිණිස නේවාසික අසල්වැසි ප්‍රදේශවල පරීක්ෂණ ආරම්භ කරනු ඇත. මෙහිදී නීති උල්ලංඝනය කරන්නන් හට ඩිරාම් 5,000 සිට ඩිරාම් මිලියනය දක්වා දඩ නියම කළ හැකි වෙනවා. ‘ඔබේ නිවස, ඔබේ වගකීම’ යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙම මාර්ගෝපදේශය, නේවාසික අසල්වැසි ප්‍රදේශවල අධික තදබදය මැඩපැවැත්වීම අරමුණු කරනවා. 2023 පළමු කාර්තුවේ…

Read More

මේ උත්සව සමයේ සාප්පු යන්නන්ට 90% දක්වා වට්ටම් සහිතව බඩු මිලදී ගන්නට ඩුබායි හි සුප්‍රසිද්ධ Majid Al Futtaim පැය 12 ක සාප්පු සවාරි අලෙවිය අ​ද නැවත පැවැත්වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට පැවැත්වෙන ඩුබායි ෂොපිං ෆෙස්ටිවල් මහා සැණකෙලිය හා ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන මෙම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන විශේෂ අවස්ථා වලින් එකක් පමණයි. දෙසැම්බර් 26දා, සඳුදා උදේ 10 සිට රාත්‍රී 10 දක්වා, නිවැසියන්ට සහ සංචාරකයින්ට, Mall of the Emirates, City Center – Mirdif, City Center – Deira, City Center – Me’aisem, City Center Al Shindagha සහ My City Center Al Barsha යන ස්ථා න වල මෙම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි.…

Read More

මෙම දිනය සැමරෙන්නේ, 2004 වසරේ දෙසැම්බර් මස අද වැනි දිනක සිදු වූ සුනාමි ව්‍යසනය සිහිපත් කරමිනි. සුනාමිය ඇතුළු සියලු ස්වභාවික ආපදාවලින් මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් අද පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 2005 වර් ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියළුදෙනා සිහිපත් කරමින් අඛණ්ඩව ජාතික උත්සවයක් ලෙස ජනතා සහභාගිත්වයකින් සිදුකරන ලද…

Read More

මෙවර නත්තල දිළිදුන් සමග සැමරිය යුතු බව නත්තල් පණිවිඩයක් යොමු කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ සදහන් කළේ ජේසුස් වහන්සේ ධනයට, බලයට පවතින කෑදරකම හේතුවෙන් මිනිසුන් විඳින දුක තේරුම් ගත් අයෙකු බවයි. කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේ දී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වමින් උන්වහන්සේ මේ බව පැවසුවා. “මේ ලෝකේ මනුෂ්‍යයෙකුගේ වටිනාකම රඳා පවතින්නේ ධනය බලය සහ පුළුවන්කාරකම මත නොවේ. නත්තල, මනුෂ්‍යයන්ගේ උත්තරීතරකම ගැන කියන්නේ අමුතුම පණිවිඩයක්. දෙවියන්වහන්සේ එවැනි තත්ත්වයක ඉපදුනේ මේ ධනය බලය සහ තමන් මේ එකතුකරගන්නා දේ තුළ වැදගත්කම කීර්තිය රඳා පවතින්නේ නැති බව පෙන්වන්නටයි. ධනය කාවන්…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශවලට සෙනසුරාදා සැහැල්ලු හෝ මධ්‍යස්ථ වර්ෂාපතනයක් ඇති වූ අතර අඩු වායු පීඩනය සහ වර්ෂාව බදාදා දක්වා පවතිනු ඇතැයි කාලගුණ ඒජන්සිය අනතුරු අඟවනවා. ගංවතුර සහ වැසි ජලය එක් රැස්ව ඇති ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස කාලගුණ මධ්‍යස්ථානය ජනතාවට වැඩිදුරටත් උපදෙස් දෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැගෙනහිර, උතුර සහ වෙරළබඩ ප්‍රදේශවලට වර්ෂාපතනයක් ඇති වුවහොත් ආරක්ෂිත පියවරක් ගන්නා ලෙස ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ප්‍රදේශවාසීන්ට දැනුම් දෙයි. ගිගුරුම් සහ අකුණු සමඟ විවිධ තීව්‍රතාවයෙන් යුත් වැසි සහිත සංවහන වලාකුළු සමඟ අස්ථායී කාලගුණයෙන් රටට බලපානු ඇත. උෂ්ණත්වය පහත වැටීමක් අත්විඳිය හැකි බවද මධ්‍යස්ථානය පවසනවා. සෙනසුරාදා, රසල් කයිමා, ෆුජයිරා, සාජා සහ ඩුබායි යන…

Read More